IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘අපි ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි‘ - අගමැති

(හර්ෂණ තුෂාර සිල්වා)

රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය. 

රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛත්වයක් බව කී අග්‍රාමාත්‍යවරයා ඊට අමතරව ජනතාවට අධ්‍යාපන හා නිවාස ආදී මූලික පොදු සේවාවලට ප්‍රවේශවීමට තිබෙන අවස්ථා වැඩි කරන බව ද කීය. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පළමු ජාතික සෞඛ්‍ය පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීවේය.

රටේ මූලික පොදු සේවා ඔස්සේ ජනතාවට පහසුකම් සැලසීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා වත්මන් ආණ්ඩුව කවදාටත් නොදුටු ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක කරන බව ද කීය. 

 

“අපි ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව නැවත නැවත කිව යුතුයි. රටේ ජනතාවට සෑම විටම ප්‍රතිලාභ ලබා දීම අපේ ප්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කළ යුතුයි. රටේ ජනතාවට පහසුකම් සැලසීම සහ ප්‍රතිලාභ සැලසීම අපි අඛණ්ඩව සිදු කරනවා. ශ්‍රී ලංකාව සියලු දෙනාට ඉතා හොඳ ජාතිකයක් බවට පත් කිරීම සඳහා අපි ශක්තිමත් ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා ඇප කැප වී කටයුතු කරනවා. රටේ සියලු ජනතාවට යහපත් ජාතිකයක් ශක්තිමත් රටක් බිහි වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණයි” යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය. 

 



අදහස් (42)

‘අපි ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි‘ - අගමැති

sathyapala Monday, 04 December 2017 10:10 AM

ඔහේ කියකියා ඉන්න. වැරදිලාවත් හොඳ වුණොත් අපේ වැඩ...

:       345       433

RaveendraTuesday, 05 December 2017 04:00 AM

ඔබගේ අදහස් කියවීමේදී අපට පැරණි කියමනක් මතකයට නැගෙනවා. එය නැවත සිහිපත් කිරීමට කැමැත්තෙමු. " කටේ සද්දේ රෙද්ද පල්ලෙන් බේරෙනවා "

:       2       185

BamunuarachchiMonday, 18 December 2017 02:00 PM

හොඳ වුණොත් හොඳ වෙන්නේ අපි පටි තද කරගෙන බදු ගෙව්ව නිසායි.

:       0       1

nimal Monday, 04 December 2017 10:22 AM

ශක්තිමත් ආර්ථිකයක් රටට කෙසේවෙතත් ඇමති, මන්ත්‍රීවරුන්ට නම් හැදේවි.

:       0       379

ravi Monday, 04 December 2017 10:29 AM

මිස්ටර් ක්ලීන්, ශක්තිය වැඩි කමට මහා බැංකුවත් සුද්ද කරා...

:       407       3041

Senarath Monday, 04 December 2017 11:03 AM

කියපු කතාවේ කිසිම වරදක් නැහැ "අපි ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි". මේ කියන්නේ අගමැති, ඇමතිවරු ශක්තිමත් ආර්ථිකයක් කරා යනවා කියලනේ. නොඑසේ නම් තවදුරටත් හොරකම නොකඩවා කරගෙන යනවා කියලනේ.

:       4       657

Thushara -Qatar Monday, 04 December 2017 11:40 AM

ඔව් ඔව්.... ආර්ථිකේ ශක්තිමත් වැඩි කමට .. පොල්...120. ඩොලර් එක 155...

:       136       837

MP Monday, 04 December 2017 01:06 PM

මිනිසුන්ට මේ තරම් බර පටවන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිසාද? මහ බැංකුව කොල්ල කාලද ආර්ථීකය ශක්තිමත් වෙලා තියෙන්නේ? මේ තරම් බදු පටවන්නේ ශක්තිමත් ආර්ථීකයක් නිසාද? මොනවද මේ මොන්ගල් කථා?

:       0       531

sunil Monday, 04 December 2017 02:08 PM

බොන්ඩ් එකෙනුත් කවුරු කවුරු ගිය හැටි අපි දන්නවා දැන්. ඡන්දෙට කලිනුත් ඔහොම කිව්වා. නමුත් දැන් නම් මේවා අපි අහන්නවත් කැමති නැහැ. ඡන්දෙ නම් දුන්නා තමා. නමුත් ඒ ගැන අද දුක්වෙනවා.

:       1       637

sunil Monday, 04 December 2017 02:10 PM

ජනතාව හැටියට අපිට මේවා බල නොපෑවත් එක කට්ටියක් නම් ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත අපිට දැන් මතක් වෙනවා.

:       0       206

emerson Tuesday, 05 December 2017 12:13 AM

වසර 2050 වෙද්දී ලෝකයේ ආර්ථික බලවතා වෙන්නේ චීනය . ඉන්දියාව තුන් වැනි තැනට පත්වෙනවා කොට්න්ම කියනවනම් බංගලාදේශය දේශයත් පලවෙනි 10 දෙනා අතරට එනවා . මේ එක රටක් වත් තමුන්ගේ රටේ තියන දේවල් විකුණන් කන්නේ නෑ.

:       2       263

Gihan Tuesday, 05 December 2017 01:56 AM

අනිවාර්යෙන්ම ඔබතුමන්ලා ශක්තිමත් ආර්ථිකයක් ලඟා කරගෙන. සිරිකොතේ බදු ගෙවා ගන්න බැරුව හිටි අය දැන් බැඳුම්කරෙන්, කිරෙන්, පැණියෙන් අත හෝදන්නේ. පොඩි කාර් එකක් ගන්න හිටපු උන්ට, දෙවේල කාල තුන්වේල කන්න හිටපු උන්ට නම් බඩුම තමා.

:       1       220

raj kpuur Tuesday, 05 December 2017 04:13 AM

මේ අගමැකි නං දොඩෝනවා . මිනිස්සුන්ට ජීවිත් වෙන්න බැරිව ඉන්නවා. මේ අය මිනිස්සුන්ව විහිලුවට අරගෙනද කොහෙද?

:       2       193

wedage Tuesday, 05 December 2017 10:49 AM

බොරුව උනත් දිගටම කියවනකොට මිනිසුන් හිතනවා ඇත්ත කියල එකයි මේ උත්සාහය

:       2       245

lalith Tuesday, 05 December 2017 04:27 PM

පිරිත් උනත් කියන්න කියන්න ගුණ ලැබෙනවනේ. ඒවගේ නැවත නැවත කියනකොටවත් ඔය කියන ශක්තිමත් ආර්ථිකයට යයිද බලමුකෝ.

:       74       120

lalin Tuesday, 05 December 2017 07:04 PM

මෙතන කියලා තියෙන්නේ 'අපි' මිසක් 'රට' කියල නෙමෙයිනේ. ඒ කියන්නේ පාලකයෝ ශක්තිමත් ආර්ථිකයක් කරා යනවා.

:       2       294

Don Tuesday, 05 December 2017 10:09 PM

මේ පුවත හෙඩ් ලයින් එකෙන් නැවැත්තුවනම් කතාව සහතික ඇත්ත ..

:       0       16

Sathyayaa Tuesday, 05 December 2017 10:20 PM

"රටේ ජනතාවට (අ) පහසුකම් සහ සැලසීම...." ආණ්ඩුවේ ප්‍රමුකත්වයක් බව කිව්වත් ආණ්ඩුවේ අනෙක් කොටස්කාර පාර්ශවය මේ කියන උප්පරවැටි වලට සම්බන්ධ නැහැ. ජනතාව හැටියට අපටත් කියන්න තියෙන්නේ ආර්ථික බෙලහීන කම නමැති අතීසාරයට ඕගොල්ලෝ මුසාවාද නමැති අමුඩය නැවත නැවතත් ගසමින් ඉන්නවා කියල.

:       0       41

Roy Wednesday, 06 December 2017 05:00 AM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි...

:       1       77

Rohana Wednesday, 06 December 2017 07:58 AM

ඔබතුමා ඇතුළු රෝයල් කල්ලිය ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටියි. බැඳුම්කර වංචාවෙන් බිලියන 59 කොල්ලයෙන් ගමන වේගවත් වුණා.

:       1       175

Lapaya Wednesday, 06 December 2017 10:11 AM

මහ බැංකුව තියනකම් අපි ශක්තිමත් නේද?

:       1       68

Asanga - Bahrain Wednesday, 06 December 2017 10:24 AM

රුපියල බාල්දුවෙලා තියන හැටියට හොඳට පේනවා. ශක්තිමත්බව කෙසේවෙතත්, ආර්ථිකය ඉක්මනින්ම වලපල්ලට ගිහින් තියෙනබව. රටේ ණයබර මේ කාලයේදී හොඳට ශක්තිමත් වෙලා තියෙනවා. රනිල්, සිහි විකල් වෙලා වගේ කතා කියනවා.

:       1       135

senewi Wednesday, 06 December 2017 11:25 AM

රටේ කෙසේ වෙතත් බැංකුව බින්ඳ අයගෙ නං ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන බව නං පේනවා

:       1       449

nihal Wednesday, 06 December 2017 08:51 PM

මට නම් පේන්නේ එළාර රනිල් නමින් ඉපදී ඇති බවයි.. යන්නෙත් නෑ... බෙදාගත්තට කන්නත් බෑ.. බාරගත්තට කරන්න දන්නෙත් නෑ... උනන්දුව ...උතුර නැගෙනහිර වෙනම රටක් කරන්න නේද..?

:       0       80

GihanThursday, 07 December 2017 12:39 PM

එළාරට අපහාස කිරීම පිළිබඳව මාගේ බලවත් විරෝධය.

:       0       37

wanniarachchi Thursday, 07 December 2017 03:39 AM

ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් ඉන්නවා තමයි. තව සෑහෙන කල් යයි... එ්කට මෙහෙම ගියොත්, ඇමතිවරු එහෙන් කෑ ගහනවා. අපි මෙහෙන් කෑ ගහනවා. අන්තිමට මේ අයට ඕනෙ වැඩේ වෙනවා. රට එක තැනමයි. තව කොහෙද යුද්දෙකුත් එක්ක රට බාර දුන්නා නම්?

:       0       43

mahinda gamage Thursday, 07 December 2017 05:03 AM

රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) රටේ ජනතාවට සහන සලසන්න අවු: 2 1/2 තිස්සේ කෝටිගනනි න් මහජන මුදලින් කුලී ගෙවන සබීතගේ ගොඩනැගිල්ලට තව කෝටි 5 ගෙවීමට පරිපූරක ඇස්තමෙන්තුවක් ඉඩිරිපත් කලබව ළංකාදීපය අද වාර්තා කරා.

:       0       79

sunil Thursday, 07 December 2017 06:25 AM

රට ශක්තිමත් කරන්නට ඔයාලා සියලු දෙනාම ඉල්ලා අස්වෙලා උසස් දැනුමක් සහිත වටිනා තරුණ පරපුරට රට භාර දෙන්න. අනිත් රැකියා 60 ගෙදර යනවා නම් මේ අයත් යායුතුයි. විශ්‍රාම වැටුප් ලබන්නට පුළුවන් දිගුකලක් සේවය කරලයි. එක පක්ෂයක ඡන්දෙන් ඇවිත් අනිත් පැත්තට පැනීම නැවැත්විය යුතුයි. මේ අයගේ වරප්‍රසාද සියල්ලම මේ අයගේ වැඩි මනාපෙන් ලබාගත් ඉතාම නින්දිත ඒවායි. විශාල ලෙසින් පහසුකම් කොල්ලකාගෙන කොහොමද මේ රට අගාධයට යන එක නවත්වන්නේ? මේ කුඩා මුතු ඇටයක් වගේ ලස්සන රටට ඉන්දියාව වගේ විශාල රටක ඇති ප්‍රාදේශීය සභා ගැලපෙන්නේ නැහැ. මේ අය නඩත්තු කරමින් කිසිදා මේ රට ගොඩගනු නොහැකියි. මේ බයිලා මේ ඡන්දෙ ලග නිසා තමයි ... !!!

:       1       48

sena Thursday, 07 December 2017 09:56 AM

ඔබේ පක්ෂය නම් ශක්තිමත් ආර්ථිකයක් කරා යනවා

:       0       35

de silva Thursday, 07 December 2017 10:35 AM

ඔබතුමා ඔය කතාකරන්නේ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු කාණ්ඩයේ ආර්ථිකය ගැනද? එහෙම නැත්නම් රටේ ආර්ථිකය ගැනද?

:       0       37

Bamunuarachchi Thursday, 07 December 2017 02:00 PM

මේ අය යන්නේ නම් වලපල්ලටම තමයි.

:       1       5

තපෝ ඛන්ති Thursday, 07 December 2017 03:18 PM

අනේ අගමැතිතුමෝ.... මෙය සහගහන අපරාධයක්. මෙවැනි දේ කියමින් ජනතාව නොමග යවන්න එපා...

:       0       11

nihal Thursday, 07 December 2017 08:03 PM

මට නම් පේන්නේ වටිනාකමක් නොමැති පුද්ගලයෙක් ලෙසටයි..

:       1       17

Rohana Friday, 08 December 2017 03:44 AM

අගමැතිතුමනි, ඔබතුමා මහා බැංකු බැදුම්කර වංචාවෙන් බිලියන 59 ක් රටට පාඩු කලා, කෘෂිකර්ම අමාත්‍ය ගොඩනැගිල්ලට කෝටි හයක් ගෙවනවා, ඔබතුමා රට ආර්ථික අගාධයට ගෙනයනවා. ඔබතුමා ඔබතුමාගේ ප්‍රතිරුපයය ප්‍රතිසන්ස්කරණය කල නොහැකි ලෙස විනාශ කරගෙන ඇත. එ ජ ප ය විනාශ කර වලපල්ලට යවා ඇත. රටේ ජනතාව අවදානයෙන් සිටින්නේ බයිලා වලින් ඔවුන් රවටන්න නොහැකියය, ඔබගේ දේශපාලන බලය යොදා බැදුම්කරයෙන් ගැලවී. ගියත් ජනතාවගෙන් ඔබට බේරිමට නොහැකිය. ඔබ අපකීර්තිමත් නායකයෙකි. හදවතට එකගව සිතන්න. ඔබ විසින් කල දේවල් ඔබදන්නවා. ජනාදිපති තුමාවත් අමාරුවේ දැම්මා.

:       0       33

srilanka Friday, 08 December 2017 04:13 AM

කුලියට ගත් හිස් ගොඩනැගිල්ලට තවත් කෝටි හයහමාරක්

:       0       26

Vipula Friday, 08 December 2017 07:11 AM

නිදහසෙන් පසු අපි හැමදාම ශක්තිමත් ආර්ථිකයක් කරා තාම යනවා. එසේම අපි තාමත් තුන්වන ලෝකයේ රටක්. රුපියලේ අගය ගැන හිතනකොට අපි යන්නේ කොහෙද කියල මෙතුමා දන්නවා . නමුත් ජනතාව තාම රැවටෙනවා.

:       0       8

Udarath PhD Tokyo Friday, 08 December 2017 08:41 AM

ආර්ථිකය පුන් සඳට ආදේශ කළ යුතුයි.

:       1       4

BamunuarachchiSaturday, 09 December 2017 04:19 PM

මොකක්ද ඒ කතාවේ තේරුම?

:       1       0

Shanaka Friday, 08 December 2017 10:45 PM

මේ වෙන රටක අගමැති කෙනෙක්ද? කොහේ තියෙන ශක්තියක් ගන්නද කියන්නේ...?

:       0       27

KANDEPOLA Monday, 11 December 2017 09:14 AM

ආර්ථිකේ තව තවත් ශක්තිමත් වීම කෙසේ වෙතත්, ලබන අවුරුද්දේ මැද වෙනකොට හොඳම හරිය බලා ගන්න පුළුවන්.

:       0       1

nevil Friday, 15 December 2017 09:54 PM

මේ මොන විහිළු කතාවක්ද.. රුපියලේ වටිනාකම දවසින් දවස පහල බහිනවා. . ජනතාවගෙන් අසීමිත ලෙස බදු එකතුකරනවා. භාණ්ඩවල මිල දවසින් දවස ඉහල යනවා. දුෂණ වංචා ගැන අහන්න ලැබෙනවා. රටේ හදල තිබුන පාරවල් නඩත්තුවක් නැතිවම කැඩිලා යමින් පවතිනවා. රටේ දේපොළ විදේශ රටවලට විකුණමින් පවතිනවා. අර්ටික සංවර්දන වේගය අඩුවේගෙන යනවා. මේ ටික නොදන්නේ කව්ද...

:       0       0

Bamunuarachchi Monday, 18 December 2017 01:25 PM

‘අපි, දේශපාලකයන් ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි‘

:       1       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1041 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site