IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අප්‍රිකාව සමග ආර්ථික සබඳතා පුළුල් කෙරේ

 ( තිළිණි ද සිල්වා )

අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේදී බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම වැදගත්වන හෙයින් ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කිරීම වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරනු ලැබ ඇත.

බටහිර අප්‍රිකානු රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ආ‍ර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම හා පුළුල් කිරීම, සාමාජික රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීම, අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා අනුගත වීම යන අරමුණු පෙරදැරිව බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව (ECOWAS) 1995 වර්ෂයේදී ස්ථාපිත කෙ‍රුණු අතර, බටහිර අප්‍රිකානු රටවල් 15ක් එහි සාමාජිකත්වය දරයි. ඒ අතුරින් රටවල් 12ක් සමඟ ශ්‍රී ලංකාව විසින් දැනට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යනු ලැබේ.



අදහස් (19)

අප්‍රිකාව සමග ආර්ථික සබඳතා පුළුල් කෙරේ

de silva berlin Thursday, 27 July 2017 12:24 PM

මහජන මුදල් ප්‍රකෝටි ගණනින් හොරකම් කරනකොට පාලකයෝ ඒ අයගෙන් අල්ලස් අරන් ඇස්කන් පියාගෙන ඉන්නකොට, අනාගතයේදී ලංකාවත් ඉතියෝපියාවේ, සෝමාලියාවේ තත්වයට වැටෙන එක සිකුරුයි. එ් නිසා දැන් ඉඳන්ම අප්‍රිකාවේ රටවල් සමග සම්බන්ධකම් පවත්වමු...

:       17       306

lalin Thursday, 27 July 2017 01:58 PM

අපේ පාලකයෝ ගසා කන විදියට, ලංකාවත් අප්‍රිකානු රටක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි.

:       26       119

sachith Thursday, 27 July 2017 02:02 PM

සිල්වා මහත්තයා, දැනටම ඉතියෝපියාව අපිට වඩා සමහර අංශවලින් දියුණුයි. දැන් රටේ වෙන දේවල් හැටියට හිත හදාගන්න තියෙන්නේ..මේක සෝමාලියාවක් නොවේවා කියන එකයි.

:       20       107

lalith Thursday, 27 July 2017 02:56 PM

එ්ක හොඳ දෙයක්. දැන් වෙන්න යන දේවල් දිහා බලපුවාම ඉස්සරහට එහෙ තමයි නවතින්න වෙන්නේ. ඒ වුණත් අර ඔප්පු මිටිය අරන් පස්සෙන් එන එකනම් නවත්වන්න බැහැ.

:       11       75

සරත් Thursday, 27 July 2017 03:47 PM

කොහොමත් සම්භන්ද කම් තියාගන්න වෙයි. සෝමාලියාව දිහාවට තමයි මෙයා අපේ මහ බැංකුවත්ගෙ නියන්නේ. වාසනාවකට මේ ගස් කොලන් ටිකයි,වතුර ටිකයි තියෙන්නේ ඒක නිසා මිනිස්සු කාල බීල මැරෙන්නේ නැතිව ජීවත් වෙනවා. මේ අය ටික එකතු වෙලා ඒවත් විනාශ කරලා කාල කාන්තාරයක් කරපු දවසට අපිත් සෝමාලියාව වගේ වෙයි .එකේ ඉන්න පාලකයෝ වගේ අපේ පාලකයෝ ඉඳියි.

:       18       27

de silva Thursday, 27 July 2017 09:08 PM

අර ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට පටවනවා කියල කිවනේ, දැනට වහන් කියක් විතර යවල තියෙනවද දන්නේ නැහැ ?

:       19       110

Chali Friday, 28 July 2017 02:37 AM

දේශපාලකයන්ට විතරක් ද ලංකාවේ ඕනෑම හොර වැඩක් කරලා බේරිලා ඉන්න පුළුවන්?

:       0       27

ලුම්බිණි Friday, 28 July 2017 03:51 AM

මේ කියන්න හදන්නේ ඉතුරු රටවල් වලත් තානාපති කාර්යාල අරින්න යන වගක් වගෙයි මට නම් පෙනෙන්නේ. මගේ අදහස අපට වැදගත් රටවල් කීපයක් හැර අනෙක් අප්‍රිකානු රට වල තිබෙන තානාපති කාර්යාල වැසීමෙන් අපට මීට වඩා වාසිදායක වෙයි.

:       0       19

ONE SRILANKAN Friday, 28 July 2017 07:48 AM

බලාගෙන අප්‍රිකා පාලකයනි රවී එනවෝ...

:       1       165

mahee Friday, 28 July 2017 10:10 AM

"...විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරනු ලැබ ඇත...". මණ්ඩලේ ගැන හරි ආදරයක් ඇතිවෙනවා එක ඇහුවාම. හැබැයි ඒ අප්‍රිකානු රටවල මිනිස්සු නම් රෙදි අඳින්නේ ලජ්ජාවට කියලයි මං හිතන්නෙ. ඒ වගේම රෙදි නැතුව ඉන්න කට්ටියකුත් තවම එහෙ ඉන්නවා. අපේ මණ්ඩලයටත් අන්න ඒ කට්ටිය එක්ක එකතුවෙන්න පුළුවන් වෙයි දැන්මම ගියා නම්.

:       0       114

sam Friday, 28 July 2017 09:41 PM

ඔව්, ඔව් රෙද්දක්වත් නැතුව ඉන්න තැනක් හොයාගන්න එපෑයෑ ඉතින්.

:       0       63

Reks Saturday, 29 July 2017 01:45 AM

අලුත් තානාපති කාර්යාල... අලුත් ගොඩනැගිලි බද්දට ගැනීම්, අලුත් ගෘහ භාණ්ඩ මිලට ගැනීම්, අලුත් නිලධාරින් පත්කිරීම්, ... මේ ඔක්කොම කොමිස් පගා තමයි...

:       0       25

sanju Saturday, 29 July 2017 08:48 AM

මේ කන තරමට අපිට ආධාර ගන්න වෙන්නේ ඉතියෝපියාවෙන් තමා. මෙහෙමත් මහා දවල් පෙනී පෙනී හොරකම් කරලත් තාමත් ඉන්න පුළුවන් රටවල් තියෙන්නේ අප්‍රිකාව සහ ලංකාවේ විතරයිනේ. හොඳා හොඳා ලංකාවේ ආණ්ඩුවේ අයට මුකුත් කරන්න බැහැනේ. මොකද ඉන්න ඔක්කොම වගේ හොරකම් කරනවනේ... නේද?

:       0       12

de silva berlin Saturday, 29 July 2017 03:33 PM

නයිජීරියාව සෞදි අරාබියට වැඩිය තෙල් පිට රට පටවනවා. නමුත් එහි ජනතාවගෙන් වැඩි හරියක් මන්දපෝෂණයට හෝ වෙනත් රෝගාබාධයන්ට ගොදුරු වී ඇති අතර ජනගහනයෙන් වැඩි කොටසකට නිසි අධ්‍යාපනයක් ලැබී නොමැත. නමුත් රට පාලනය කරන දේශපාලකයන්ට ඩොලර් ට්‍රිලියන ගණනින් මුදල් ස්විස් බැංකු ගිණුම්වල ඇති අතර ඔවුන් නිතරම ඉස්තරම්ම බටහිර පන්නයේ ඇඳුම් ඇඳගෙන නිතර නිතර බටහිර රටවල සහ ඇමෙරිකාවේ සංචාරය කරති , අපි "අලිබබා සහ හොරු හතලිහ" ගෙදර යවා බලයට පත්කරගත්තේ බටහිර පන්නයට ඇඳගත් නයිජීරියානු පාලකයන්ගේ මොඩල් එකේ අලුත් පිරිසක්ද ?

:       2       106

ARUNALUMonday, 31 July 2017 07:31 AM

කවුරුත් කියවා බැලිය යුතු ඉතාම හොඳ අදහසකි.

:       0       21

kumara Sunday, 30 July 2017 06:53 AM

අරලියගහ මැදුරටමයි දාන්න වටින්නේ....

:       0       26

චන්දා Monday, 31 July 2017 11:08 AM

ජාතියේ පිනට පහළ වූ යුගයේ මහා බුද්ධිමත් ආර්ථිකය ඝාතනය කරන්නා වෙන්න ඇති....

:       0       19

Lakvidu Tuesday, 01 August 2017 12:38 AM

ඇයි ලොතරැයි විකුනන්නද?

:       8       54

raveendra Monday, 07 August 2017 03:37 PM

දැන් ඉතින් ජේලර් උන්නැහේලගේ සම්බන්දකම් පවත්වන්නඋත්සහගත්තොත් හොදා. කුම්බලාවෝ කුරීයපිටින් ගිල්ලනම් වමරන්නත් ඕන කුරියමතම.

:       0       28

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1877 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 641 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site