IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


2017 දී වරායෙන් වාර්තාගත ලාභයක්

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ වැඩිම ලාභය වන රුපියල් බිලියන 13.2 ක ලාභයක් ඉකුත් වසරේ වාර්තා කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

2016 වසරේ අධිකාරිය ලැබු ලාභය රුපියල් බිලියන 10 ක් වන බැවින් ඉකුත් වසරේ ලාභය සුවිශේෂි වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

වරාය අධිකාරියේ 2017 සමස්ත වියදම රුපියල් මිලලියන 30,190 ත් බවත් එය 2016 වසරේ තිබු වියදම වන රුපියල් මිලියන 33005 සමඟ සසඳන විට රුපියල් මිලියන 2815 ක්  වියදම් අඩුවීමක් වන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම ලාභ ලැබීම මෙරට වරායන්හි තිරසාර පැවැත්මට රුකුලක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වරාය අධිකාරිය මෙවැනි ලාභයක්  ලැබීමට හේතු වූ ප්‍රධාන කරුණ වන්නේ හම්බන්තොට වරාය බදුදීම සමඟ වරාය අධිකාරිය ගෙවීමට තිබු ණය ඉවත්වීම යැයි ද සමරසිංහ මහතා සඳහන් කළේය.

මේ ලබා ඇති ලාභය කොළඹ ඇතුළු අනෙක් වරායන් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් සඳහා යොදවන බව ද අමාත්‍යවරයා පැවැසීය.

වරාය වරාය හා නාවික ඇමති මහින්ද සමරසිංහ මහතා වරාය අමාත්‍යංශයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය. ඔහු මෙසේ ද පැවැසීය.

“ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් හම්බන්තොට ණය වෙනුවෙන් අධිකාරිය ගෙවා තිබෙනවා. හම්බන්තොට ගිවිසුම අස්සන් කළ පසු ගෙවූ රුපියල් මිලියන 8 ක් පමණ වූ මුදල යළි වරාය අධිකාරිය වෙත ලැබෙනවා ඇති.

වරාය අධිකාරිය ලැබු ලාභ සමඟ වරාය සේවක වැටුප් වැඩි කිරීිමට කටයුතු කර තිබෙනවා. එහි වෘත්තිය සමිති සමඟ අස්සන් කළ ගිවිසුම අනුව රුපියල් 10000 ක් බැගින් වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක වෙනවා.

එය ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ගෙවනවා ඇති. ඒ අනුව ඉකුත් මාස දෙකේ හිඟමුදල ලඟදීම ගෙවනවා. මේ 10000න් 5000 ක් වැටුපට එකතු කරනවා. මේ නිසා අර්ථසාධක ඊටී එෆ් පාරිකෝෂික ඇතුඵ දීමනාවන්ද වැඩිවෙනවා ඇති. මෙම වැඩ පිලිවෙළේ අරමුණ ලාභය ලැබීමට දායක වුණ පිරිස් අමතක නොකිරීමයි.

මේ සඳහා මිලියන 2300  ක් වැයවෙන බව ගණන් බලා තිබෙනවා. ඒ වගේම වෘත්තිය සමිති 24 න් 21 ක් සාමුහික ගිවිසුමට අස්සන් කර තිබෙනවා.

වරාය අධිකාරිය 2015 වසර වනවිට රුපියල් මිලියන 14168 ක අලාභයක් ලබා තිබුණා. එය 2016 වනවිට බිලියනයක ලාබ ලැබුවා.



අදහස් (12)

2017 දී වරායෙන් වාර්තාගත ලාභයක්

rohitha perera Monday, 26 February 2018 11:26 AM

මේ වගේ ප්‍රවෘත්ති ප්‍රධාන පුවත් වෙන්නේ නැත්තේ ඇයි? කණගාටුයි එ් ගැන...

:       0       253

ravi Monday, 26 February 2018 01:55 PM

අයියෝ මේ පඩි වැඩි කරපුවා දාන්නේ ඇයි? දැන් ඉතින් පවුලගෙන් බේරෙන්න වෙන්නේ නැහැ. එයත් දැන ගත්තනේ පඩි වැඩිවෙලා කියලා. (වරායේ සේවකයෙක්)

:       14       120

නුමා Monday, 26 February 2018 10:45 PM

ඇත්තටම ලාභ ලබලා තියෙන්නෙ සේවාවන් නිසා නෙමෙයි, හම්බන්තොට වරාය බදු දීමෙන්. එය නියම ලාභයක් වන්නේ කෙසේද? ලංකාවම විකිණුවානම් ඔය කියන විදිහට, ලංකාව ණය බරින් මිදුණු රටක් වෙනවා. එතකොට ඒක අපි ලබපු ජයග්‍රහණයක්ද?

:       14       6

vipula Tuesday, 27 February 2018 03:16 AM

මෙතන ලාභය දිගින් දිගටම තිබුණා. නමුත් හම්බන්තොට වරායට ණය ගෙවීම නිසා එම ලාභය නැතිවෙලා. එමනිසා හම්බන්තොට වරාය විකිණීම නිසා ලාභය අතට ලැබුණා. එසේම හම්බන්තොට වරාය අහිමි වුණා.

:       318       15

perera Wednesday, 07 March 2018 03:14 AM

නිකම් ඉන්න වෙලාවට වරාය ගිවිසුම කියවන්න. ගම්මන්පිල, වීරසේකර සහ වීරවංස කොටි බෝම්බය ගැන කිව්වා වගේ බොරු නොකියන්න.

:       6       10

Vindya Wednesday, 28 February 2018 04:19 AM

ඇත්තටම ඇයි මේ වගේ ප්‍රවෘත්ති මිනුස්සුන්ට දැනගන්න ලොකුවට යන්නේ නැත්තේ. ආණ්ඩුව මොනවද කලේ කියල අහන කට්ටියට මේවා හොද උත්තර. කලින් ආණ්ඩුව වගේ ලොකුවට බැනර ගහල මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා මේවා මිනුස්සන්ටම පෙන්නුවම තමා ඔලු ගෙඩි වලට යන්නේ.

:       9       295

විධායක Wednesday, 28 February 2018 04:33 AM

වරායේ රස්සාවට එනවා නම් කම්කරු රස්සාවට එන්න. උගතුන්ට මේකේ සාධාරණ වැටුපක් නෑ. හැමොටම එක ගානෙන් වැඩි කරල දැන් වැටුප් අනුපාතය එකට දෙකාමාරයි. රජයේ ආයතන , ජල මංඩලය , ලංවිම වගේ තැන්වල එකට හතර සට හය දක්වා අනුපාතයක් තියනවා.

:       11       182

SenaWednesday, 28 February 2018 09:00 AM

ඔබතුමා කිව්වා හරියට හරි. මේ තත්වය බොහෝ රාජ්‍ය ආයතන වල සිදුවන වරදක්. දැන් කිසිඳු සුදුසුකම් ලත් වෘත්තිකයෙක් රජයේ සේවයට එන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙය රජයේ සේවා තව තවත් පිරිහීමට හේතු වෙනවා. නියමිත වැටුප් සූත්‍ර අනුගමනය නොකර වෘත්තීය සමිතිවල කීමට වැඩ සිදුවීමේ විපාකයි.

:       0       31

arjuna Friday, 02 March 2018 09:07 AM

මෙම ලාභය ලැබුවේ ඉස්සර කොන්ටේනර් එකකට රු 250/- සිට රු 10000/- දක්වා ගාස්තු වැඩි කළ නිසයි. නැතුව සේවකයෝ කරපු දෙයක් නැහැ.

:       48       8

rohana kumara mendis Saturday, 03 March 2018 03:48 PM

ඔව් ඉතින් අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි තමයි ඔය. පිටරටවල් වල අපි අවුරුද්දකට වරක් ලංකාවට එනකොට අරගෙන එන බඩුමුට්ටුවලට ගහන බදු මුදල් තමයි ඔය. වරායට ගෙවන්න ඕනෑ.. අපි රේගුවට ගෙවන්න ඕනෑ. අපි එවන කොම්පැනියට ගෙවන්න ඕනෑ. පැකින්වලට කියයි, ගමන් වියදම් කියයි. අන්තීමට බදු වැඩියි කියලා දඩත් ගහනවා.

:       0       2

pasindu Tuesday, 06 March 2018 04:09 AM

මගේ ළමයා හොදට ඉගෙනගත්තොත් කිසි දවසකවත් වාරායේ පස් පාගන්න දෙන්නේ නැහැ. ඉගෙන නොගත්තොත් කොහොම හරි හාර්බර් එකට දා ගන්නවා.

:       11       142

kalani Tuesday, 06 March 2018 10:28 AM

විගනකාධිපතිතුමා කියන තුරු අපි විස්වාස කරන්න නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 622 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 124 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 137 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 103 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site