IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුපිරි බද්දෙන් වාහන මිල සියයට සියයකින් ඉහළට

(ජයන්ත සමරකෝන්)

සුපිරි වාහන බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 35 ඉක්මවන මෝටර් රථ හා ජීප් රථ මිල 100%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසයි.

ඉකුත් 1 වැනිදා සිට මෙම සුපිරි වාහන බද්ද ක්‍රියාත්මක වන බවද ඒ අනුව සීසී1500 ට වැඩි එන්ජින් ධාරිතාවයකින් යුතු වාහන මිල ගණන් රුපියල් ලක්ෂ 25 – 35  අතර සංඛ්‍යාවකින්ද ඉහළ යන බවද එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවැසීය.

මෙතෙක් සුපිරි බද්ද පැවතියේ සීසී 1800 එන්ජින් ධාරිතාව ඇති වාහන සඳහනා පමණක් බවද ඒ මහතා කීය.

වාහන ආනයනයේදී පනවා තිබූ නිෂ්පාදිත බද්දට අමතරව සුපිරි බද්ද යටතේ වාහන වටිනාකම මත පනවනු ලැබූ බද්ද සීඅයිඑෆ් ඇතුළත් කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ 35 ට වැඩි වාහන මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.



අදහස් (27)

සුපිරි බද්දෙන් වාහන මිල සියයට සියයකින් ඉහළට

Amarasingha Sunday, 03 November 2019 05:46 PM

අනේ හොඳයි කොච්චර දෙයක්ද? දැන්වත් වාහන ගන්න හිටි අය නොගෙන ඉඳියි... බලන්න කොළඹ කොච්චර නම් වාහන තදබදයක් තියනවද..? තවත් ලංකාවට එක වාහනයක් වත් ගේන්න දෙන්න එපා. මේ තියන ඒවා තව අවුරුදු 100කට ඇති. පුදුම රස්තියාදුවක් තියෙන්නේ වාහන වැඩිවෙලා... වාහන වලින් රට පොහොසත් වෙන්නේ නැහැ.

:       1337       1652

thilakSunday, 03 November 2019 09:40 PM

ඇත්ත. ලංකාව වැනි කුඩා මාර්ග පද්ධතියක් ඇති රටකට වඩාත් ගැලපෙන්නේ දියුණු පොදු ප්‍රවාහන පද්ධතියක්.

:       45       453

SankaThursday, 07 November 2019 04:26 AM

අමරසිංහ සහ තිලක් කියන කතාව සහතික ඇත්ත. මොකද ලෝකේ ඇති දියුණු රටවල් වලට පවා මේ වගේ ආදී සුඛෝපබෝගී වාහන නැහැ. ඔයාල හිතන්න අපේ රටේ දුප්පත් අම්මලා මැද පෙරදිග ගිහින් හම්බ කරලා එවන විදේශ විනිමයෙන් 85% ක් අපි යවනවා ජපානයට සහ ඉන්දියාවට මේ යකඩ කුණු කන්දල් ගේන්න. එතකොට මේ යකඩ කුණු කන්දල් අපේ පොළොවේ ගල් වෙනවා.මේ විදේශ විනිමයේ මුදල් අපේ රටේ රැකියා උත්පාදනයට හෝ කර්මාන්තපුර අරින්න හෝ රට පුරාම රැකියා උත්පාදනයට හෝ යෙදෙව්වොත් අපේ රට මොන තරම් දියුණු කළ හැකිද? සුද්දෝ වාහන පාවිච්චි කරන්නේ ගමන යන්න විතරයි. වාහනේ ලොකුද පොඩිද කියල නෙමෙයි. මේ මානසිකත්වයෙන් අපි මිදෙනකම් අපේ රටට අබසරණයි.

:       0       311

RaveendraSunday, 03 November 2019 10:51 PM

ඇත්තෙන්ම "පොදු ප්‍රවාහන සේවය නිසිලෙස ක්‍රියාත්මක වේ නම් සහ මාර්ග නිසි ලෙස අද කාලයට ඔබින සේ සැකසෙන්නේ" නම් මිනිසුන් එය භාවිතා කරනු ඇත. එවිට වාහන තදබදයක් ඇතිවීම අඩුවනු ඇත. එලෙසම කෙනෙකුට තම පුද්ගලික රථයෙන් ප්‍රධාන නගරයට යාමට අවශ්‍ය නම් ඒ සඳහා නගරයට ඇතුළු වෙන ස්ථානවල ටිකට් වැඩිමිලට ලබාගෙන යාමට හැකි ක්‍රම සකස් කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එය යෝග්‍ය නොවන්නේද? එවිට මිනිසුන් තමන්ටම වාහනයක් මිලදී ගැනීමට උනන්දු වේද?

:       4       84

wickyMonday, 04 November 2019 03:10 AM

ඔක්කෝටම කලින් ප්‍රවාහන සේවයක් තියෙන ඕනෑ. රෑ 7 වෙනකොට පාරවල්වල යන්න බස් නැහැ. කෝච්චියට වුණත් කොටුවට යන්න ඕනෑ. ඒ ගියත් විනාඩි 20 -30 පරක්කු කරලා පොල් පටවලයි යන්නේ. කිසිම පහසුකමක් නැහැ. වැස්සොත් තෙමෙනවා. බස්වල ඊට හපන්... ළඟ යන්න නගින්න එපා කියනවා. වාහන ගන්නේ ආසාවට නෙවෙයි. වුවමනාවට... පහසුවෙන් වැඩට යන්න.

:       1       555

NuwanMonday, 04 November 2019 07:34 AM

ඔබ වගේ අය තමයි ඔය මුදල් අමාත්‍යාංශය සහ ප්‍රතිපත්ති තීරණ ගන්න තැන්වල ඉන්නේ.., කොළඹ වාහන තදබදය දිහා බලලා කොහොමද ලංකාවේ වාහන වල මිල තීරණය කරන්නේ කොළඹ ඔහොම වුණාට දුර පළාත්වල... උදා: ගිරිඋල්ලේ කොහෙද හලෝ වාහන තදබදයක්, කාර් නැති අපි වැඩට යන්න ගමනක් යන්න රෝහලට , ළමයි පන්තියට ගෙනියන්න විදින දුකක් දන්නේ අපි විතරයි. බස් කෝච්චිවල අපේ කාලේ කකා දුක් විඳගෙන කරුම ගෙවනවා. වාහනයක් ගැනීම අපේ අයිතිවාසිකමක්... දේශපාලුවන්ගේ හා රජයේ සේවකයන්ගේ පමණක් නෙමේ...

:       51       612

vipulaMonday, 04 November 2019 07:48 AM

ලංකාවේ ඉන්නවා තමන් වාහනයක් ගත්තම ඇති අනෙකා වාහනයක් ගන්නකොට කැමති නැති උදවිය. ලංකාවේ තියෙන පොදු ප්‍රවාහන සේවයේ යන අය ඒවායේ යනවට යන්නේ. දුම්රිය මාර්ග වැඩි දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ. වාහන මිල වැඩි කරන එක විතරයි උපාය මාර්ගය. මහින්දගේ ආණ්ඩුව කාලේ කීදෙනෙකුට වාහනයක් හිමි කරගන්න අවස්ථාව සැලසුවද? පුංචි කාර් දෙන්නම් කියල ඡන්දේ කඩා ගත්තා. විසදුමක් නැහැ.

:       41       261

pakeerWednesday, 06 November 2019 03:36 PM

යකෝ වාහනයක් තිබුණා කියලා අමන වෙන්න එපා. ඔයාලා වගේ අය මේකේ පාලනේ ඉන්න නිසා තමයි මේ රටට මේ කල ගිහින් තියෙන්නේ....

:       0       87

ravana Saturday, 09 November 2019 01:49 PM

පාරවල් නැති නිසා වාහන නැති කරමු. කන්න බොන්න අඩු නිසා මිනිස්සු අඩු කරමු. පුංචි පවුල රත්තරන් කළේ 1979. දැන් මොකද වෙලා තියෙන්නේ. කම්මැලි, දියුණුව නොදකින, දුර නොපෙනෙන කකුලෙන් අදින ආක්‍රමණිකයන් නිසා මේ රට කවදාවත් දියුණු නම් වෙන්නේ නැහැ.

:       0       17

janahitha Saturday, 09 November 2019 01:54 PM

මළා. ඔක්කෝම පාරවල්, අධිවේග කම්මුතු කරන්න වෙනවා මුළු ලෝකයටම ආදර්ශයක් වෙමින්........ හ්ම්ම්ම් කොහෙද ඉන්නේ ? පොළොන්නරුවේද ?

:       0       0

de silva Sunday, 03 November 2019 10:26 PM

Amarasingha, මහත්මය ඔවු අපි පරණ කසිකබල් වාහන කොහොම හරි අටවාගෙන විෂ දුම් පිට කරමින් හරි භාවිතා කරමු , ඒවා අබලන් නිසා කොළඹ නගරේ ගාට ගාට යනකොට, අබලන් වෙලා මහා පාරේ නතර වුනහම වාහන තද බදය අඩුවේවි.

:       18       138

දිලුම් Monday, 04 November 2019 03:41 AM

අමරසිංහත් තමන්ගේ වාහනේ විකුණලා පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා බලන්න. එතකොට ඔය මහලොකු දාර්ශනික කථා නවතී. අපේ රටේ හැමෝටම වෙලා තියෙන්නේ අමරසිංහ වගේ උඩක්, බිමක් නොබලා කියවන එක... තමන් සැප විඳ විඳ අනුන් විඳින සැප කපා හරින්න මාන බලන එක. මිනිස්සු වාහන ගත්තට කමන් නෑ. ඒකට හරියන යටිතල පහසුකම් හා පිළිවෙල මේ රටේ හදන්න ඕනෑ. ජපානේ මිනිස්සු හැමෝටම වාහන තියනවා. ඒ රටේ ප්‍රවාහනෙත් ඉතාම හොඳ පිළිවෙළට තියනවා. හැම මිනිහගේම කාලයට හැම මිනිහම ඉතා ගරු කරනවා. මං මේ ළඟදී ප්‍රයිවට් බස් එකක ගියා... බුලත්විට ගන්න විනාඩි තුනහතරකට වඩා බස් එක නවත්තගෙන ඉන්නවා. රියදුරුටයි, කොන්දොස්තරටයි බුලත්විට කන්න හින්දා ඒ දෙන්නා අපේ කාලේ කනවා. අනික බස් කොන්දාගෙයි රියදුරාගෙයි වැඩේම කෝල් කරකර ඊළඟ බස් එක කොහෙද තියෙන්නේ බලන්න. ඒක එනකම් හෝල්ට් එකේ නවත්වගෙන ඉඳලා තමයි එයාගේ බස් එක අද්දන්නේ... පුදුම කාලෙකෑමක් කන්නේ... ඉතිං අමරසිංහ ඉස්සරවෙලාම පාරට බැහැලා මේ වගේ අත්දැකීම් අරන් ඉන්න...

:       14       279

sam Monday, 04 November 2019 03:55 AM

මේකෙන් විශාලම ප්‍රතිලාභය ලැබෙන්නේ කාටද? තීරුබදු රහිත වාහන බලපත්‍රලාභීන්ට. තේරෙන භාෂාවෙන් කියනවා නම් දේශපාලුවන්ට.. !!

:       0       167

lalithmTuesday, 05 November 2019 04:22 AM

මහජන බදු මුදලින් පින් පඩි ගන්න ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ට කියලත් ඇතුලත් වෙන්න ඕනේ.

:       7       118

de silva Monday, 04 November 2019 12:37 PM

කෙටියෙන් කියනවා නම් ඉදිරියේදී අලුත් පුද්ගලික වාහනයක් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ.., දේශපාලුවෙකුට හෝ ඔහුගේ අතවැසියෙකුට, දොස්තර මාෆියාවේ කෙනෙකුට, පාතාල හොර ජාවාරම් කාරයෙකුට පමණි. එහෙම නම් අපේ මහජන මුදල් භාවිතාකර ඔය අධිවේගී මාර්ග හදන්න එපා. අපේ බදු මුදලින් ලංගමට අලුතෙන් බස් ගෙන්වලා රේල් පාරවල් ඉදිකර, කොච්චි අලුතෙන් ගෙන්වා පොදු ප්‍රවාහනය දියුණු කරන්න.. අර කියුබාවේ කළා වගේ අලුත් වාහන රටට ගෙන්වීම අවුරුදු 20 - 30 නවතලා දමන්න.. දේශපාලුවන්ගේ සහ අනෙකුත් තීරුබදු සහන බලපත්‍රත් තහනම් කරන. රටක පාලක පන්තිය සහ නිලධාරීන් විශේෂ වරප්‍රසාද ලබමින් අනිත් කොටසට අසාධාරණ ලෙස බදු පැනවීම හරිම අසාධාරණයකි..

:       2       479

Akila Monday, 04 November 2019 12:48 PM

කවුද මේ පොදු ප්‍රවාහන ගැන කියවන අය? රෑ 9 වෙනකොට ඔක්කොම බස් දුවන එක නවත්තලා ඒ ගොල්ලෝ නිදාගන්න යනවා. ඒ වෙලාවට එක්කෝ දහස් ගණන් දීලා ත්‍රීවීල් එක්ක ගෙදර එන්න වෙනවා. නැත්නම් උදේ වෙනකම් මහපාරේ නිදාගන්න වෙනවා.

:       0       93

දිලුප දර්ශන Tuesday, 05 November 2019 03:29 AM

ලංකාවේ ඕනෑම කෙනෙක් තමන්ගේ කියලා වාහනයක් තියාගන්න කැමතියි. මොකද නගරය ගැන හිතලා විතරක් නෙවෙයි ගම්බද ගැනත් හිතලා කියන්න ඕනා. පොදු ප්‍රවාහන භාවිතා කිරිම ඇත්තටම හොදයි. ඒත් පොදු ප්‍රවාහන නිරන්තරයෙන් තිබේද යන්න ගැටළුවක්. බස්, දුම්රිය රාත්‍රි 8 පසුවු පසු තිබේද? රටේ මාර්ග තදබදයට හේතුව වි ඇති ඇත්තේ මාර්ග පටු විමය. එසේනම් පටු මාර්ග පුළුල් කර සංවර්ධනය කළ යුතුය. එය සිදු කළේද නැද්ද යන්න, නොකිරීමට හේතුව කුමක්ද? යන්න මාර්ග භාවිතා කරන ඔබත් මමත් තේරුම් ගත යුතුය. වාහනයක් යනු කාගේත් හීනයකි. වාහනයක් නිෂ්පාදනය කිරිමට යන පිරිවැයට වඩා මේ රටේ වාහනයක් වත් නිෂ්පාදනය නොකර විදේශයන්ගෙන් ආනයනය කරන වාහන සදහා නිෂ්පාදන පිරිවැයට වඩා බදු ඇතුලත් කර විකිණිම රටේ ඇති ආර්ථික අර්බුදය විදහා දක්වයි. වාහන ගෙන්විම අවම කිරිමේ අරමුණෙන් බදු එක් කරනවා යන සුරංගනා කතාව අප වෙත කාලයක් තිස්සේ පවසන දෙයකි. රටේ මුල් පුරවැසියන් වෙත අසිමිත පහසුකම් සහිත වාහන ආනයනය කිරිමේදි සීමා රහිත බදු පහසුකම් ලබාදි එම රටේ පුරවැසියන් වන ඔබටත් මටත් අසීමාන්විතව බදු පැනවිම මොනතරම් ආශ්චර්ය ජනකද?

:       0       57

dayan Wednesday, 06 November 2019 06:20 AM

මේ හැමෝගෙම අදහස් සම්පිණ්ඩනය කලාම එතන කියවෙන්නේ නගරයට සහ ගමට යහපත් පොදු ප්‍රවාහන සේවයක් එනම් බස් සේවයක් හා දුම්රිය සේවයක් අවශ්‍ය බවයි. බොරුවට ණයවෙලා අධිවේග හැදුවට පොදු මහජනයාට ලැබෙන ප්‍රතිලාබ ඉතාමත් ටිකයි. මේ අයකරන බද්ද යොදවල පොදු ප්‍රවාහනය දියුණු කල යුථුයි.

:       15       31

de silva berlin Wednesday, 06 November 2019 10:43 AM

වාහන ලංකාවට ගෙන්වනකොට අයකරන බද්ද කෙලින්ම පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීමට යෙදවීමෙන්, දුප්පත් මිනිසුන්ට සේවයක් සිදුවන අතර, ඉදිරියේදී පොදු ප්‍රවාහන සේවා දියුණු වූ විට පොහොසත් මනුෂ්‍යයත් යුරෝපයේ මෙන් පොදුප්‍රවාහන සේවා භාවිතයට ක්‍රමයෙන් යොමු වනවිට නගරවල වාහන තදබදයද අඩුවේවි..!!

:       0       10

de silva berlin Wednesday, 06 November 2019 07:52 PM

වාහන තීරුබදු වලින් ලබාගන්න මුදල් කෙලින්ම පොදු ප්‍රවාහන සේවයට යොදවා ගන්න ලෙස පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම, සමාජවාදී කියන පක්ෂවල පරම යුතුකමකි. එමගින් පීඩිත පන්තියේ ජනතාවට විශාල සහනයක් ලැබෙන බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ.. තවම ප්‍රමාද මොකද?

:       0       28

desapala Saturday, 09 November 2019 01:52 PM

ඕව කරන්න බැහැ. බදු වලින් තමා අපි වෙඩි නොවදින, වැස්සට නොතෙමෙන වාහන, පඩිනඩි, පවුල් සුවපහසුව, රට සවාරි ලබා ගන්නේ. ඔහෙලා මොනවා කියනවද ?

:       0       1

de silva Wednesday, 06 November 2019 08:06 PM

පොදු ප්‍රවහන සේවා අනිවාර්යයෙන්ම දියුණු කල යුතුය. මම ජෙර්මනියේ ජිවත්වෙනකොට වාහනයක් තිබුනත් බොහෝමයක් ගමනාගමන කටයුතු කරගන්නේ පොදු ප්‍රවාහන සේවය උපයෝගී කරගෙන , නමුත් ලංකාවේ පුද්ගලික වහනයක් නැතුව බැහැ , හොඳම උදාහරණය සැම ජර්මන් ගුවන් තොටුපල්කම ඉඳන් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට කොච්චි සේවයක් සෑම විනාඩි 10 -15 වරක් සිදුවෙනවා , ඕනෙම කෙනෙකුට ට්‍රොලියක් දුම්රිය ළඟටම තල්ලු කරගෙන ඇවිත් සුට් කෙස් එක දුම්රියට දමාගෙන පහසුවෙන් යන්න පුළුවන්. නමුත් ලංකාවේ ගුවන්තොටුපල ළඟටම දුම්රිය මාර්ග , හදල තිබුනත් මෙවැනි පහසුකමක් නැහැ. ටැක්සියකින් හෝ පුද්ගලික වාහනයකින් හැරෙන්න වෙනයම් ක්‍රමයකින් බඩු මලුත් අරන් අපේ ගුවන් තොටුපලින් ගුවන් ගතවීමට යාම හෝ මෙරටට පැමිණීම ඉතාම අසීරු කර්තව්‍යක් , මේවා අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ .

:       6       112

janahitha Saturday, 09 November 2019 01:56 PM

එක කරන්න දෙන්නේ නැත්තේ ටැක්සිකාරයෝ ඔක්කෝම දේශපාලන බලවතුන්ට අයත් නිසා.

:       0       1

janahitha Saturday, 09 November 2019 01:57 PM

සිල්වා අපි ජීවිත තල්ලු කරන්න බලනවා. මේක ලංකාව රේල් ගේට්ටු නැතිව දහස් ගණන් මැරෙන රටක්.

:       0       0

de silva berlin Tuesday, 12 November 2019 05:28 PM

ජනහිත ඔබගේ අදහස හරි.

:       0       10

de silva Wednesday, 13 November 2019 02:59 AM

අපි දිගින් දිගටම අපේ ආර්ථික මර්මස්ථාන වල පාලනය දේශපාලකයන්ට කඩේ යන රස්තියදුකරයන්ට සහ මැරයන්ට භාරදී දුක්විදින්න ඕනෙද ?

:       1       26

Rohana Friday, 15 November 2019 04:15 AM

පොදු ප්‍රවාහනය දියුණු කිරීම අවශ්‍යයයි. හිරවෙලා පොල් පැටෙව්වා වගේ බස්වල (කොට කොට) හා දුම්රියේ ගමන් කිරීම පොදු ප්‍රවාහනය නොවෙයි. හොඳ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් අවශ්‍යයයි. ඒවාට තමා ඡන්දයෙන් පාලකයින් පත් කරන්නේ. එතකොට ඔය කියන වාහන තබදය ඇතිවන්නේ නැහැ. පොදු ප්‍රවාහනය දුර්වල නිසා මිනිසුන් පුද්ලික වාහන පරිහරණයට පෙළඹෙනවා. වරද තිබෙන්නේ රට කරවන ඇත්තන් අතේ තමයි.

:       0       32

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 93 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 65 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site