IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරක රියදුරන් සඳහා ලබා දෙන දීමනාව කඩිනමින් ගෙවන්නැයි උපදෙස්

 

(තිළිණි ද සිල්වා)
 
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුන් සදහා රජය ලබා දෙන රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ගෙවන්නැයි  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට අද (16) උපදෙස් ලබා දුන්නේය.

ඉදිරි සතිය තුල ඒ සදහා ඉල්ලම් කර සුදුසුකම් සපුරා ඇති සියළුම දෙනාට මෙහි ගෙවීම් කටයුතු සිදු කර අවසන් කරන ලෙසද ඇමතිවරයා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේතුංග මහත්මියට උපදෙස් ලබා දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්වු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට හා මාර්ගෝපදේශකයන්ට එක්වරක් පමණක් රුපියල් 15,000 හා 20,000 බැගින් වූ දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබිණ. එහෙත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බව සදහන් රියදුරන් බොහෝමයක් නිසි ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නොතිබූ නිසා මෙම රියදුරන්ට රුපියල් 15,000 ක දීමනාව ලබා දීම දිගින් දිගටම ප්‍රමාද වූ බවද සංචාරක අමාත්‍යාංශය පෙන්වා දේ.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ ඇමතිවරයා එලෙස ලියාපදිංචිය ක්‍රමවත්ව සිදු නොවූ රියදුරන්ගේ ලියාපදිංචිය කඩිනමින් විධිමත් කරන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දෙන ලදී.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සදහන් කලේ සංචාරක සංවර්ධන අධිකාරියට ලැබී තිබෙන සංචාරක රියදුරන් 4313 කගේ අයදුම්පත් අතරින් සුදුසුකම් සැපිරු 3085 දෙනෙකුට අදාල රුපියල් 15,000 දීමනාව මේ සතිය තුල ලබා දීමට කටයුතු කරන බවය.

ඒ අතර පූර්ණ කාලීන සංචාරක රියදුරන් 1823 ක් සංචාරක බස් රථ රියදුන් හා රිය සහායකයන් 45 ක් ත්‍රිරෝදරථ රියදුන්ගේ 658 ක් හා සෆාරි රියදුරන් 559 ක් වන බවද ඇය කියා සිටියාය.

සංචාරක සංවර්ධන අධිකාරියේ පුහුණුව නොලැබූ රියදුරන් 359 දෙනෙකුද මේ සදහා අයදුම් කර ඇති අතර ඔවුන් කඩිනමින් ලියාපදිංචිය සදහා යොමු කර ඇති බවද විජේසිංහ මහත්මිය කිවාය.

මීට අමතරව රුපියල් 20,000 ක දීමනාව ඉල්ලා තිබූ සංචාරක මාර්ගෝපදේශකයන් 1998 දෙනෙකුට අදාල ගෙවීම් කටයුතු මේ වන විට සිදු කර අවසන් බවද අධ්‍යක්ෂ ජෙනරාල් වරිය කියා සිටියාය.



අදහස් (1)

සංචාරක රියදුරන් සඳහා ලබා දෙන දීමනාව කඩිනමින් ගෙවන්නැයි උපදෙස්

mati mola Monday, 16 November 2020 09:14 PM

පවුලකට 5000 යි. මෙ අයගේ හෙංචයියන්ට හොද්ද බොරකරගන්න 15000 ඛෙදන්න යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 65 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 45 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site