(රංජන් කස්තුරි)
බලපත්‍රලාභී මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත අඩුකර තිබේ.
ඒ අනුව එම මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවූ පොලී අනුපාතය 10.5% දක්වා අඩුකර තිබේ.
ඇතැම් මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 10% පමණ දක්වා ද අඩුකර තිබේ.
මීට අමතරව මූල්‍ය සමාගම් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා ගෙවන පොලී අනුපාතය ද 7.5% සිට 7% දක්වා පහත දමා ඇත.
මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී පොලී අනුපත හතර වතාවක් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණි.
රාජ්‍ය බැංකුවල පොලී අනුපාත තීරණය කිරිමේදී මහබැංකුව විශේෂ නියමන් නිකුත් නොකරන අතර එම බැංකු මගින් ඒ ඒ පොලී අනුපාත තීරණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ස්ථාවර තැන්පතු පොලිය 1 වැනිදා සිට නැවත අඩු කරයි
jothi Wednesday, 09 October 2019 09:13 AM
රජයේ ණය පොළී අඩුකර ගැනීමට කළ දෙයක්.
l.g.gnanadsa Thursday, 10 October 2019 01:57 AM
එය පොලියෙන් ජීවත් වන අයට ප්රශ්නයකි
janith Thursday, 10 October 2019 03:23 AM
මේ රටේ කොච්චර පිරිසක් බැංකු පොලියෙන් ජීවත් වෙනවද ? ණය ගන්නේ කොහොමත් ගෙවන්න පුළුවන් නිසානේ. ඉතින් බැංකු පොලිය මෙහෙම අඩුකලාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? බැංකු පොලියෙන් ජීවත් වෙන හැමෝටම ව්‍යාපාර වල ආයෝජනය කල හැකිද ? මේ ගොල්ලන්ට මේ සැරේ නම් ඡන්දෙ හම්බවෙන්නේ නෑ .
Pali Thursday, 10 October 2019 11:50 AM
ණය පොලිය කවදාවත් අඩුකරන්නේ නැහැ. නියම සාධාරණය, කොටි ගහල මදි...
de silva Sunday, 13 October 2019 03:27 AM
ජනිත්, හැමෝම රැකියාවක්, ව්‍යාපාරයක් නොකර බැංකුවල සල්ලි දමාගෙන ඒ පොළියෙන් ජිවත් වෙන්න ගියොත් රටක් දියුණු වෙන්නේ කොහොමද ? රටක ආර්ථිකය වර්ධනය වෙන්න ඕනේ නම් රටේ ජනතාව අතර මුදල් සංසරණය වෙන්න ඕනේ.එතකොට රජයට ලැබෙන වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි විවධ ආකාරයේ බදු නිසා රජයේ බදු ආදායම වැඩි වෙනවා.ඒ මුදල් රටේ සංවර්ධනය සදහා ආයෝජනය කරන්න පුලුවන්. එවිට රටේ රැකියා අවස්ථා වැඩි වෙනවා.
janithMonday, 14 October 2019 12:03 PM
සිල්වා, හුගක් මිනිස්සු අවුරුදු 30-35 ක් පෞද්ගලික ආයතන වල දහදුක් විඳලා EPF සල්ලි බැංකු වල දාල පොලියෙන් ජීවත් වෙන්නේ. හුඟක් අයට වයස අවුරුදු 60 ට වැඩියි . ඔයා ඒ ගොල්ලන්ටද කියන්නේ ආයේ රැකියාවක්, ව්‍යාපාරයක් කරන්න කියලා ? රජයට ලැබෙන වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු වලින් දේශපාලකයෝ කෝටි 7- 8 වාහන අරන් නාස්ති කරන ඒවා ඔයා අනුමත කරනවද?
tru lankanTuesday, 15 October 2019 06:43 AM
සරලවම කිව්වොත් ඔයාගේ සල්ලි ඔයාට අයිති නැහැ
true lankanTuesday, 15 October 2019 06:50 AM
අවුරුදු 60 කියන්නේ ලංකාවට හෙන වයසි. නමුත් දියුණු රටවලට එක ගානක් නැහැ. මෙහෙ 45/ 50 පැන්න ගමන් හිතන්නෙ ගෙදරට ෙවලා නිකන් ඉන්න . රටවල් දියුණු වෙන්නෙ නැහැ එහෙම. අවුරුදු 60 පැනපු කීදෙනෙක් ව්‍යාපාර පටන් අරන් තියෙනවද?
de silva Sunday, 13 October 2019 07:13 AM
ව්‍යාපාරයක්, රැකියාවක් මුකුත්ම නොකර නිකන් ඉඳන් කන්න බලාගෙන ඉන්න කාලකන්නි ඉන්න රටක් දියුණු වෙන්නේ නැහැ.
de silva Monday, 14 October 2019 07:01 PM
ජනිත් මහත්මය අවරුදු 60 ට වැඩි වැඩිහිටි පුරවැසියන් ගේ රුපියල් ලක්ෂ 15 සීමාවක් ඇතුව ස්ථාවර තැන්පතු සදහා වැඩි පොලියක් දෙන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වෙනවා, එමනිසා ඔබතුම සදහන් කරන වැඩිහිටි විශ්‍රාමිකයන්ට මෙතන අගතියක් සිදු වෙන්නේ නැහැ , ව්‍යාපාර සහ නිවාස ණයවලට අයකරන පොලිය අඩු නොකලොත් ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාර වැඩි දියුණු කරන්න සහ අලුතෙන් ව්‍යාපාර පටන්ගන්න මැලි වෙනවා, මිනිස්සු ණය අරගෙන නිවාස හදන එක නවත්වාවී එහෙම වුනොත් ආර්ථික වර්ධනය කොහොමත් පහත වැටෙනවා, ණය ඉල්ලුම අඩුවන විට ස්ථිර තැන්පතු වලට ගෙවන පොලිය අඩු කිරීමට බැංකු වලට අනිවාර්යයෙන් සිදු වෙනවා, ලැබෙන බදු දේශපාලකයන් විනාශ කරන එක මම කොහොමත් අනුමත කරන්නේ නැහැ, නමුත් එක වෙනත් ප්‍රශ්නයක් රටක දියුණුවට සහ රටක රැකියා අවස්ථා ඇති වෙන්න ජනතාව අතර අනිවාර්යයෙන්ම මුදල් සංසරණය වෙන්න ඕනේ .