IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන්න

ඇස් සහ පටක දන්දීම සඳහා අන්තර් ජාලය ඔස්සේ ලියාපදංචිය ලබා දීම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ආරම්භ කර තිබේ.  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, මිනිස් පටක බැංකුව සහ eChannelling සමාජ සත්කාර ව්‍යාපෘතිය මගින් එය ක්‍රියාත්මක කෙරේ.

ශරීර කොටස් දන්දීම යනු ශ්‍රී ලාංකීය ජන සමාජයේ සුලබව අසන්නට ලැබෙන දෙයක් වුවද බොහෝවිට  සිහියට නැගෙනුයේ ඇස් සහ ලේ දන්දීමයි. නමුත් අක්ෂිදාන සංගමය යටතේ ක්‍රියාත්මකවන මිනිස් පටක බැංකුවේ ආරම්භයත් සමඟ අස්ථි, හෘද කපාට වැනි ශරීර කොටස් දන්දීම සඳහාද   අවස්ථාව ලැබී තිබේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ   අන්තර්ජාලය හරහාද මුළු ශරීරයම දන්දීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ලැබීමයි. මේ සඳහා මොබිටෙල් ආයතනය යටතේ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාවේ විශාලතම වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලය වන ඊචැනලින් (eChannelling) සේවය ඔස්සේ තාක්ෂණික දායකත්වය ලබාදී තිබේ. මේ අනුව www.echannelling.com වෙබ් අඩවිය වෙත පිවිසෙන ඕනෑම අයෙකුට ඇස් සහ පටක දන්දීම සඳහා ලියාපදිංචි වියහැකිය.

මිනිස් පටක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු හේමක ද මෙල් මහතා මේ ගැන අදහස් දක්වමින් කීවේ කෙනකු මියයෑමෙන් පසු ලබා ගන්නා ඇස් සහ පටක අසරණ රෝගීන්ට නොමිලයේ ලබා දීම  මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි.

“1960 දී ආරම්භවූ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය තම සේවාවන් තවත් පුළුල් කරමින් 1996 වසරෙදී මිනිස් පටක බැංකුව ආරම්භ කරන ලදී. ඇස් හා පටක දන්දීම සඳහා දායකයින් ලියාපදිංචිකරගැනීම බොහෝ දුරට  කරනු ලැබුවේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මකවූ වැඩසටහන් වලදී මුද්‍රිත පෝරමයක් පිරවීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේය. නමුත් eChannelling ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම අන්තර්ජාල සේවාව ඔස්සේ දායකයින් ලියාපදිංචි කරගැනීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස ඇස් සහ ශරීර කොටස් දන්දීමට කැමති බොහෝ පිරිස් අතර ප්‍රචලිත වෙමින් පවතිනවා.‘‘

‘‘ කෙනෙකු මියයාමෙන් පසු ලබාගන්නා ඇස් හා ශරීර කොටස් නවීන තාක්ෂණය භාවිතයෙන් විශේෂ ක්‍රමවේදයන්ට අනුව සුරක්ෂිතව තැන්පත්කර අස්ථි පිළිකා, හදිසි අනතුරු ආදිය නිසා අසරණ වන බොහෝ රෝගීන් සඳහා නොමිලේ ලබාදීම අප ආයතනය මගින් සිදුවෙනවා. මෙම උතුම් සමාජ සත්කාරයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීම පිළිබඳව eChannelling සේවාවට අපගේ කෘතඥතාව හිමිවෙනවා.”   යැයි ද හේමක ද මෙල් මහතා සඳහන් පැවසීය.



අදහස් (123)

අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන්න

ruwan deepal kodithuwakku Sunday, 11 June 2017 10:01 AM

මෙය ඉතා හොඳ දෙයක්.. ලොකු පින්කමක්.. මට මා මිය ගිය පසු මගේ ඇස් සහ පටක දන් දිමට ඕන.. මටත් අයදුම්පතක් එවන්න පුළුවන්ද? නො.965/ඒ, කොඩිතුවක්කු නිවස, 100 1/2 කනුව, ඇඹිලිපිටිය.

:       13       32

ඩබ්එම් කසුන් ප්‍රදීප් වීරසිංහ Saturday, 25 November 2023 06:08 PM

මාත් කැමතියි ඇස් දන් දෙන්න.

:       0       0

බී .සුනිමල් ප්‍රියන්ත Tuesday, 11 July 2017 05:45 AM

හදවත මොළය ඇස්.අක්ෂි පටක වකුගඩු... මුලු ශරීරයම...

:       0       4

ආර්.ජී.අයි.එල් රාජපක්ශ Tuesday, 20 March 2018 06:14 PM

මියගිය පසු ශරීරාංග දන් දීමට කැමති. අයදුම්පතක් මටත් එවන්න. මේ පින්කමට මාත් කැමතී

:       6       17

R.G Asanka Sajith Friday, 15 June 2018 12:12 PM

මමත් කැමැතියි අකෂි පටක දන් දෙන්න

:       0       3

Loku Hennadige Sanoja Lakmali Sunday, 08 July 2018 04:52 PM

Siyaluma pataka dandeemata kemathi

:       0       1

I.H.Kasun Lakmal Wednesday, 05 September 2018 04:07 PM

මට මගේ මුලු ශරීරයම දන් දෙන්න ඕන

:       0       4

A nirosha de alwis Saturday, 08 September 2018 04:18 AM

මියගිය පසු මගේ ශරීරයේ කොටස් දන් දෙන්න මාත් කැමැතියි. මටත් අයැදුම්පතක් එවන්න පුළුවන්ද? ඔයාලටත් ගොඩක් පින්... මේ වගේ පින්කමක් කරනවට...

:       0       13

indika Friday, 15 February 2019 06:44 PM

මට ඇස් දන්දෙන්න ඕනෑ. මම එ් දේ කරන්නේ කොහොමද කියා දැනගන්න ඕනෑ. අංකයක් එවන්න..

:       0       0

M. M. P. Muthunayake Thursday, 28 February 2019 06:39 AM

මෙය ඉතාමත් උතුමි පුණ්‍ය ක්‍රියාවක්, වගේම යහපත් කාර්යයක්.

:       0       0

ශෂිනි නයනතාරා රනසිංහ Wednesday, 12 June 2019 03:35 AM

මාත් කැමතී ඇස් දන් දෙන්න. මටත් අයදුම්පත්‍රයක් එවන්න පුලුවන්ද... ලොකු පින් වැඩක් බුදු සරණයි.

:       0       1

කේෂානි Saturday, 15 June 2019 04:33 PM

කොහොමද ලියාපදිංචි වන්න ඕන.

:       2       0

සිනෙත් කවිෂ්ක Saturday, 22 June 2019 05:47 PM

මේ මහා පින්කමේ දායකයෙක් වෙන්න මාත් කැමති මටත් අයදුම් පත්‍රයක් ඔනේ.

:       0       0

s.k සමීර ප්‍රසන්න Saturday, 29 June 2019 05:45 PM

මටත් ඕනෑ පටක දන් දෙන්න. මටත් අයදුම් පත්‍රයක් එවන්න...

:       0       0

H.B.ගයාන් චතුරංග බංඩාර Friday, 02 August 2019 07:42 PM

අද දිනයේ මා 25 වන ජන්ම දිනය සමරන මොහොතේ... මා කෙදිනක හෝ මියගිය පසු තවත් අයකු ජීවත් කරවීමට අවශ්‍යයි. ශරීරයේ සෑම කොටසක්ම දන්දීමට කැමතියි.

:       0       0

K. නිර්මලා පෙරේරා Thursday, 29 August 2019 10:34 AM

මම කැමති ජිවත් වෙලා ඉද්දි මගේ එක ඇසක් දන්දෙන්න තරුණ ජිවිතයකට .

:       3       0

Subhashini Abewardhana Friday, 20 March 2020 03:49 PM

කොහොමද අපි එකෙන් ඒක කරන්නේ.

:       0       0

ලහිරු ලක්මාල් Sunday, 05 April 2020 03:22 AM

මටත් ඔනේ මුලු සිරුර ම දන් දෙන්න ..

:       1       0

Asath lahiru Thursday, 07 May 2020 07:44 AM

මම කැමතියි මගේ ඇස් දෙක, මගේ වකුගඩු, රුධිරය දන් දෙන්න... කොහොමද කරන්න ඕනේ? මට කියන්න කිසිවෙකු නෑ.... මම කැමතියි මගේ ඇස් දෙකෙන් කවුරු හරි ආලෝකයක් ලබනවට...

:       0       0

අසත් ලහිරු Thursday, 07 May 2020 07:49 AM

මම කැමතියි මගේ මුලු ශරීරයම දන් දෙන්න.. මට එවන්න ලිපියක්.. මම කරන්නේ මැරුණාට පසුව නොවේ ජීවත් වෙලා ඉද්දි.. මම කැමතියි... ජීවිතයේ තවත් දුක් විඳින්න මට ශක්තියක් නෑ.. මට මේක සතුටක්...

:       0       1

W.අසත් ලහිරු Thursday, 07 May 2020 07:55 AM

මම කැමතියි මගේ මුලු ශරීරයම දන්දෙන්න... මම දෙන්නේ ජීවත් වෙලා ඉද්දී... මම තවදුරටත් ජීවත් වෙලා හිටියොත් තවත් අසරණ වෙනවා.. මම දෙවියන්ගෙන් අහන්නේ ඇයි ඔබ මාව මේ ලෝකෙට එව්වේ කියලා.. මම මගේ කියන කිසිවෙකු නෑ... මම තනි වූ කෙනෙක්.. මම තවත් ජීවත් වෙලා හිටියොත් පැමිණෙන දේවල්වලට මට මුහුණ දෙන්න ශක්තියක් නෑ... මට ලිපියක් එවන්න.

:       0       2

h.p. madushanka Friday, 05 June 2020 02:33 AM

මෙය ඉතාමත් හොද කාර්‍යයක්. මම කැමතියි මිය ගියාම මුලු ශරීරයම දන් දෙන්න.

:       0       0

Kanchana s uyangoda Friday, 12 June 2020 12:07 PM

ඇස් දන් දීමට කැමති... මගේ දැස් දෙකෙන් තව කෙනෙක් ලෝකය දකිනවා නම් මට එය මිල කර නොහැකි පිනක් වේවී...!!!

:       0       0

M.m.chamila dilrukshi Monday, 22 June 2020 02:38 PM

මගේ ඇස් දන්දීමට කැමැත්තෙමි.

:       0       0

W.g.Imesh danangya madushanka Wednesday, 01 July 2020 06:05 AM

මගේ ඇස් දෙක හා පටක දන්දීමට කැමතියි. එම පුණ්‍ය කර්මයට මහත් සහභාගි කරගන්න.

:       0       1

U.B.Madhuwanthi Friday, 25 September 2020 04:23 AM

මගේ ඇස් පටක දන් දීමට කැමැතියි. මෙය මට මහත් සතුටක්. මේ පුණ්‍ය ක්‍රියාවට එකතු වීමට අවස්ථාව ලබාදෙන්න... බුදුසරණයි.

:       0       0

L. Dasun chamara Wednesday, 04 November 2020 11:26 AM

මට මගේ මුළු ශරිරය ලබා දීමට කැමතියි. මටත් අයදුම්පත්‍රයක් ලබා දෙන්න.

:       0       1

Pradeep Monday, 09 November 2020 08:16 AM

මෙය ඉතා හොඳ දෙයක්.. ලොකු පින්කමක්.. මට මා මිය ගිය පසු මගේ ඇස් සහ පටක දන් දිමට ඕන.. මටත් අයදුම්පතක් එවන්න පුළුවන්ද?

:       0       0

ජයසුන්දර ජේ.එච්.එම්.අයි.ඒ Saturday, 21 November 2020 05:04 PM

ලියාපදිංචි වන්නේ කෙසේද??

:       0       6

Nikini thathsarani Monday, 14 December 2020 09:50 AM

මගේ ඇස් දෙකෙන් තව කෙනෙක් මේ ලෝකේ දකිනවට කැමති

:       0       0

අජිත් කුමාර Saturday, 19 December 2020 12:06 AM

මම නම් ලියාපදිංචි වුණා. මගේ මුලු ශරීරරයම දන්දෙනවා. ඒ නිසා ඒ මාගේ මරණයේ මොහොත එනකම් මම සතුටින් බලගෙන ඉන්නවා. මටත් ජීවත් වුණා දැන් ඇති. මම මැරුණාම මගේ ඒ පරිත්‍යාගය අපතේ නොයවා... ඒ මගේ ඒ පරිත්‍යාගයට නිසි වටිනාකමක් ලැබෙන්න ඕනෑ. එතකොට තමයි මගෙ ශරීර කොටස් වලින් අසරණ රෝගීන් පනස් ගණනකට පිහිට වෙන්න පුලුවන් වෙන්නේ. ඒ සතුටම මට ඇති මගේ අන්තිම කැමැත්ත තමයි. මම මැරුණාට පස්සේ මගෙ මිනිය පැය භාගයකට වඩා කිසිම කෙනෙක්ට පෙන්නන්න එපා. සියලු සතුන් ලොව සුවපත් වේවා ! තෙරුවන් සරණයි !

:       2       7

indunil Tuesday, 05 January 2021 12:40 PM

මාගේ ශරීරයේ සියලු කොටස් දන්දීමට කැමැත්තෙන් සිටියි. මට විස්තර එවන්න පුලුවන්ද?

:       1       0

Patali Thursday, 21 January 2021 09:21 AM

මම කැමතියි මගේ ඇස් දන්දෙන්න... මට විස්තර එවන්න පුළුවන්ද...?

:       0       0

S.M.Sandeepani Minthara Senevirathna Sunday, 24 January 2021 04:49 PM

මං කැමතියි මගේ ඇස් දෙක දන්දෙන්න...

:       0       0

Kavindi Gaveshika Thursday, 11 February 2021 06:18 AM

මේක ඉතා හොඳ දෙයක්... මම කැමතියි මගේ මුලු ශරීරයම දන්දෙන්න. ජීවත් වෙලා ඉන්න ඒක පුදුම දුකක්.. ජිවත් වෙලා ඉන්න අකමැති මම, ජීවත් වෙන්න අසාවෙන් බලන් ඉන්න කෙනෙකුට මට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙන්න මම කැමතියි. තව ජීවත් වෙන එක දුකක් මෙය ඉතා හොඳ පින්කමක්... මටත් අයදුම්පත් එවන්න පුළුවන්ද?

:       1       0

Kavindiya Gaveshika Thursday, 11 February 2021 06:22 AM

මෙය ඉතා හොඳ දෙයක්... මම කැමති මගේ මුලු ශරීරයම දන්දෙන්න. ජීවත් වෙලා ඉන්න ඒක පුදුම දුකක්. ජීවත් වෙලා ඉන්න අකමැති මම ජීවත්වෙන්න අසාවෙන් බලාගෙන ඉන්න කෙනෙකුට මට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙන්න කැමතියි. තව ජීවත් වෙන එක දුකක්. මෙය ඉතා හොඳ පින්කමක්... මටත් අයදුම්පත් එවන්න පුලුවන්ද?

:       0       0

වජිරා ප්‍රියංගනි Tuesday, 16 February 2021 12:15 AM

අක්ෂි සහ පටක දන් දීමේ ඔන්ලයින් රෙජිස්ටර් කඳවුරක් ක්‍රියාත්මක කළහොත් අක්ෂිදාන සංගමය දැනුවත් කළ යුතුද?

:       0       0

සහිරු සංකල්ප Sunday, 21 February 2021 05:30 PM

මටත් අක්ශි හා පටක දන්දෙන්න ඕනෑ...

:       4       2

Ravisha perera Saturday, 24 April 2021 04:45 PM

මටත් අවශ්‍යයි..!!!

:       0       0

M.N.Chathurika Madhushani Wednesday, 28 April 2021 09:54 AM

මටත් මගේ ශරීරයේ කොටස් දන් දෙන්න අවශ්‍යයි. කොහොමද මම ඒකට සම්බන්ධ වෙන්නේ

:       0       0

සුරේෂ් විජේතුංග Thursday, 27 May 2021 03:27 PM

ඉතාම පිංසිද්ද වෙන වැඩක්. මටත් ලියාපදිංචිවෙන්න ඕනි

:       0       2

නෙත්මිණි යශෝදරා Thursday, 27 May 2021 10:49 PM

මම කැමැතියි මගේ මුලු ශරීරයම දන් දෙන්න. මටත් අයදුම්පතක් අවශ්‍යයි.

:       0       0

H.A.කෞමදි සුපුන්සරා Wednesday, 02 June 2021 12:48 PM

අක්ෂි දන් දීම...

:       0       0

කේ.ඒ.මහේෂ් රුවන් එදිරිසිංහ Thursday, 03 June 2021 02:01 AM

ඉතාමත් වටිනාකමක් අැති වැඩසටහනක්. මමත් කැමතියි ලියාපදිංචි වෙන්න.. අයදුම්පත් ගන්න පුළුවන් කොහොමද...?

:       0       0

ishara madushanka Wednesday, 16 June 2021 03:09 PM

මම කැමතියි මගේ ඇස් දෙක දන්දෙන්න...

:       0       0

තරූෂා අබේවික්‍රම Saturday, 19 June 2021 08:43 PM

මේ උතුම් පරිත්‍යාග වැඩසටහන හඳුන්වාදුන් උතුම් කාරුණික මිනිස්සුන්ට මෙන්ම, තම ශරීර අවයව සතුටු සිතින් පරිත්‍යාග කරන්නට උත්සුක වූ පරිත්‍යාගශීලි හදවත් දරන්නන් සියලු දෙනාටම පලමුවෙන්ම බොහෝ ස්තූති. මෙවැනි හරවත් දෙයක් දකින්නට ලැබීම මහත් වාසනාවක්. බොහෝ කාලයක් පුරාවට මා බලාපොරොත්තු වූවා මෙවැන්නක්. තමන්ගේ ශරීර අවයව තුලින් තවත් කෙනෙක්ට අලුත් ජීවිතයක් ලැබෙනවා.. බොහෝ පිං කටයුත්තක්.... මාගේ අක්ශි සහ පටක කොටස් හෝ නොඑසේ නම් මුලු ශරීරයම පරිත්‍යාග කිරීමට බොහෝ සතුටින් එකඟ වෙමි. මාහටද අයදුම්පතක් යොමු කල හැකි වේ නම් බොහෝ ස්තූතියි.

:       0       0

Sharika Melanthi Sunday, 20 June 2021 05:08 PM

මමත් අක්ෂි හා පටක දන්දීමට කැමැතියි.

:       0       0

S.m.wasanthi samarakoon Sunday, 20 June 2021 09:06 PM

මම කැමැතියි... ඒත් කරන්නේ කොහොමද?

:       0       0

Deepthi Navodya Thursday, 24 June 2021 06:56 PM

කොහොමද ලියාපදිංචි වෙන්නේ?

:       0       0

D.M.Ishara Kavindi Saturday, 10 July 2021 03:09 PM

කොහොමද ලියාපදිංචි වෙන්නේ..?

:       0       0

හේනක ආරච්චිලාගේ ප්‍රීති තක්ෂිලා ජයසිංහ Wednesday, 21 July 2021 09:22 AM

මරණින් මතු ඇස් සහ සියළු අවයව දන්දීමට නැමැත්තෙන් සිටිමි.

:       0       0

S g amith udara Wednesday, 28 July 2021 08:03 AM

මරණින් පසු මා කැමැතියි මුලු ශරිරයම දන්දෙන්න...

:       0       1

R.D.Madushika Ranaweera Thursday, 26 August 2021 11:58 AM

මාත් කැමති මියගිය පසු අවයව දන් දෙන්න.

:       0       0

R.D.Madushika Ranaweera Thursday, 26 August 2021 12:02 PM

මාත් කැමති මියගිය පසු අවයව දන් දෙන්න. මට විස්තර එවන්න

:       0       0

S.D.niluka damayanthi Saturday, 25 September 2021 03:02 PM

මම ගොඩක් කැමැති මගේ ශරීරයම දන්දෙන්න. ඒක ලොකු පින්කමක්.. මේ ජීවත්වන ගොඩක් අයට ශරීරයේ අඩුපාඩු තියෙනවා.. මේවගේ කෙනෙක්ට පිහිට වෙන්න පුළුවන්නම් ඒක තමයි නියම බෞද්ධයෙකුගේ මනුස්සකම...!!!

:       0       0

A.S.R.I.B.Nimali Rathnamalala Thursday, 30 September 2021 11:01 PM

මාත් කැමතියි මං මියගියාට පස්සේ ඇස් දන් දෙන්න... මට විස්තර දෙන්නකෝ ලියාපදිංචි වෙන්න.

:       0       0

තශ්මි චේතනා Wednesday, 06 October 2021 08:09 PM

මේකට සම්බන්ද වෙන විදිහ ගැන කියන්නකො

:       0       0

indunil yaja ruwan Sunday, 17 October 2021 08:35 PM

ඇස් දන් දීම....

:       0       1

Lahiru Friday, 05 November 2021 07:14 AM

මාත් කැමතියි.

:       0       0

Singappuli arachchige ishara diwyanjali Tuesday, 09 November 2021 07:37 PM

මන් ගොඩාක් කැමති. මගේ ආසාවක් මේක... තවත් ජිවිතයක් ජිවත් කරන්න කැමති..

:       0       0

D.M.Nipuna Priyashan Friday, 12 November 2021 12:03 PM

මං මොනරාගලින්. ඇත්තටම මාත් අවයව දන් දෙන්න කැමැතියි. ඒකට කොහොමද සම්බන්ධ වෙන්නේ...? මරණින් පස්සේ සිරුරේ කොටස් දන් දෙන්න පොරොන්දු පත්‍රයක් ලබා ගන්නේ කෙසේද...?

:       0       0

එච්.බී.නිරෝධා සදමාලි රත්නායක Tuesday, 07 December 2021 03:31 AM

මියගිය පසු අක්ෂි හා පටක දන්දීමට කැමතියි. ලියාපදිංචි වන ආකාරය සඳහන් කරන්න පුළුවන්ද? පොරොන්දු පත්‍රයක් ලබා ගන්නේ කොහොමද...?

:       0       0

B M Nirodha Pradeepa Wednesday, 15 December 2021 10:17 AM

මියගිය පසු අක්ෂි හා පටක දන්දීමට කැමතියි. ලියාපදිංචි වන ආකාරය සඳහන් කරන්න පුළුවන්ද? පොරොන්දු පත්‍රයක් ලබා ගන්නේ කොහොමද...?

:       0       0

U.G.J.S.K.Gamage Tuesday, 28 December 2021 03:17 PM

අක්ෂි හා ශරීර කොටස් දන්දීමට කැමැත්තෙමි...

:       0       1

U.G.J.S.K.ගමගේ Tuesday, 28 December 2021 03:25 PM

මෙම සද්කාර්යය පිළිබඳව ඔබට හෘදයාංගම ස්තූතිය පුදකරන අතරම මටද ඒ සඳහා දායකත්වය ලබාදීමට අවස්ථාවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පුද්ලයෙකුගේ නිරෝගී පැවැත්ම හෝ ජීවිතය ආරක්ෂා කරදීම උදෙසා මාගේ මරණයත් සමඟ සිරුරේ ගත හැකි සෑම කොටසක්ම පරිත්‍යාග කිරීමට කැමැත්තෙමි.

:       0       0

K.p.s.k.Jayaweera Saturday, 01 January 2022 02:02 PM

මගේ මරනයත් සමගම මගේ ශරිරයේ ගතහැකි සියලුම කොටසක්ම දන් දිමට කැමැත්තේමි.

:       0       0

රංජිත් පුෂ්පකුමාර Sunday, 02 January 2022 07:52 AM

මටත් මගේ ශරීරයේ සියලුම දේවල් දන්දෙන්න ඕනෑ...

:       0       1

පබසර මධුෂාන් Wednesday, 05 January 2022 10:25 PM

මා මිගගිය පසුව මාගේ ශරීරයේ ඇති සියලු දේවල් දන් දීමට කැමතියී. මට අයදුම් පත්‍රයක් එවන්න පුලුවන් ද?

:       0       0

D.M.I.D ඒකනායක Thursday, 20 January 2022 10:51 AM

කොහොමද සම්බන්ධ වෙන්නේ .මටත් ඕනේ මේකට සම්බන්ධ වෙන්න

:       0       0

B.P.C.Lakshan Sunday, 23 January 2022 12:42 PM

මන් කැමති ශරීරයේ ඇති සියලුම පටක ලබා දෙන්න

:       0       0

B.P.C Lakshan Sunday, 23 January 2022 12:46 PM

මන් කැමති ශරීරයේ ඇති සියලුම පටක ලබා දෙන්න

:       0       0

K A S M Ekanayake Friday, 28 January 2022 10:42 PM

මගේ මරණයෙන් පසු ශරීරයේ සියලුම කොටස් දන්දීමට කැමැත්තෙමි. අයදුම් පතක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...!!! 

:       0       0

තිළිණි මලිතා කුමාරි Friday, 18 March 2022 06:02 PM

මම කැමතියි මේකේ ලියාපදිංචි වෙන්න. ඒ වගේම මගේ අක්ෂි, පටක දන් දීමටද කැමැත්තෙන් සිටිමි...

:       0       0

H.M.M Vinodan weerasingah Saturday, 19 March 2022 04:21 PM

මා මියගිය පසු ලබාගත හැකි සියලු කොටස් දන් දීමට මා කැමැතියි. මට ඒකට උදව් කරන්න පුළුවන්ද?

:       0       0

B.V Jayani danushika. Sunday, 05 June 2022 08:30 PM

මම මැරුණාම කැමැතියි මගේ අවයව දන් දෙන්න. මට ඒකට සහාය වෙන්න...!

:       0       0

Kaushalya Rathnayake Tuesday, 19 July 2022 04:41 AM

මම මැරුණාම කැමැතියි මගේ අවයව දන් දෙන්න. මට ඒකට සහාය වෙන්න...

:       0       0

ඩී එම් ටී කේ අබේරත්න Saturday, 30 July 2022 01:14 PM

මම කැමති ලියාපදිංචි වෙන්න. කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ..? අයදුම්පතක් ලබාගන්නේ කොහේද?

:       0       0

සුමිත් පියලාල් Tuesday, 02 August 2022 11:52 AM

මමත් කැමති දන් දීම සඳහා.

:       0       0

ඩබ්.ඩබ් සුධර්මා රන්සරණී වෙලගෙදර Tuesday, 02 August 2022 09:08 PM

මුලු ශරීරයම දන්දීමට කැමැතියි...

:       1       0

Nadeeka tharangani Wednesday, 10 August 2022 11:17 AM

මම කැමතියි මම මිය ගිය පසු මගේ මුලු ශරීරයම දන් දෙන්න

:       0       0

Chanaka Sajith Sunday, 28 August 2022 06:47 PM

ගොඩක් කැමැත්තෙන් ඉන්නේ...

:       0       0

Karunarathna liyanage kavindi sewmini liyanage Saturday, 03 September 2022 09:27 PM

මම කැමැතියි මගේ ඇස් හා පටක තව කෙනෙක් වෙත දන්දෙන්න... එක හෝ ජීවිතයක් බේරාගන්න...

:       0       0

Karunarathna liyanage kavindi sewmini liyanage Saturday, 03 September 2022 09:29 PM

මා කැමතියි මගෙ ඇස් හා පටක දන් දීමට.

:       0       0

M.L.සත්‍යාංගනී Tuesday, 13 September 2022 12:27 PM

සියලුම පටක මරණින් පසු දන් දීමට මාත් කැමතියි.මේක කොහොමද කරන්න ඕනි කියලා දැනුවත් කරන්න.

:       0       1

ආර්එම් සංජිව ප්‍රියන්ත රත්නායක Friday, 23 September 2022 09:47 PM

මට ශරිරයේ සියලු අවයව දන්දෙන්න කැමැතියි...

:       0       0

Nadu umaya Sunday, 25 September 2022 09:52 PM

මම මැරුණු පසු මගේ අවයව දන්දී තවත් අසරණ ජීවිතයක් ජීවත් කරවීමට කැමැත්තෙමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!

:       0       0

Gipp gamage Thursday, 29 September 2022 04:43 PM

මම දින කිපයක ඉඳන් අන්තර්ජාලය මගින් ලියාපදිංචි විමට උත්සාහ කළා. මේ වනවිටත් එය කරගැනීමට නොහැකිවුණා. කරුණාකර කරන්නේ කොහොමද කියලා දෙනවාද?

:       0       0

Kasun chinthaka Friday, 07 October 2022 08:11 PM

මම ගොඩක් උත්සාහ කරා අන්තර්ජාලය හරහා ලියාපදිංචි වෙන්න. ඒක බැරි වුණා. මමත් කැමතියි සියලු කොටස් දන්දෙන්න...!

:       0       0

A.shyamali dulanjali manori Monday, 17 October 2022 01:34 PM

මගෙ ඇස් හා සියලුම පටක දන් දිමට මා කැමැතියි අක්ෂි දාන සංගමය ට මා දං දිමට කැමති බව සදහම් කර ලිවුමක් දැම්ම තම මා හට පිලිතුරක් නොලැබුනි හැකි පමනින් මා හට පිලිතුරක් දෙන්න

:       1       0

ලක්ෂිත මනෝජ් පේරේරා Tuesday, 18 October 2022 08:40 PM

ඉතා හොඳ වැඩක්.

:       0       0

B.G. ප්‍රේමවති Wednesday, 19 October 2022 01:23 PM

මුළු සිරුරම දන්දීම මාගේ කැමැත්තයි.

:       0       0

K.d.ජනිදු චතූශ Sunday, 06 November 2022 01:59 AM

මා කැමැත්තෙන් සිරුරේ සියලු කොටස් දන් දෙමි.

:       0       0

H.M SHALIKA MENIKE Monday, 02 January 2023 08:04 AM

I like donate my eyes

:       0       0

Chalana kawishana Sunday, 19 February 2023 10:12 PM

බොහොම හොඳ වැඩක්. මමත් ලියාපදිංචි වුණා... ඇස් සහ පටක දන්දෙන්න.. එක ෆෝන් එකකින් එක්කෙනාටද ලියාපදිංචි වෙන්න පුළුවන් වෙන්නේ...?

:       0       0

සුමිත් පියලාල් Tuesday, 21 February 2023 10:32 AM

මට දන්දෙන්න අවශ්‍යයි... ලඟම තැනක් හෝ...!

:       0       0

maduranga priyanath fonseka Saturday, 11 March 2023 10:32 AM

මම කැමතියි මේකේ ලියාපදිංචි වෙන්න. ඒ වගේම මගේ අක්ෂි, පටක දන් දීමටද කැමැත්තෙන් සිටිමි.

:       0       0

B.L.Dammika Dilrukshi Sunday, 12 March 2023 04:28 PM

මා මියගිය පසු මගේ ඇස් හා පටක දන් දීමට කැමතියි. මට අයදුම්පතක් එවන්න.

:       0       0

Upul sampath jayathilaka Wednesday, 29 March 2023 10:55 PM

මටත් අක්ශි හා පටක දන්දෙන්න ඕනෑ...

:       0       0

H.G Ajith kumara Thursday, 30 March 2023 11:03 PM

මමත් කැමතියි.

:       0       0

Tharushi nayanathara Tuesday, 04 April 2023 12:30 PM

මරණින් පසුව අවයව දන්දීමට කැමැතියි.

:       0       0

රුවන් රංජිත් Wednesday, 05 April 2023 08:16 PM

හොඳයි...

:       0       0

D. M. Lasanthi chathurani Saturday, 22 April 2023 09:53 AM

මම කැමැතියි ඔක්කොම දන්දෙන්න...

:       0       0

කේ.කවීශා චමෝදි Thursday, 04 May 2023 04:36 PM

මාත් සියලු අවයව දන්දෙන්න කැමතියි. මටත් අයදුම්පතක් එවන්න....

:       0       0

p.m kushan thilak bandara Wednesday, 31 May 2023 07:29 AM

මා හට අයැදුම් කිරිමට අයැදුම් පතක් එවන්න. මාත් කැමැති මාගේ සිරුරෙ කොටස් දන්දීමට...

:       0       0

ලෙනින් ඉන්දික Thursday, 01 June 2023 02:40 PM

මියගිය පසු මගේ මූලු සිරුරම දන් දිමට කැමැත්තෙමි... ඒ සඳහා අන්තර්ජාලයෙන් අයැදුම්පත් යොමුකළා... ඵය නිවැරැදිද?

:       0       0

Y.chathurika dilhani Friday, 02 June 2023 09:53 AM

මේක ඇත්තටම ලොකු පින්කමක්... මට මේකට ලියාපදිංචි වෙන්න ඕනෑ. කොහොමද ලියාපදිංචි වෙන්නේ?

:       0       0

වයි.චතුරිකා දිල්හානි Friday, 02 June 2023 09:56 AM

ඇත්තටම මේක ගොඩක් හොඳ පින්කමක්... මටත් මේකට ලියාපදිංචි වෙන්න ඕනෑ... කොහොමද ලියාපදිංචි වෙන්නේ..?

:       0       0

R....Hansaja hirushan Tuesday, 20 June 2023 07:41 PM

මමත් කැමැතියි මෙයට සම්බන්ධ වන්න.

:       0       0

එ.ජි. දිලානී වාසනා Saturday, 04 November 2023 03:11 PM

මමත් කැමතියි මගේ මුලු සිරුරම දන් දෙන්න මියගිය පසු මටත් අයදුම්පතක් එවන්න...

:       0       0

G.R.Nimsara Senevirathna Saturday, 11 November 2023 03:54 PM

මටත් මගේ ඇස් දෙක, හදවත, වකුගඩු වගේම තව දෙන්න පුළුවන් හැම ශරීර කොටසක්ම දං දෙන්න ඕනේ. අනේ මට ඒකට අයදුම් පත්‍රයක් ගන්න ඕනේ ලොකු උදව්වක්...!

:       0       0

පී.ජී.ජයරත්න Monday, 13 November 2023 01:08 AM

මුළු සිරුරම දෙන්න කැමතියි. මේක ලොකු පිංකමක්. කරුණාකර මට විස්තර එවන්න...

:       0       1

G S madhumali Sunday, 10 December 2023 06:47 AM

මම කැමැතියි මගේ සිරුරේ දන් දෙන්න පුළුවන් හැම අවයවයම දන්දෙන්න. ජීවිතයක් බේරගන්න මේවගේ දෙයක් කරන්න ලැබෙන එක ලොකු පිනක්... මටත් අයදුම් පතක් එවන්න.

:       0       0

අජන්තා ලක්මාලි ලියන ගේ Tuesday, 26 December 2023 06:56 PM

මාත් කැමැතිම ගේ මුලු ශරිරයම දන්දෙන්න... මටත් අයදුම්පත් එවන්න පුළුවන්ද?

:       0       0

Ajantha Liyanage Tuesday, 26 December 2023 06:58 PM

මම කැමැතිම ගේ මුලු ශරිරියම දන් දෙන්න මටත් එවනවද අයදුම් පතක් එවනවද?

:       0       0

Ajantha Liyanage Tuesday, 26 December 2023 06:59 PM

මටත් අයදුම් පතක් එවනවද?

:       0       0

අජන්තා ලක්මාලිි Tuesday, 26 December 2023 08:24 PM

මම කැමතිම මුලු ශරිරයම දන් දෙන්න... මටත් අයදුම් පතක් ගන්න ඕනෑ...

:       0       0

Ajantha Liyanage Wednesday, 27 December 2023 11:57 AM

මම කැමති මගේ සිරැරම දන් දෙන්න...

:       0       0

ajantha liyanage Wednesday, 03 January 2024 10:10 AM

මම කැමති මම මියගිය පසු මගේ සියලුම අවයව දන් දෙන්න... මටත් අයදුම්පතක් එවනවාද?

:       0       0

Ajantha Liyanage Sunday, 07 January 2024 11:51 AM

මම කැමති මගේ සිරුරම දන්දෙන්න...!

:       0       0

G.a.p. chamara Tuesday, 09 January 2024 04:43 PM

මාත් කැමැතියි. මම මීට කලින් රේජිස්ටර් වුණා... තාම ඒ ⁣පොරොන්දු පිටපත ආවේ නැහැ... දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.

:       0       0

Lakshika Deemanthi Wednesday, 10 January 2024 02:46 PM

මටත් පොරොන්දු පිටපතක් එවන්න...

:       0       0

Priyani cooray Wednesday, 31 January 2024 06:38 PM

මමත් කැමැතියි මගේ සියලුම අවයම දන්දෙන්න...!

:       0       0

ශබිතා Friday, 15 March 2024 10:28 PM

මමත් කැමති අවයව දන්දෙන්න... මාවත් ලියාපදිංචි කරගන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1053 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site