IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරකයින් 207, 507 පෙබරවාරියේදී ලංකාවට ඇවිත්

( තිළිණි ද සිල්වා )
ඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් 207,507 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
 එම සංඛ්‍යාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 252,033 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සංචාරකයින් මෙරටට පැමිණීම සියයට 17.7 ක අඩුවී ඇතැයිද එම අධිකාරිය පැවසීය.

 ගෝලීය වසංගත තත්ත්වයක් බවට මේ වන විට පත්ව ඇති කොරෝනා වෛරස් හේතුවෙන් මේ වන විට ගෝලීය සංචාරක කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ පා ඇති බවත්  මේ තත්ත්වය යටතේ  ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් 10 ලැයිස්තුවේ සිටි චීනය ඉවතට විසි වී තිබේ.
 
 
 ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී මෙරට පැමිණ ඇත්තේ චීන සංචාරකයින් 2096 කු පමණක් වන අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදි පැමිණි චීන සංචාරකයින් 28,039 සංඛ්‍යාව හා සැසඳීමේදී එරටින් සංචාරකයින් පැමිනී සියයට 92.5 කින් පහත වැටී ඇතැයිද සංචාරක සවංර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  කියා පැවසීය.
 
පෙබරවාරි මාසයේ දී වැඩිම සංචාරකයින් සංඛ්යා වක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර  එම සංඛ්‍යාව 35,309 ක් වේ. මීට අමතරව බ්‍රිතාන්‍ය 26,348 ක්ද , රුසියාවෙන් 20,948 ක්ද , ජර්මනියෙන් 16,405 ක්ද , ප්‍රංශයෙන් 11,430 ක්ද , ඕස්ට්‍රේලියාවෙන් 9578 ක්ද , ඇමෙරිකාවෙන් 7803 ක්ද , යුක්රේනයෙන් 6072 ක්ද , කැනඩාවෙන් 5482 ක් හා පෝලන්තයෙන් 4693 ක්ද වශයෙන්  සංචාරකයින් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 
මේ වසරේ මුල් මාස දෙක තුළ දී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 435,941 ක් වන අතර එය පසුගිය වසරේ මුල් මාස 02 ට වඩා 12.1%ක පහළ යාමක් යැයිද අධිකාරිය කියයි.
 
 චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්තවූ කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ලොව පුරා සංචාරක කර්මාන්තය දැඩි අර්බුදකාරීත්වයකට පත්ව තිබේමේ තත්ත්වය හේතුවෙන් ඇතැම් රටවල් චීන සංචාරකයින් තම රට තුළට පැමිණීම ද වළක්වා ඇති අතර එය මෙරට සංචාරක කර්මාන්තයට බලපා ඇතැයි එම අධිකාරිය  පෙන්වා දේ.



අදහස් (2)

සංචාරකයින් 207, 507 පෙබරවාරියේදී ලංකාවට ඇවිත්

sunil perera Saturday, 07 March 2020 06:16 AM

සංචාරක කර්මාන්තයෙන් විනිමය ලැබෙනවා වගේම තව ටිකදවසකින් දකුණු කොරියාවේ, ඉතාලියේ සහ මැදපෙරදිග කොරෝනා වලින් උත්සන්න වෙනකොට අපේ අයට ලංකාව මතක්වෙලා දහස් ගණනින් එතන්ටත් පුළුවන්... ඒ වගේම සංචාරක කර්මාන්තය නිසා අනිවාර්යයෙන්ම ලංකාවට නුදුරු අනාගතේදීම කොරෝනා වලින් විශාල තර්ජනයක් එන එක වළක්වන්නට නොහැකියි...

:       5       1

sunil perera Saturday, 07 March 2020 08:03 AM

සංචාරක කර්මාන්තයෙන් විනිමය ලැබෙනවා වගේම තව ටික දවසකින් දකුණු කොරියාවේ, ඉතාලියේ සහ මැදපෙරදිග කොරෝනා වලින් උත්සන්න වෙනකොට අපේ අයට ලංකාව මතක්වෙලා දහස් ගණනින් එන්ටත් පුළුවන්... ඒ වගේම සංචාරක කර්මාන්තය නිසා අනිවාර්යයෙන්ම ලංකාවට නුදුරු අනාගතේම කොරෝනා වලින් බලපෑම් එන්ට ඉඩකඩ බොහොමයි.

:       20       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 64 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 45 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site