(කාංචන කුමාර ආරියදාස)
 
දේශීය ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත් වීමට බලපෑ ප්‍රධානතම හේතුව නිෂ්පාදන වලට නිසි මිලක් නොමැති වීම බව මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න  පල්ලෙමුල්ල  මහතා පැවසීය.


පසුගිය වසරවලදී දේශීය ලොකුළුණු  හෙක්ටයාර්  හාරදහසකට ආසන්න  පමණයක්  වගා කළ ද මේ වන විට එය හෙක්ටයාර් දහසකටත් අඩු වීම බරපතළ ප්‍රශ්නයක් බවත් ඉදිරියේදී ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත්වෙමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.


ලොකු ලූනු වගාවෙන්   ගොවියා  ඉවත්වීමට  කරුණු කිහිපයක් බලපෑ බවත් නියගය වැස්ස වැඩිවීම මෙන්ම නිෂ්පාදන වියදම අධික වීම විදේශ රටවලින් ලොකුලූනු විශාල වශයෙන් ගැන්වීම ආදි කරුණු කාරණා රැසක් අතීතයේ සිට බලපෑ බව හෙතෙම සඳහන් කළේය.


දේශීය ලොකු ලූනු ගොවියාට තම නිෂ්පාදනය සඳහා ලොකුළුණු කිලෝවක ගැණුම් මිල රුපියල් 70 ක් රුපියල් 80 ත් අතර මිලක් පැවතිය යුතු බවද එක කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 51 ක මුදලක් වැයවෙන බව බවද ලොකුලූනු අක්කර එකක් වගා කිරීම සඳහා රුපියල් දෙලක්ෂ පනස් දාහක් දී ලක්ෂ අසූදාහක් අතර මුදලක් වියදම් වන බව ප්‍රසන්න  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම නිෂ්පාදන වියදම ඉහළ යෑමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකාවේ කම්කරු කුලිය ඉහළ යෑම බවත් මිනිස්  දින 130 කට වඩා වැය වෙන බවද ඉන්දියාවේ සහ වෙනත් රටවල කම්කරු කුලිය අඩුවීම සහ විවිධ සහන ගොවීන්ට ලබාදීම නිසා අඩු පිරිවැයකින් ලොකු ලුණු නිෂ්පාදනය කිරීම සිදු වන බව හෙතෙම සඳහන් කළේය.


වසරකට මෙරට ඒක පුද්ගල ලුණු පරිභෝජනය කිලෝ දහයක් බවත් වසරකට ලොකු ලූණු  මෙක්රික්ටෝන්  දෙලක්ෂ අසුදහසක්  පමණ  අවශ්‍යතා  පවතින බවත් මෙරට ලොකුලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හැටදහසක් හැත්තෑ දහසක්  අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් 2014 වසරේ මෙරට ලොකු ලූණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්ම වූ බව ද සඳහන් කළේය .


නිෂ්පාදනය වැඩි වීමත් සමඟ දේශීය ලොකුලුණු ගොවියාට මිලක් අහිමි වීමත් සමඟ ලොකු ලූනු ගොවියා සිය වගාවෙන් ඈත්වීමට පටන් ගත් බව ප්‍රසන්න ප්ලේමුල්ල  මහතා සඳහන් කළේය.