IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අඩු වියදමින් 5 කට යා හැකි ජීප් රියක්

(කාංචන කුමාර ආරියදාස)

රුපියල්  55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි  ජීප් රථ නිපදවන අපූරු කාර්මිකයකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්කයාය දුෂ්කර ගම්මානයකින් වාර්තා වේ.

ඔහු නමින් ඩී.එච්.එම්. සිසිර කුමාර (36) මහතායි.  කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට  ඇලුම්කමක් දැක්වූ ඔහු මේ වනවිට යතුරුපැදියක එන්ජිමක් යොදාගෙන පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථය නිෂ්පාදනය කර තිබේ.

මෙම අපූරු ජීප් රථය පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකි වේ. විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ මෙය නිෂ්පාදනය කළ බව සිසිර කුමාර මහතා පැවසීය.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ ඔහු විදුලි කාර්මිකයකු මෙන්ම පෙදරේරු රැකියාවේ නිරතවන්නෙකි. නිවසේ සිටින අවස්ථාවන්හිදී ඔහු විවිධ දෑ නිෂ්පාදනය කරන බව කීය.

මෙම වාහනයේ ගියර්,තිරිංග,විදුලි පහන්,පසුපසට ගමන් කිරීමට ආරක්‍ෂිත බද පටි ආදී වාහනයකට අවැසි සියලු උපාංග මේ ජීප් රථයේ පවතී.

කුඩා කාලයේ හෙළිකොප්ටරයක් නිෂ්පාදනය කළ බවත් පසුව කුඩා යතුරුපැදි එන්ජිමක් උපයෝගී කරගෙන පුද්ගලයන් දෙදෙනකුට ගමන් කළ හැකි කුඩා රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව ඔවුහු පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ඉතා ශක්තිමත් මෙම ජීප් රථය නිපදවා තිබේ.

මේ වන විට ධාවන තත්වයේ පවතින මෙම ජීප් රථය ඕනෑම අයකුට පරීක්ෂා කර බලා අඩු මුදලකින් තමාට මෙවැනි ජීප් රථ තවදුරටත් නිෂ්පාදනය කළ හැකි බවත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් උදව් උපකාර කරන්නේ නම් මෙරට තුළම මෙවැනි ජීප් රථ නිෂ්පාදනය කළ හැකි බව හෙතෙම සඳහන් කර සිටියේය.

ත්‍රිරෝද රථවල යොදන ටයර් සහ ගරාජ් වලින් ඉවතලන විවිධ කොටස් සොයාගෙන ඉදිරිපසට සහ  පසුපසට ද ගමන් කිරීම සාමාන්‍ය වාහනයක තත්වයේ පවතී.

මෙතෙක් මෙම ජීප් රථය පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවුණු බවත් ඕනෑම අයකුට තම නිවසට පැමිණ මෙය පරීක්ෂා කිරීමට හැකි බවද ඔහු කියා සිටී.

ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසු වුවද තම ප්‍රදේශයේ පවුල සමඟ ගමන් බිමන් යෑම සිදු කරන බවත් විශාල මුදලක් වියදම් කර විදේශ රටවලින් ගෙන්වන  වාහන අතරට සංචාරක කෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස මෙරට දීම තමන්ට මෙම ජීප් රථය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවද ඒ සදහා රජයේ සහයෝගය අවැසි බව හෙතෙම පෙන්වා දුන්නේය.

 



අදහස් (62)

අඩු වියදමින් 5 කට යා හැකි ජීප් රියක්

jaya Sunday, 08 September 2019 12:17 PM

උත්සාහය නම් අගය කරනවා. නමුත් මේක මහ ලොකු වැඩක් නම් නෙවේ. නමුත් ලංකාව වගේ ආර්ථික අපහසු ඇති දුප්පත් රටක තරුණයෙක් නව නිර්මාණ සඳහා හිත යොමු කිරීම අගය කළයුතු කාරණාවක්... නමුත් අද ලෝකයේ අන්තර්ජාලය හරහා සන්නිවේදනය වෙන තාක්‍ෂණික දැනුමත් එක්ක මේක බොහොම ප්‍රාථමික වැඩක්... ඔය තරුණයාට වෙන්නේ ඕක ගෙදර තියාගෙන බලබල ඉන්න තමයි. මොකද ඔය තරුණයාට තාක්‍ෂණික දැනුම දීලා උඩට ගන්න කෙනෙක් එන්නේ නෑ. ඒක විශ්වාසයි. අනික තමා මොනවද මේ ජීප් රථ කියන්නේ. ජීප් කියන්නේ වාහන වර්ගයක් හරියට නිසාන් ටොයෝටා වගේ. ජීප් කියලා එක එක මාදිලියේ වාහන තියෙනවා..

:       3341       318

PrabhaSunday, 08 September 2019 03:59 PM

සර්ව අසුබවාදියෝ කියලා කොට්ඨාශයක් මේ ලෝකේ ඉන්නවා. ඒ ඔබලා වගේ අයයි.

:       97       1053

gunarathnaThursday, 12 September 2019 04:22 AM

ප්‍රභා මේ අසුබවාදියෙක් නෙමෙයි. යම්කිසි දැනුමක් තියෙන කෙනෙක්. මෙහෙම කිව්වට මේකට 50000ට වැඩිය යන්න ඇති. කාර්මික දැනුම තියෙන, සල්ලි තියෙන ඕනෑම කෙනෙකුට මෙහෙම දේවල් කරන්නට පුළුවන්. කරන එක නොවේ ප්‍රශ්නය මෙහෙම හදල පාරේ යන්ට පුලුවන්ද? ඔබට හොඳින් බලන්ට පුළුවන් මේ පොටෝ දිහා බලන්ට දුෂ්කර පළාතක්... පාරවල් වැලි පාරවල්. මේ පුද්ගලයාට මේ වාහනේ වටිනවා. මොකද දරුපවුල එක්ක ගමේ වැඩවලට යන්ට පුළුවන්. අඩුම ගානේ මේ වාහනේ සූර්ය බලයෙන් හරි යන්ට හැදුවා නම් වටිනවා...

:       218       17

AmalSunday, 08 September 2019 05:13 PM

කටින් බතල හිටවන ඔබ වගේ මිනිස්සු ලංකාවේ ඕනෑතරම් ඇත, මට හොදටම විශ්වාසයි ඔබට සරුංගලයක් වත් හදන්න බැරි කෙනෙක් වෙන්න ඇති , මොහුගේ උත්සාහය හැටියට ඔහුට සතුටු වියහැකි ප්‍රතිපල තියනවා ටිකෙන් ටික මේක තව තවත් දියුණු කරන්න ආර්ථික බසුබිම සැලසේවා

:       8       602

ච්න්තාMonday, 09 September 2019 12:23 AM

ජයා මහතා ත්‍රීවිල් එකේ අඩු පාඩු ටික බජාජ් කොම්පැණිය ට කියලා බලන්න හිතෙන්නේ නැතිද. ඔයා හොද ට බලන්න කුඩයක් ඉහලා ගෙන රෝද තුනක් උඩ පැයට කිලෝ මීටර් අසූවක වේගයෙන් යනවා නේද. රයිට් සහෝදරයන් උඩ යවපු පලමු ගුවන් යානයේ චායාරූපයක් බලන්න .එකපාරට බෝයින් 777 හදන්න ගියානම් අපි තාමත් බිම. සිසිර කුමාර මහත්මයාණෙනි සුභ පැතුම් .

:       2       581

jayaMonday, 09 September 2019 08:24 AM

සමාවෙන්න මට අමතක වුණු ශ්‍රී ලංකාව අද තියෙන්නේ රයිට් සහෝදරයෝ මුලින්ම අහසට ගියපු යුගයටත් පස්සෙන් බව...​, සත්‍යය තේරුම් ගත්තට ස්තුතියි.

:       590       60

katubadde apiMonday, 09 September 2019 03:07 AM

මේ ලිපියේ අපිට කවදාවත් ගොඩ එන්න බැරි සහජයෙන්ම අපේ කරුමයට ජාතියට හිමිව ඇති කකුලෙන් ඇදීමේ ගතිය පිලිබිම්බුවෙනවා සර්ව අසුබවාදී චින්තනයත් හැමදාම එක තැන ඉන්න බලපානවා නුතන තාක්ෂනය පටන් ගත්තේ මේ වගේ නිෂ්පාදන වලින් බව ජය අවබෝද කරගත යුතුය රෝද දෙකේ අත් ට්‍රැක්ටරය ලොවට හඳුන්වා දුන්නේ රේ විජේවර්දනයන් කටුබැද්දේ එවකට තාක්ෂණ ආයතනයේ සිසුවෙක් ලංකාවේ මිනිසුන් ඔහුගේ නිපදවීම අගය නොකළ නිසා එංගලන්තයට ගොස් ලෑන්ඩ් මාස්ටර් නමින් ලොවටම හඳුන්වා දුන්න අපිත් උගෙන ගත්තේ එතන අපිමෙය ඉහලින් අගය කරනවා

:       2       509

KumarThursday, 12 September 2019 04:35 PM

ලෑන්ඩ් මාස්ටර් එක නිපදවූවේ වතු සහ කුඹුරුවල වැඩ කරන්න. නැතුව මහපාරේ වේගයෙන් යන්න නොවේ... දැක්කේ නැද්ද අත් ට්‍රැක්ටරයක් කැරකිලා පාරෙන් පිට පැනලා පල්ලමකට ගිය හැටි...? පිටුපස ට්‍රේලරයේ සිටි අයට තුවාල වෙලා බේරුණු එක ඇති...

:       181       1

jayaMonday, 09 September 2019 07:29 AM

අර වතුරෙන් වාහන දුවන්න හදපු කෙනා කෝ දැං. පෙන් ටෝච් බැටරි දෙකකින් පිස්තෝලයක් හදපු කෙනා කෝ දැං. අත්‍ට්‍රැක්ටරය මොකද ලෑන්ඩ් මාස්ටර් වුනේ. වචනවලට විතරක් සීමාවෙච්ච පිස්සු දූපතේ අපේකම​. කාර් හදන්න කලින් සැමන් ටින් එකක් හැදුවා නං මොකද​?.. මේක හරියට පැයට කිලෝමීටර් 600ක වේගයෙන් දුවන දුම්රිය තියන ලෝකෙට ගොං කරත්තයක් නැවත නව නිර්මාණයක් විදිහට එළියට ආවා වගේ. ලෝකෙට මේක පෙන්නුවොත් හිනාවෙයි පිටිපස්සෙන්...

:       644       45

janahitha Tuesday, 10 September 2019 05:59 PM

ලෑන්ඩ් මාස්ටර් වුනේ ඔබලා වැනි සර්ව අසුබවාදී කිසිවක් අගය නොකරන අවමාන කරන පිරිස් එදත් සිටිය නිසා වන්නට ඇති.. මේ අදහස් ජාතියට වැඩදායක නොවේ. එතරම් සැලකිය යුතුත් නොවේ..

:       0       55

vipulaMonday, 09 September 2019 09:35 AM

ඔබ ඉන්දියාවේ හිටියා නම් ත්‍රීවීල් එක හදන්නේ නැහැ. ඉන්දියාවෙන් පන්නලා. ඔබ වගේ නොහැකියාවෙන් පෙලෙන්නන්නේ මේ ආණ්ඩුවේත් ඉන්නේ...

:       9       305

AnuruddaWednesday, 11 September 2019 02:57 AM

තෝමස් අල්වා එඩිසන් මහතා බල්බය 999 වතාවක් නිපදවා අසාර්ථක වුණා. නමුත් 1000 වන අවස්ථාවේදී එය සාර්ථය වුණා. සිසිර මහතා ඔබට සුභ පැතුම්.

:       0       253

ChinthakaWednesday, 11 September 2019 04:33 AM

කෙනෙක් යමක් කළාම ඇගයීම හෝ විවේචනය කළ යුුතුදේ මොකක්ද යන්න තේරුම් ගන්න උත්සහ කරන්න.

:       0       89

Sugath PremalalWednesday, 11 September 2019 09:07 AM

ඔබතුමා ශ්‍රී ලාංකිකයෙක්ද කියන එක අපිට හරි ප්‍රශ්නයක්. අපේ රටේ තාක්ෂණයත් , කාර්මික සම්පත් ගැන හිතල බැලුවහමත් මෙය නිෂ්පාදනයය කළ මහතා අගය කළ යුතුයි. මොකද මෙවැනි වාහනයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය සහ අනිකුත් දේවල් ගැන සමීක්ෂණයක් කලොත් එය අපේ වගේ රටකට ගොඩක් වටිනවා. කිසිම තර්කයක් නැතුව අපේ සිහලයන් අවතක්සේරු කරන්න එපා.එවැනි පුද්ගලයන්ට වචනයකින් හෝ අපි උදව් කරන්න, අගය කරන්න ඕනි.

:       0       262

dumindaThursday, 12 September 2019 07:37 AM

මෙතුමා කියපු කතාව හුඟක් අයට තේරිලා නැහැ. කමෙන්ට් දාපු හුඟක් අය කිසිම වග විභාගයක් නැතුව වචන අර්ථය බලල දඟලනවා. මේ රට පස්සට ඔය වගේ දැක්ක ගමන් බුරලා පස්සේ වුණු දේ බලන අය නිසා තමයි.. දැන් අපිට ඕනෑ අද ලෝකයත් එක්ක අනුගත වෙන නිර්මාණ මිසක් මීට අවුරුදු 50 කට 75 කට එහා තිබුණු දෙයක් නොවේ. වැඩිය ඕනෑ නෑ මෙතන ඉන්න දේශප්‍රේමීන් සුපර් මාර්කට් එකට ගිහින් ලංකාවේ හදපු කොස්සක්වත් ගන්නවද? චීනෙන් එන ප්ලාස්ටික් කොස්ස මරු කියලා එ්ක අරන් එනවා.

:       36       11

Kumar Sunday, 08 September 2019 02:32 PM

ඔය සැකිල්ලක් වගේ වාහනය යමක ගැටුණොත් එහි සිටින සියලු දෙනාම පරලොව යන්න ඉඩ තිබෙනවා. අඩුගණනේ එහි ගමන් ගන්න අයගේ හිසට උඩින් පෙරලුණු අවස්ථාවක ආරක්ෂා වෙන්න රාමුවක් තිබෙන්න ඕනේ... නැතිනම් පැත්තෙන් වාහනයක් ගැටී පෙරළුණොත් එහි සිටින අය මතට වැටෙන්න ඉඩ තිබෙනවා. මගේ විවේචනයට කවුරුත් අකමැති වුණත් එ්ක තමයි ඇත්ත. මේ රටේ ඔය වාහනයේ ළමයින් සමග ගමන් කළොත් සිරගෙදර ලගින්න පුළුවනි...

:       1158       603

moratuve api Monday, 09 September 2019 03:13 AM

එය දියුණු කල හැකිය කකුලෙන් අදින අදහස සිංහලයට ( දකුණු ඉන්දියාවෙන් පැමිණ සිංහල කතා කරන ) උරුම වී ඇත නමුත් රාවන පරපුර එසේ නොවේ සිගිරිය උදාහරණයකි

:       106       392

SenarathMonday, 09 September 2019 03:34 AM

ඔබකියන කරුනෙත් යම් සතයක් තියෙනවා, ආරක්ෂාව පැත්තෙන් ටිකක අවදානම්. ඒ වුනාට මේ වගේම විවෘතව යන්න හදපු වාහන අපේ රටේ දැනට අවුරුදු 50 ක විතර සිට තියෙනවා. උදාහරණයක් විදියට "මිනි මොක් " කියන වර්ගය. නම සමහරවිට වෙනස් වෙන්න පුළුවන් මගේ මතකය අනුව කිවුවේ. අනිවාර්යයෙන්ම ඔබලත් දැකල ඇති .

:       0       245

KumarMonday, 09 September 2019 04:24 PM

මහත්මයා දැකල තිබෙනවා නේද ත්‍රීවීල් එකක් ගැටුනහම සිද්වෙන දෙය. ඔබ කියන මින්මොක් එක දැන් නිපදවන්නේ නැත්තේ එහි ගමන් ගන්න මගීන්ට අරශාවක් නැති නිසා. ලංකාවේ බොහොමදෙනා කැමති SUV රථයක් ඉහත සඳහන් හේතු නිසා ඇමෙරිකාවේ විකිණීම තහනම්.

:       62       0

රජින්ද Sunday, 08 September 2019 02:35 PM

කුහකයින්ගේ අදහස්, උදහස් වලට වැඩිය නූතන මහජනතාව ඔබවැනි අයව අසීමිතව පසසනවා. ඉඳිකට්ටක්වත් හැදෙන්නේ නැති මේ රටට අවශ්‍ය දුර දක්නා නුවණක් තියෙන පාලකයෙක්.., අන්න එදාට ඔබතුමාට සහ අපි හැමෝටම හොඳ කලක් යාවි...

:       41       728

sandy123Sunday, 08 September 2019 04:49 PM

යමක් ගැන ප්‍රතිචාර (විශේෂයෙන් විවේචන) ලියන්න අපේ රටේ ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. නමුත් යමක් කරන්න නම් එක මනුස්සයෙක්වත් බෙහෙතකටවත් හොයා ගන්න අමාරුයි. අඩුපාඩු ඇති. නමුත් එය වටහලා දීලා හරි මගට යොමු කිරීමට කියන ක්‍රම තියෙනවා. කරපු දේ හරි නැහැ. හොද නැහැ යනුවෙන් කියලා ඒ කරපු මනුස්සයාව බාල කරලා කතා කරන එක සම්පුර්ණයෙන්ම වැරදියි. විවේචනය කල පුද්ගලයා කල එක දෙයක් කියන්න පුලුවන්ද?

:       3       431

aruna Sunday, 08 September 2019 03:00 PM

කුමාර සහ ජයා යන දෙදෙනාම කුහකයින්. ඔබ රටටම ආඩම්බරයකි. ඔබගේ නිපැයුමේ පින්තූර සහ විස්තර මයික්‍රෝ, ඩීමෝ අයි.ඩී.එල්. මෝටර්ස් වැනි ආයතනයක කළමනාකරණ අධ්‍යක්ෂකවරයකු හමුවෙන්න. අනිවාර්යයෙන් ඔබගේ නිෂ්පාදනයට නියම ඇගයීමක් ලැබෙයි. ඔබට ප්‍රධාන තනතුරකුත් ලැබෙයි. එම කාර්යය වෙනත් අයට පවරන්න එපා. ඔබම කරන්න. දේශපාලුවන් පසුපස යන්න එපා...

:       2       937

ලංකාපුත්‍රMonday, 09 September 2019 01:16 AM

අරුණගේ අදහස ඉතාම නිවැරදියි.සිසිර කුමාර වැනි බුද්ධිමතුන් මෙරට කොතෙක් සිටියත් ඔවුන්ගේ නිමැවුම් අගයන කිසිවෙක් නැහැ.පාලකයින් සිතන්නේත් හැමදෙයම රටින් ගෙන්වා ගැනීමටයි.කෙනෙක් කියන්න පුළුවන් ගෙනාවම රේගු ගාස්තුවලින් රටට ආදායම් ලැබෙනවා කියල.ඔවුන් හිතන්නේ නැහැ ආනයනයේදී වැයවෙන්නේ ජාතික ධනය කියල.තව කෙනෙක් කියාවි මේවා නිපදවුවහොත් වාහන ආනයන කරුවන් අතරමං වෙනවා කියල.කොටින්ම කියනවානම් අත්ටැක්ටරය මුලින්ම සොයාගත්තේ සිංහලයෙක් වුනාට ඒකාලෙත් එය නිපදවන්න ඉඩ දුන්නේ නැහැනේ.ඒ සමගම කුමාර් නැමැත්තාට කියන්න කැමතියි ජීප් කියන්නේ මෙයට වසර 40 කට 50 කට පෙර දුෂ්කර පලාත්වලට යාමට රජයේ කාර්යාලවල පාවිච්චිකලේ ජීප්රථ කියල.අපි බලමු වොක්ස්වගන් වාහන හදනවා කියපු කට්ටිය මේකටවත් උදව්වක් දේද කියල

:       0       153

KumarMonday, 09 September 2019 04:39 PM

ඇත්ත කියනකොට කුහකයෙක් කිව්වට කමක් නැහැ. ඔබ සඳහන් කර තිබෙන ජීප් රථ දැන් නිපවන්නේ නැහැ . හේතුව ජිවිත ආරක්ෂාව හිඟ කම. අලුත් ජීප් රථවල ජිවිත ආරක්ෂාව සඳහා නව සැකිල්ලක් ඇත.

:       165       0

kolam boss Sunday, 08 September 2019 06:43 PM

ගොල්ෆ් කාට් කියල වාහන මාදිලියක් තියෙනවා .මෙය ඒ ගණයට ඇතුල් කරන්න පුළුවන් . නැතුව ජීප් කියන වාහන වලට සමාන කරන්න බැහැ. මෙය ගොල්ෆ් කාට් වාහන ගණයට ඇතුල් කරලා ලොකු ගොල්ෆ් කොස් වල , විශාල කර්මාන්ත ශාලා ඇතුලේ එහෙමෙහෙ යන්න , සහ පාරක් නොවන ස්ථාන වල ලියාපදිංචියකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් තැන වලට හඳුන්වා දෙන්න හොඳ වාහනයක් බව පෙනෙනවා . එහෙම හඳුන්වා දුන්නොත් මේකේ මිල ගණන් අනුව යම් විප්ලවයක් කරන්න හැකි වේවි . නැතුව ඕක ගෙදර තියාගෙන පාරට දාන්න අවසර ඉල්ලන්න ගියොත් එය නම් මේ වාහනය තියෙන තත්වය අනුව කිසිදා ලැබෙන එකක් නැහැ . ලෝකේ ගොඩක් රටවල මිනිස්සු ඔය වගේ විවිද වාහන නිෂ්පාදනය කරනවා . මම දැක්ක ලඟදි කෙනෙක් ලම්බෝගිනියක් හදල තියෙනවා විදේශ රටක. ඒකට තිරිවිල් එකක් හදන්න යන වියදමවත් ගිහින් තිබුනේ නැහැ . වාහනෙත් පෙනුමයි . කොහොමත් මේ වාහනය ගැන කවුරු කොහොම කිවුවත් මේ තත්වයෙන් නම් ඔය කියන කිසිම කෙනෙක් තම පවුල එක්ක අපේ රටේ පාරක නම් පදින්න කැමතිවෙන එකක් නැහැ . බස් කාරයෝ ටිපර් කාරයෝ , දේශපාලකයෝ යන යාමේ හැටියට මේක වැදුනොත් එහෙම .

:       1       132

jayaMonday, 09 September 2019 07:21 AM

ක්ලබ් කාර් ,ගොල්ෆ් කාට් ආදි සියළුම මෙවැනි වාහන දුවන්නෙ විදුලියෙන්.

:       293       15

චමින්දMonday, 09 September 2019 10:14 AM

කෝලම් බොස්... දරුවෙකු උපන් විලසින් සිටිනවා වගේ මෙම ජීප් රථයත් තියෙනවා කියල මට හිතෙන්නේ. ඇඳුුමක් අන්දලා මාල, වළළු ටිකක් දාලා මේකප් තට්ටුවක් උලලා ගත්තම යස හැඩකාර මනමාලියක් වගේ හිටීවි..

:       0       63

kolam boss Sunday, 08 September 2019 06:48 PM

මොහු පිළිබඳව විස්තර දෙන්න . මට පුළුවන් මොහුට ගැනුම් කරුවන් සොයාදෙන්න . හැබැයි තව ටිකක් වැඩි දියුණු කරන්න වෙනවා විකුනන්න කලින් . ඒක මට කියල කරගන්න පුළුවන් .

:       0       129

thilak Sunday, 08 September 2019 11:14 PM

අගය කල යුතු උත්සහායක්. මා අසා තිබෙන පරිදි ලංකාවේ වාහන නිෂ්පාදනය සඳහා අවශ්‍ය යකඩ, ඇලුමිනියම්, තඹ, වීදුරු වැනි මුල ද්‍රව්‍ය නොමැති බැවින් ඒවා ආනයනය කොට, වාහන දේශීයව නිෂ්පාදනයට යන පිරිවැය, ඉන්දියාව, කොරියාව වැනි රටකින් නිම කල වාහනයක් ගෙන්වන පිරිවැයට වඩා වැඩි බවයි. හොඳ උදාහරණයක් නම් ලන්කිංක ඉංජිනේරුවෙක් වන රේ විජේවර්දන නිර්මාණය කල අත් ට්‍රැක්ටරය අවසානයේ නිෂ්පාදන කරේ ජපානයේ.

:       121       95

ROSHAN Monday, 09 September 2019 01:40 AM

විශිෂ්ට වැඩක්. ඉන්දියන් හැප්පුනොත් මැරෙන වාහන වලට වඩා මෙය හොදයි. අවස්යවන්නේ සැකිල්ල සක්තිමත් විදිහට ආවරණය කිරීමයි . ලොකු වගාබිම්වල, ගොල්ෆ් පිටිවල මෙයට සමාන වාහන බාවිතා කරනවා. පත්තරේ තියෙන අදහස් වලින්ම පැහැදිලි වෙනවා මිනිසුන්ගේ ඉරිසියාව. දැක්මක් සහිතව ඔබගේ අවසාන අරමුණ කරා යන්න හැකිවේව කියල ප්‍රාර්තනා කරනවා. ඔබට ජය.

:       0       255

nishantha Monday, 09 September 2019 01:48 AM

ජයා හා කුමාර දෙදෙනාගේ අදහස් අගය කරමි. මෙය තනිකර ගොල්ෆ් රථයක් අනුකරණය කර බොක්ස් බාර් වලින් තැනූ නිර්මාණයක්. හැබැයි ත්‍රි රෝද රථයට වඩානම් ඉතාම හොඳයි. ගොඩක් ලංකාවේ අය ත්‍රි රෝද රථ වල යන අය නිසා මරණ මන්චක වාහන අවුලක් නැහැ වගෙයි අදහස් දැක්කම පෙනෙන්නේ . දිනකට වන අනතුරු වලින් 80% ක් තුන් රෝද නිසා සහ අපරාද වලින් බහුතරයද ඒ හා සම්බන්ධ බව පත්තරයක් අරන් බැලුවම පේනවා. ඉතින් ඒවායේ යන අයගේ අදහස් රටට වැඩක් වෙයිද??

:       644       522

srilankan Monday, 09 September 2019 02:47 AM

මේ රථයේ නිෂ්පාදක මහතා වෙත, මේක අවසාන නිෂ්පාදනය කියල හිතන්න එපා, මෙය ප්‍රොටෝටයිප් එකක්, තව බොහෝ වෙනස් කම් වෙන්න ඕන, ඔබ වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක් නිසා මෙය ලෝකයේ අනාගත ට්‍රෙන්ඩ් එක අනුවම ගිහින් විදුලි වාහනයක් විදිහට වෙනස් කලොත් වඩා හොඳ වේවි, එහෙමත් නැත්නම් ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන ගමේ ඉඳල පොලට ගෙන යන්න පුළුවන් බර අදින්න පුළුවන් රළු පාවිච්චියට හොඳ වාහනයක් කරන්න, එහෙමත් නැත්නම් ගොවීන්ටම ලාභයට ඉන්ධන නිපදවාගෙන ධාවනය කල හැකි වාහනයක් කරන්න. ඩීසල් වෙනුවට පොල්තෙල්, පෙට්රෝල් වෙනුවට මෙතනොල් වගේ විකල්ප ඉන්ධන යෙදවිය හැකි රථයක් කරන්න, ඔබේ අනාගතය සරුසාර වේවා!

:       0       143

anura pathirana UAE Monday, 09 September 2019 03:14 AM

මොරටුව විශ්ව විද්‍යාලට ගෙන ගොස් වැඩි දියුණු කිරීමට අවැසි කටයුතු කරමි මුදල් යොදවමි එපමණය වාද විවාද අවශ්‍ය නොවේ

:       1       103

Suranga Monday, 09 September 2019 03:35 AM

වැඩක් නෑ, මොකද කවදාවත් මෙයාට මේක ලියාපදිංචි කරන බෑ අනික අරක්ෂිතත් නෑ................

:       273       4

rim Monday, 09 September 2019 06:09 AM

ඔබගේ උත්සාහයට සහ හැකියාවට හිස නමා ආචාර කරම්. මෙන්න හපන්නු අපේ ලොක්කෝ මේ ගැන බලල උදව්වක් කරානම් ඉතාම අඩු ගානට හැමෝටම වාහනයක සිහිනය හැබෑ කරගන්න පුළුවන් . පාටක් පක්ෂයක් නොබල රජයෙන් උදව් කරන්න ඔබට ජය පතමි …...

:       0       56

ටි ඉන්දික Monday, 09 September 2019 08:53 AM

මේ මනුස්සයා කරපු දේ අගය කරන්න බැරි කුහකයෝ ඉන්න කොට.. මෙහෙම උන් ඉන්න රටක ඉන්න හිතෙනවද ? අනුර පතිරණ වැනි මහත්වරු රටක් වටිනවා..

:       0       87

LALITHM Monday, 09 September 2019 09:04 AM

මොනයම් හෝ දෙයක් නිපදවන්නේ නැති ජාතිය ලෝකයේ පවතින්නේ නැහැ. එම නිසා මොකක් හැදුවත් ඒක අගය කරන්න ඕනේ. වැඩි දියුණු කරන එක පසුව කරන්න පුළුවනි. ලෝකයේ කොයි දේ හැදුවෙත් එහෙම තමයි. ඔය කියන බහුශ්‍රතයා ඉපදෙන කොටම ඇවිද්දද කියලා හොයලා බලන්න...

:       26       190

vipula Monday, 09 September 2019 09:32 AM

මේක ලංකාවේ ත්‍රිරෝද රථ වෙනුවට පාවිච්චි කරන්න බැරිද? ටෙන්ට් රෙද්දක් ගහලා තව වැඩිදියුණු කරලා හයිවේ යන්න බැරි වෙන විදිහට අවසර දෙන්න. ත්‍රිරෝද රථයත් මෙයත් බැලුවම මේකේ සැකිල්ලක් තියෙන නිසා හා රෝද 4ක් තියෙන නිසා යම්කිසි ආරක්ෂාවක් තියෙනවා...

:       0       60

wimal Monday, 09 September 2019 11:40 AM

55000, මේක හදන්න බැහැ අමාරුයි.., සාමාන්‍ය අදහස් හැකියාවන් තියන බොහෝ දෙනෙක් ඉන්නවා... කිසිම ආණ්ඩුවක් අත දෙන්නේ නැහැ මේ වගේ දේවල්වලට... ඕවා පිටරටවලට පෙන්වන්න කැමති නැහැ. අපේ ගමරාලලා ටික මොකද ණය ගන්න බැහැනේ දියුණු රටක් වුනොත්..

:       0       55

Bandula Monday, 09 September 2019 01:07 PM

මොහු ඉතා දක්ෂ කාර්මිකයෙක්. කළයුතු දෙය නම්, නවීන මෝටර් රථ ආයතනයකට ශිෂ්‍යත්වයක් ලබාදී මෙරට ආයතනයක නිර්මාණ රැකියාවක් දෙන්නේ ඔහුගේ සේවය ලබා ගන්නමය. රෝදය ලෝකයට නැවත නිර්මාණය කිරීම අනවශ්‍යය. එය ලොවට බිහිවූයේ දශක ගණනාවකට පෙරය...

:       0       37

kulawansa Monday, 09 September 2019 01:37 PM

මේ jaya... එයාගේ හැටි එහෙම තමයි. හරිම නරක කෙනෙක්...

:       0       110

සාරන්ග Monday, 09 September 2019 04:32 PM

අපේ රටට සහ ජාතියට අත්වී ඇති විනාශය තෙරුම් ගැනීමට ඉහත කොමෙන්ට්ස් කියවා බැලීමම ප්‍රමාණවත් . ලන්කාදීප පුවත්පත ට මාගේ උපහාරය පලමුව . සිසිර කුමාර මහත්මයාණෙනි ජාතිය වෙනුවෙන් සමාවන්න. ලිදේ ඉන්න අපි ලින් කටින්ම ගොඩට ආයුතුවෙමු. මාගේ ඉල්ලීම ඔබ මෙය මුදල් අය නොකරන අන්තර්ජාල දැන්වීම් වල හැකිතරම් පලකරන්න. ඔබට එක බැගින් විකිනිය හැකි බව සහතිකයි. RMV ,ලියාපදිංචි පසුපස කාලය වැය නොකරන්න, මෙය බාවිතා කලහැකි අය ඔබ සොයා එනු නියතය . එම අයට අවශ්‍ය පරිදි ඔබට හැකි වැඩි දියුණු කිරීම් ක්‍රමයෙන් කරන්න. ජය වේවා

:       0       285

aruna Tuesday, 10 September 2019 03:05 AM

හැම එකාම කොමෙන්ට් දාන්නේ නිෂ්පාදකයව අධෛර්ය කරනයි. . ලෑන්ඩ් මස්ටරයෙන් තවමත් ගමනාගමනයේ යෙදෙන අය ඉන්න දුෂ්කර පැති වලට මෙය හොඳ නැත්තේ ඇයි ?. ත්‍රී වීලර් පාරේ දුවනවා නම් මෙය තරමක් දියුණු කර වහල ගසා පාවිච්චිකරන්න බැරි ඇයි ? නමුත් හරි විදිහට " ඇත් පවුර " වැනි ටීවී වැඩසටහනකට සහබාගි වනහැටි දැනගන්න. විශේෂයෙන්ම මයික්‍රෝ වැනි ආයතනයේ අයිති කරු හමුවන්න. ඔහුගේ නිෂ්පාදනය බොහෝ රජයන් මගින් එලි දැක්වීමට ඉඩ දුන්නේ නැහැ මුලින්ම. ඇත්ත තත්වය එයයි.. ඔහු ඔබට උදවු කරනව ඇති. තවත් හොඳ කෙනෙක් තමයි අරවින්ද සිල්වා . දම්මික පෙරේරා. අනිවාර්යයෙන්ම ඔබට කවුරු කෙසේ කමෙන්ට් දැම්මත් ඔබ ඇති දක්ෂයෙකි !. ඔබ නොදන්නා අනාගතයක් ඔබට ඇත .

:       0       108

BANDARA Tuesday, 10 September 2019 03:46 AM

ඔය ජයා කියන එකාට ජීප් එකක් තියා බසිකලයක් පැද ගන්න බැරුව ඇති

:       0       127

janahitha Tuesday, 10 September 2019 06:00 PM

හා... හා ... හරියට හරි..

:       0       44

jayaSunday, 15 September 2019 02:46 PM

මම ලෝකප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක විධායක නිලධාරියෙක් බවත්, බයිසිකලයක් පමණක් නොව 2020දී වෙලඳපලට නිකුත් කිරීමට ඇති වාහන මා දන්නා බවත් දැනුවත් කිරීමට කැමැතෙමි.

:       132       0

WijesekaraTuesday, 17 September 2019 04:15 PM

ඔහොම කියන ගොඩක් අය අදාල රටට ගිහින් බැලුවම කරන්නේ වැසිකිලි හෝදන එක.

:       0       0

samanMonday, 28 October 2019 08:55 AM

ඔබගේ සමාගම, ආරම්භ කරනු ලැබුවේ 2020 වෙළඳ පොළට එන වාහනයෙන්දැයි අපි නොදන්නෙමු. යමකට ආරම්භයක් තිබිය යුතුය. ඔබ වැඩ කරනුයේ අනුන්ගේ තැනකය. අනුන්ගේ තැනින් ඔබව පන්නපු දාට ගෙදර යා යුතුය. එදාට ඔබට පා පැදියක්වත් තනිවම සාදා ගැනීමට හැකි දැයි සිතන්න.

:       0       1

appuhami Tuesday, 10 September 2019 06:04 PM

අන්න වැරදුනු තැන... එතකොට රෝද දෙකේ බයිසිකලේ කිසිම ආරක්ෂාවක් තියෙනවද? පෙරලිලා අතපය කැඩෙනවා.. මේකේ රෝද හතරක් තියෙනවනේ බොලන්.. ඔහොම හිතුවොත් හැමදාම මංගච්චන්න වෙන්නේ කොලපතෙන් තමයි..

:       0       1

chami randeniya Wednesday, 11 September 2019 12:37 AM

ඔබේ උත්සාහය ඉතා සාර්ථකයි පසු බසින්න එපා ඔබට කළ හැකි දේ රටට කරන්න අගයන දිනක් එය සුබ පතමි

:       0       7

amila balangoda Thursday, 12 September 2019 03:29 AM

තට්ටුවකට රෝග හතරක් තියලා මෝලක් තියාගෙන වහානයක් කියන්න පුලුවන් ඕනෑතරම් අය ලංකාවේ ඇති. හැබැයි වාහනේ ප්‍රමිතියක් තියනවා.

:       7       1

pohottuva Monday, 16 September 2019 08:45 AM

මෙන්න තවත් කෙනෙක් කකුලෙන් අදින... සර්ව අසුභවාදී සිංහලයෙක්...

:       0       0

amila Thursday, 12 September 2019 03:34 AM

සරුංගලයක්වත් හදන්න බැරි අයට නම් මේක මැජික් එකක් වගේ ඇති...

:       3       74

amila Thursday, 12 September 2019 03:36 AM

මේකට "ජීප්"කියන නමවත් පාවිච්චි කරන්න එපා.

:       3       14

S Thursday, 12 September 2019 03:49 AM

අතීතයේ ඉඳලා මේ වගේ නිර්මාණවලට අත දුන්නා නම් මේ රට අද මෙතන නොවේ..

:       0       0

gunarathna Thursday, 12 September 2019 04:05 AM

මේ කමෙන්ට් දාලා තියෙන හුඟක් දෙනෙක් කාර්මික දැනුම නැති අය... මේ වගේ දෙයක් කාර්මික සහ වෙල්ඩින් ගැන දැනුම තියෙන කෙනෙකුට සාමාන්‍ය දෙයක්. නමුත් මෙහෙම දෙයක් කරනකොට තාක්ෂණ දැනුම ඕනේ කරනවා. මෙතැන කිසිම තාක්ෂණයක් නැහැ. බොක්ස් බාර් ටිකක් කපලා, පාස්සලා පරණ අමතර කොටස් එකතු කර හදලා තියෙන්නේ. සමහරුන්ට කියන්ට පුළුවන් මේක වැඩිදියුණු කරපුවාම හරි කියලා. තමුන්ගේ දරුපවුල එක්ක ආරක්ෂාකාරී විදියට යන්නට නම් මේකට තව ලක්ෂ 10ක් වත් වියදම් කරන්නට වෙයි. මේ වාහනේ මේ පවුලට වටිනවා. රුපියල් 50000ක් ගියා කියලනේ කියන්නේ. නමුත් පාරට දාන්න බැහැ. ජීවිතේට රෙජිස්ටර් කරන්ටත් බැහැ.

:       16       14

ajithThursday, 12 September 2019 04:27 AM

මට හිතෙන්නේ ඔයාට අඩුම තරමේ සෙල්ලම් වාහනයක්වත් හදන්න බැරි කෙනෙක්...

:       46       0

laalFriday, 13 September 2019 03:27 PM

ගුණරත්න කියන කතාවේ ඈත්තක් තියෙනවා. මේ වගේ දේවල් මීට කලිනුත් හදලා තිබුණා. මෝටර් බයිසිකල් එන්ජින් එකක් යොදාගෙන රෝද හතරේ වාහනයක් නුවර කෙනෙකුත් හැදුවා. නමුත් ලියාපදිංචි කරන්න බැරිවුණා.

:       0       2

gunarathnaTuesday, 17 September 2019 01:17 PM

අජිත් කමෙන්ට් එකක් බලලා ඒ පුද්ගලයා ගැන මනින්ට එපා. හොඳ කෂේරුකාවක් තියෙන නියම පිරිමියෙක් නම් මට රිප්ල්ය් එකක් දාන්ට.. ඔබතුමාගේ ටෙලිෆෝන් නොම්මරේ දාන්ට.. මම ඔබතුමාගේ ගෙදරටම වාහනයක් එවන්නම්. ඇවිත් බලලා මම සෙල්ලම් වාහනයක්වත් හදන්ට පුළුවන් මිනිහෙක්ද කියලා තමුන්ගේ ඇස් දෙකෙන්ම බලලා යන්ට පුළුවන්...

:       0       0

mahinda Thursday, 12 September 2019 05:53 AM

අපේ රටේ මේවාට අත දෙන්න අය නැහැ. අලුත් දෙයක් කළොත් ඒක නැතිවෙන්න තමයි වැඩ කරන්නේ.. එ්කනේ අවුරුදු 70 ක් ගිහිල්ලත් එකම තැන. ඉන්දියාවේ නම් ඉතින් මේවට නියම තැන ලැබෙනවා. මේවා දියුණු කළොත් කොමිස් ලැබෙන්නේ නැහැනේ...

:       0       1

laal Friday, 13 September 2019 03:23 PM

උත්සාහය අගය කරනවා. ඒ වගේම මෙහි ඇති නීතිමය සහ ආරක්ෂාව සම්බන්ධ දේවල් ගැන හොයා බැලුවොත් හොඳයි.

:       0       1

පිටිගල මිලානෝ Monday, 16 September 2019 10:39 AM

මේක හොඳයි තමන්ගේ ගෙවත්තේ සෙල්ලම් කරන්න. එ්කත් බොහොම අනාරක්ෂාකාරියි. හේතුව මෙය පෙරලීමෙන් ආපදාවට ලක්විය හැකියි. තාක්ෂණ දියුණුව කියන්නේ මෙවැනි යකඩ කෑලි අවිද්‍යානුකූලව පාස්සමින් රෝද හයි කරලා ලී කරත්තයක් මෙන් යකඩ කරත්ත සෑදීම නොව අවම වශයෙන් විද්‍යාත්මක දැනුම භාවිතා කරලා රටේ විශ්ව විද්‍යාල තුළින් මෙවැනි නිර්මාණ මතුවීමයි.

:       138       12

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 22 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1931 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 643 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site