IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘විදුලි වාහන බදු තවත් අඩුකළ යුතුයි‘

(නිමල කොඩිතුවක්කු)

විදුලි වාහන සම්බන්ධයෙන් රජය පනවා ඇති බදු මුදල් තවදුරටත් ලිහිල් කරමින් එම වාහන  ප‍්‍රවර්ධනය සඳහා කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා විදුලි වාහන සමාජයේ කමිටු සාමාජික මහිසංක අබේවික‍්‍රම මහතා අද(30) කොළඹදී පැවසීය.

එමෙන්ම වසරකට අඩු කාලයක් භාවිතා කරන ලද විදුලි වාහන සඳහා දැනට ලබා දෙන බදු සහනය වසර දෙක දක්වා ඉහළ දැමීමට  කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී ශ‍්‍රි ලංකා විදුලි වාහන සමාජය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

කිලෝවොට් 50 සිට කිලෝවොට් 150 දක්වා වාහන සදහා දැනට පනවා ඇති බදු මුදල් ලිහිල් කර එම සහනය ජනතාවට ලබා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

2040 වනවිට සියලූ වාහන ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද මෙම තත්වය යටතේ එම ඉලක්ක ජයලත නොහැකි බවද අබේවික‍්‍රම මහතා පෙන්වා දුන්නේය.
 



අදහස් (16)

‘විදුලි වාහන බදු තවත් අඩුකළ යුතුයි‘

senevirathne Thursday, 30 November 2017 12:59 PM

විදුලි වාහන බද්ද තවත් අඩු කරන්න. වොල්ට් 150 වාහන සුලභ කරන්න චාර්ජින් පොයින්ට් 5000ක් වහාම ඇති කරන්න. ඒ සදහා සිපෙට්කෝ ඉන්ධන හල් යොදා ගන්න

:       60       85

රවිඳු Thursday, 30 November 2017 02:22 PM

පසුගිය අයවැයෙන් මේ විදුලි වාහන සඳහා බදු මුදල වැඩි කළා. එතනදී, බ්‍රෑන්ඩ් නිව්ද? රීකන්ඩිෂන්ද? කියලා වර්ගකිරීමක් නැතිව එක රැයින් වැඩි කළා. එ්ත්, මෙවර බ්‍රෑන්ඩ් නිව් කතාවක් ඉස්සරහට දමලා විදුලි වාහන මිලෙහි අඩුවක් නැහැ. ඉතින් මේ තක්කඩින් ගැන මොනවද කියන්න තියෙන්නේ?

:       18       192

Nuwan Thursday, 30 November 2017 03:54 PM

ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කරන රටකට මොන විදුලි කාර්ද ...?

:       96       197

de silva Thursday, 30 November 2017 04:41 PM

2040 දී ලංකාවේ සියලුම වාහන විදුලියෙන් දුවන්න !!! එතකොට එම වාහන වලට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරන්නේ ගල් අඟුරු පුච්චලද? ලංකාවේ ඉන්ධන අරපිරිමැස්ම ඇති හයිබ්රිඩ් වාහනවලටත් අහස උසට බදු ගහනවා. ඔය ඉලක්ක කොහේ ඉෂ්ට කරන්න්නද? ලංකාවේ සියලුම දේශපාලකයින් කියන්නේ එක දෙයක්... කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්, ඔවුන්ගේ එකම ඉලක්කය තමයි.., රටට හෙන ගැහුවත් තම මඩිය පුරවා ගැනීම..

:       1       425

udanaFriday, 01 December 2017 10:05 AM

ලංකාවේ තියෙනවා. ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු මෙක ගෙන තියෙනවා. එ්ත් කවුරුත් හෙල්ප් කරන්නේ නැහැ.

:       0       4

Perera Thursday, 30 November 2017 05:44 PM

ඔය විදුලි වාහන වලට අවශ්‍ය විදුලිය උත්පාදනය කරන්න ඉතින් ඩීසල් අවශ්‍යයයි!!!

:       33       43

sanath Thursday, 30 November 2017 07:14 PM

මස් රාත්තලම එකපාරට ඉල්ලන්න එපා. ආණ්ඩුවෙන් ටැක්ස් සම්පුර්ණයෙන්ම අයින්කලත් ඔහෙලා කියයි අඩුමගානේ කාර් එක මිලදීගන්න යන මුදලින් සීයට 25ක් වත් ආණ්ඩුවෙන් දෙන්නේ නැත්තේ ඇයි කියල.

:       75       375

Gihan Friday, 01 December 2017 03:31 AM

බදු අඩු කර එම වාහනය මසකට වැය කරන විදුලි ඒකක ගණනට සරිලන සූර්ය විදුලි පද්ධතියකින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන්න.

:       0       32

sadisa Friday, 01 December 2017 04:14 AM

බදු අඩු කරලා නොවෙයි නිකම්ම දුන්නත් මොකටද ඒවාට බැටරි ගෙන්වන්න අවසර දෙන්නේ නැත්නම්!

:       0       56

wiki Friday, 01 December 2017 05:47 AM

විදුලි වාහන ආරෝපණය කරන්නේ වෙනත් ඉන්ධනයක් භාවිත කරලා. මේකෙන් කොච්චර බලපෑමක් තියෙනවද විදුලි බල මණ්ඩයට. දැනටත් පාඩුයි විදුලි එ්කකයකින් ? අනික ආරෝපණ මද්‍යස්ථාන අවශ්‍ය වෙනවා, සුර්ය බලය වගේ ස්වභාවික විදුලිය නිෂ්පාදනය කරනවානම් මෙය වත්පරිසර හිහාකාමී වෙවී. කෙසේ හෝ යම් දිනක අපට විකල්ප බල ශක්තියකට යොමු වීමට සිදු වනු ඇත...........

:       0       47

roshanWednesday, 06 December 2017 03:58 PM

විදුලි වාහන ගෙන්න ප්‍රධාන හේතුව තදබදය තියන නගරවල වායු දුෂණය නැති කිරීම. නගරබද වායු දුෂණය නිසා වසරකට ලක්ෂ ගානක් මැරෙනවා. කොළඹ පාරක ගියහම ඇදුම් වල දුම් ගද ඉවසන්ඩ බෑ. මේකට විදුලි ජනනයේ සම්බන්දයක් නෑ.

:       3       1

සෙනෙවි Friday, 01 December 2017 08:22 AM

තම නිවසේ සූර්ය බලය නිශෟපාදනය කරන අයට පමණක් බදු සහනය දෙන්න එතකොටයි නියම පරිසර හිතකාමි වෙන්නේ අපේරටේ තාම විැඩිපුර විදුලිය නිශ්පාදනය කරන්නේ පොසිල ඉන්නධන වලින් එතකොට බදු සහනයෙන් සූර්ය බල විදුලි නිෂ්පාදනය ඉහළ යාවි.

:       0       142

කරුණාපාල Friday, 01 December 2017 10:06 AM

දේශපාලන මඩ වලින් ඔලුව පුරවාගත්ත ගොබ්බ අදහස් නැතිව, රජයෙන් දෙන සහනයවත් ජනතාවට නොදෙන මේ සේල් කාරයින් ගැන නොලියන අයගේ පුහු අදහස් දැකලා හිනාත් යනවා. මොන්ටිසෝරි මොලගෙඩි වල තරම පේනවා දැනට ලියලා තියන අදහස් වලින්ම. මොන විදුලි කාර්ද? ගොන් කරත්ත වලට යන්න කාලය හරි.

:       5       25

de silva Sunday, 03 December 2017 10:11 AM

කරුණාකර ඉන්ධන දහනය අඩු හයිබ්‍රිඩ් වාහන වලට ගහන බදු අඩුකරන්න. එතකොට ජනතාව ඉන්ධන දහනය වැඩි පරණ වාහන භාවිතය අඩු කරාවි.. එතකොට පරිසර දූෂණය සහ ඉන්ධන පරිභෝජනය අඩු වේවි!!! ඊට පස්සේ පුළුවන් සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන වාහන ගැන කතා කරන්න. කරුණාකර අැමැතිලාට සහ නියෝජ්‍ය ඇමැතිලාට තම තීරුබදු රහිත වාහනයට අමතරව ලබාදෙන, ටොයෝටා සහරා වර්ගයේ සිලින්ඩර් 8 ඇති, එන්ජින් ධාරිතාව 4000 සීසී වලට වැඩි විශාල ලෙස ඉන්ධන භාවිතා කරන ජීප් රථ ලබාදීම වහාම නතරකරන්න. ලංකාව වැනි රටකට මෙපමණ විශාල එන්ජින් ධාරිතාවයක් ඇති වාහන අනවශ්‍යය.

:       20       65

NuwanSunday, 03 December 2017 01:05 PM

එහෙම කොහොමද? ඇමතිවරු කොහොමද වොට්150 විදුලි කාර් වලින් යන්නේ? ඔවුන්ට ගොඩ මඩ දෙකේම යන වී8 එන්ජින් ඇති 4000 ධාරිතාව ඇති නිසාන් පැට්‍රොල්, ලෑන්ඩ් කෘසර් සහරා අනිවාර්යෙන් අවශ්‍යයි. රෑ තිස්සේ බැටරි චාර්ජ් කරගෙන ගිහින් කොහොමද අපට සේවය කරන්නේ වෙලාවට? අපි කරත්ත පැදලා හරි ඔවුන්ට සහය දෙමු සුපිරි වාහන ගන්න.

:       0       39

Salinda Monday, 11 December 2017 01:28 PM

විදුලි වාහන භාවිතා කරන්නන් සඳහා ගෘහ සූර්ය බලශක්ති පද්ධතියක් අනිවාර්ය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 47 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 50 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site