IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘කාර්මික විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)
 

ඩිජිටල් තාක්ෂණයපරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉරිදා (6) ප්‍රකාශ කළේය.

නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කළ යුතු යැයි ද ප්‍රේමදාස මහතා පැවැසීය.

කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.

          “ජනාධිපතිවරණයකට මුහුණ දී එම දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර මේ රට නව මාවතකට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ අපේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය අපි බාර අරගෙන තිබෙනවා. 
 
මිත්‍රවරුණි, මෙම මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. අපි වැඩ කරලා ඔප්පු කරලා තිබෙනවා. අපි ජනතාවට දැවැන්ත සේවාවක් කරලා තිබෙනවා. කෙටි කාලයක් තුළ මේ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලූම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේදී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, එම සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළකට කාලය එළැඹ තිබෙනවා.
 
අපි රටක් හැටියට ලොව දිනන්නට ඕනේ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනේ. නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කරලා නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනේ. එම ආර්ථික රටාව ශක්තිමත් කරන්න ඕනේ”.
 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (20)

‘‘කාර්මික විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි‘‘

sachith Monday, 07 October 2019 07:39 AM

අවුරුදු 70ක් තිස්සේ රට කරලා මේ රටේ කර්මාන්ත කියල තියෙන්නේ ඇගලුම් කර්මාන්ත විතරයි. 71 මැතිණි ඇතිකරපු ටිකක් හරි කාර්මික ආයතන ටිකත් ඊට පස්සේ පත් වෙච්ච ආණ්ඩු ටිකෙන් ටික විනාස කරලා දැම්මා. ඒ ටික හරි හරියට රැකගත්තනම් අද අපි මීට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න රටක්.

:       16       215

kolam bossMonday, 07 October 2019 09:57 AM

ලංකාවේ ඇඟලුම් කියන්නේ කර්මාන්තයක් නෙමෙයි. සේවාවක්. ලංකාවේ රෙදි නිපදවන්නේ නැහැ. මැෂින් හදන්නේ නැහැ. ඒ ඔක්කොම එන්නේ පිටරටින්.ලංකාවේ කරන්නේ ඒ එවන රෙදි කපලා, මහලා ඇසුරුම් කරලා පිටරට අරින එක විතරයි. ඒකට කියන්නේ සේවාවක් කියලා. අපේ රටේ කර්මාන්තයක් කියල කියන්න පුළුවන් දේවල් බොහෝම ස්වල්පයයි තියෙන්නේ සුද්දන්ට පින් සිද්දවෙන්නෙ. තේ නම් කර්මාන්තයක්. පොල් රබර් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් උනත් ඒක කරගන්න දැනුමක් සහ හැකියාවක් නැහැ. පොල් ආශ්‍රිත කර්මාන්තය දියුණු කරගන්න ඕන කරන මැෂිමක් හදාගන්නවත් දැනුමක් නැහැ. තාම කරන්නේ ලණු අඹරලා විකුණන එක තමයි. රබර් ටිකට කරන්නේ වතු යායවල් පිටින් එලි කරලා දේපොළ වෙලදාම් ආයතන වලට විකුණන්න සලස්සන එකයි. හරියකට විදුලිය සහ අන්තර්ජාල පහසුකමවත් දෙන්න බැරුව දඟලන ආණ්ඩුවක් ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ විප්ලවයක් කරන්න කතා කරනවා කියන්නේ විහිළුවක්. මේක අලුතෙන් ඡන්ද බලය ලැබෙන තරුණ පරපුරේ ඡන්ද ටික ගන්න දෙන පට්ට බොරු පොරොන්දුවක්.

:       226       487

sachithMonday, 07 October 2019 04:16 PM

ඔව්, ඔබතුමාගේ අදහසට එකඟයි. එ්ත් අපේ රටේ බහුතරයක් ඡන්ද දායකයෝ හිතන් ඉන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාව කියන්නේ ලොකු කර්මාන්තයක් කියලනේ. රෙදිපිළිවලට අදාලව කරන නිෂ්පාදන හරියට කරා නම් එ්කත් ඇති දියුණු වෙන්න. ඒ හැමදේටම ඉතින් පරීක්ෂණ අංශය දියුණු කරන්න ඕනෑ. ඒවා නැතුව බයිලා කියවලා වැඩක් නෑ...

:       0       99

chandimaMonday, 07 October 2019 04:28 PM

මේ මොකුත්ම කරගන්න බැරුව ඉන්නේ වැඩිම දැනුම තියෙන 225 පාර්ලිමේන්තු ගිය නිසානේ...

:       0       13

සමන්තThursday, 10 October 2019 03:31 AM

අපිට මේ පණ්ඩිත කතා දකිද්දී තමයි හිනායන්නේ. කවුද ඔයාට කියලා දුන්නේ ඇඟලුම් නිශ්පාදනය කියන්නේ කර්මාන්තයක් නෙමේ සේවාවක් කියලා. ඒ මොන ආර්ථික මූල ධර්මයකට අනුවද? එතකොට අයවැය ලේඛනයේ සහ මහා බැංකු වාර්තා වල ඒවා සටහන් වෙලා තියෙන්නේ සේවා යටතේද? එහෙම නොවේ නම් ඒ ඇයි? එතකොට ඇමෙරිකාවේ ටෙස්ලා වගේ ආයතන මෝටර් රථ නිෂ්පාදනය කරද්දි බොහෝ කොටස් වෙනත් රටවල් වල හදලා ආනයනය කොට එකලස් කරන නිසා ඒවත් අයිති වෙන්නේ සේවා යටතටද? මෙවැනි නිෂ්පාදන කර්මාන්ත ශාලා වල ප්‍රොඩක්‍ශන් ලයින් පවතින්නේ ඇයි? මේ දන්නැති නිසා ඇහුවේ. කියලා දෙනවද​?

:       0       3

isurandi Monday, 07 October 2019 08:01 AM

කපටිකම දේශපාලනයේ එක අංගයක්... හැමදාමත් දේශපාලකයා කලේ අපිව ගොනාට අැන්දුව එකනේ... අනික අපේ මිනිසුන්ටත් ඉක්මණට අමතක වෙන ලෙඩේ තියෙන නිසා රවට්ටන්නත් එච්චර අමාරු වැඩක් නෙමෙයි.

:       5       138

Akila Monday, 07 October 2019 08:15 AM

දෙපැත්තේ ඉන්න දෙන්නගේ කතා අහල සජිත් මහත්තයට සසර කලකිරිලවගේ

:       1       114

Jana Monday, 07 October 2019 08:25 AM

කාර්මික විප්ලවය ඉවරවෙලා ගොඩක් කල් කියල දන්නේ නැතිව ඇති... මම මතක විදියට ඕ ලෙවල් පංතියේ ඉතිහාසයට කාර්මික විප්ලවය ගැන උගන්නනවා... දැන් තියෙන්නේ තොරතුරු තාක්‍ෂණ විප්ලවයක්... ඕව දන්නේ නැති එක අතකට පුදුමයක් නෙවෙයි... නැත්තං නිකං කන්න දීලා ඡන්ද ගන්න කතා කරයිද...?

:       43       114

kamal Monday, 07 October 2019 08:44 AM

ඡන්ද උණ උත්සන්න වෙලා විකාරෙන් දොඩවනවා...

:       2       158

dasa Monday, 07 October 2019 12:04 PM

සජිත් මහත්තයෝ ඔය වම් පැත්තේ ඉන්න කෙනාව නම් ගාව ගන්න එපා. එන සැරේ ඔයාවත් විකුනාවී

:       1       115

Chathuri Monday, 07 October 2019 01:00 PM

උගතුන් පිරි පක්ෂයක් , නමුත් වැඩ කරන්නේ නුගතුන් වගේ හරියට මොලේ කල්පනා කෙරුවනම් ඉදිරියේදී හෝ රට ගොඩ ගන්න පුළුවන් ! ප්‍රධාන දේ ඡන්ද පොරොන්දු ඉෂ්ට කරන්න ! හොරාට දඩුවම් දෙන්න සුදුස්සාට නියම තැන දෙන්න, තාක්ෂණය දියුණු වුනාට වැඩක් නැහැ, බොරුවයි, වංචාවයි උතුරනවානම් රට පාලනය කරනවා කියන්නේ තම මිත්‍රයින් නඩුවලින් නිදහස් කරන එක නෙමේ. රටේ ජනතාව යහමගට අරගෙන රට ස්වයංපොෂිත කරන එක, අපේ රටේ වෙන්නේ හොරකන, එක නීතිය නොසලකා හරිම, කිසිම නායකයෙක් දුෂිත වැඩ කෙරුවම හිරේ නොගිහින් නිදැල්ලේ ඉන්න එකම රට ලංකාව. රටේ නායකයාත් හොරුන් ආරක්ෂා කරනවා, අධිකරණයත් ඒ දේම කරනවා රට ගොඩගන්න පළමුව මේවා නතර කරන්න

:       34       101

RaveendraMonday, 07 October 2019 03:03 PM

ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු.

:       0       13

BamnuarachchiThursday, 10 October 2019 10:22 AM

චතුරි, හොරුන්ට දඬුවම් දෙනවානම් පළමුව මේකෙම ඉන්න හොරුන්ට අමතක වෙන්න කලින් දඬුවම් කළ යුතුයි. එතකොට පසුගිය ආණ්ඩුවේ හොරු ඉන්නවානම් ඒ හොරුන්ට දඬුවම් දෙන්න කෙනෙක් මේකේ ඉතුරුවෙන්නේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරය මැඩ නොපැවත්වුවාට ආරක්ෂක ලේකම්,පොලිස්පති වගකියන්න ඕනේනම් මේ ආණ්ඩුවේ වෙච්ච හොරකම් මැඩ නොපවත්තුවාට නියෝජ්‍ය නායකයත් වග කියන්න ඕනේ. එතකොට කවුරුවත් ඉතුරු වෙන්නේ නැත. ඕනේ කෙනෙකුට මිනිසුන් රවටන්න පොරොන්දු දෙන්න පුළුවන්. නමුත් බැරි පොරොන්දු ඉෂ්ට කරන්නේ කොහොමද.?

:       0       19

nimaza Monday, 07 October 2019 01:22 PM

මේ කියන වෙනස කරන්න තිබුනේ 1977.

:       0       35

Kumar Monday, 07 October 2019 06:02 PM

නාකි රිලව් හීන දකිනවා.

:       1       29

Dhilak Gamage Tuesday, 08 October 2019 06:46 AM

දවස් 100 යෙන් අලුත් රටක් කරපු අයට කාර්මික විප්ලවය මොන කග්ගක්ද?

:       0       166

vipula. Tuesday, 08 October 2019 10:10 AM

මෙතුමා තව අවුරුදු කොපමණ බලයේ හිටියත් කාර්මික විප්ලවයක් ඇති කරන්නේ නැහැ . එක මෙතුමාට කරන්න හැකියාවක් වගේම තේරුමකුත් නැහැ . මෙතුමා තව බලයේ හිටයොත් සම්පත් විකිණීම නම් හරියටම කරයි .

:       0       230

CHANDIMA Tuesday, 08 October 2019 04:40 PM

අර පොක්ස්වැගන් කරමාන්තශාලාවත් ඒ කාර්මික විප්ලවයේ කොටසක් වෙන්න ඇති නේද?

:       0       72

Bandara Thursday, 10 October 2019 08:46 AM

ඔය විප්ලව කරලා අහුවෙන්නකෝ.....

:       0       9

Bamunuarachchi Thursday, 10 October 2019 09:41 AM

කාර්මික විප්ලවයක් කියන්නේ මොකක්ද කියලා දන්නවාද? ඔව් රටේ තිබෙන කුඹුරු ඔක්කොම කර්මාන්ත ශාලා කොරන්න කොම්පැනි වටලා විකුණා පල්ලා. ඕලෙවල් පාස් කර තිබුනා නම් දන්නවා ලංකාව කෘෂිකාර්මික රටක් කියලා. ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන හාල් වලමිල ලංකාවේ මිලෙන් 3/4 පමණ වෙනවා. වතුරයි භූමියයි දැනුමයි තිබිලා තවම බැරිඋනා අඩුමිලට හාල් ටික නිෂ්පාදනය කොර ගන්න. දැනුමත් නැතිව, උවමනා අමුද්‍රව්‍ය නැතිව කර්මාන්ත ශාලා නැතිව මොන කාර්මික විප්ලවද. අනික ඒ නිෂ්පාදන කාට විකුනන්නද?

:       0       17

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 106 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 69 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 664 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site