IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රි ලන්කන් එයාර් ලයින් නව සභාපති රංජිත් ප්‍රනාන්දු

 

(හර්ෂණ තුෂාර සිල්වා)

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට රංජිත් ප්‍රනාන්දු  මහතාගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබ තිබේ.

මාර්තු මස 29 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පත් කිරීම කරනු ලැබ ඇත.

මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පළ, ආචාර්ය රෝෂන් පෙරේරා සහ එයාර් මාර්ෂල් කපිල ජයම්පති, රංජිත් ප්‍රනාන්දු මහතා  සභාපතිධුරය දරණ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ වෙති. 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනකු ඉකුත් දෙසැම්බර් මාසයේදී අස්වීමේ ලිපි බාර දුන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කරන තුරු එම අධ්‍යක්ෂ මණ්ඩලයටම රාජකාරී කරගෙන යන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.

ඉන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළේය. 

දෙසැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමෙන් පසු පළමු වරට ජනවාරි (25) වැනිදා අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වු අතර ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ තවදුරටත් එම ධුරයේ තබාගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබිණි. එහිදි සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 5ක් ද අතර විපක්ෂව ඡන්ද දෙකක් ද ලැබි තිබිණි. 

 සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස අතර සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ද වූ අතර අජිත් ඩයස් මහතා ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හයදෙනාගෙන් කෙනෙක් ද විය. 

කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවට ද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබිණි. 

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ කළමනාකරණය ආයෝජන රැගෙන පැමිණෙන ජාත්‍යන්තරයේ ඉහළම ගුවන් සමාගමක් වෙත ලබා දී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය  යටතේ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙන බව ද එවකට රාජ්‍ය ව්‍යවාසය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා ජනවාරි මාසයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම රාජ්‍ය ව්‍යාවසාය අමාත්‍යාංශ විෂය පථයට අයත් ආයතනයකි. වත්මන් අමාත්‍යවරයා වනුයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
 



අදහස් (11)

ශ්‍රි ලන්කන් එයාර් ලයින් නව සභාපති රංජිත් ප්‍රනාන්දු

Mahee Tuesday, 03 April 2018 07:52 AM

ඇත්තම කියනවනම් මේ ලිපිය කියවනකොට ශ්‍රී ලන්කන් කාට අයිති කවුරු පාලනය කරන එකක්ද කියලවත් මට හිතාගන්න බැරිවුනා. වැදගත් වෙන්නේ අලුත් සභාපති කාගේ කෙනෙක්ද කියන එක විතරයි, ඉතුරු හරිය අපට හිතා ගන්න පුළුවන්.

:       0       136

bamunuarachchiWednesday, 04 April 2018 02:28 AM

කාගේ කෙනෙක් උනත් එයා හරියට වැඩය කරන කෙනෙක් බව පෞද්ගලිකවම දන්නවා.

:       1       0

BamunuarachchiWednesday, 04 April 2018 02:43 AM

මෙතුමා කාගේවත් නොවෙයි මේ රටේ කෙනෙක් රටට ආදරය කරන කෙනෙක් එම නිසා පැවරු කාරිය හරියට කරාවි. නමුත් මෙතුමාට ඉහලින් තව අපේක්ෂාවන් තිබෙන බලවත් අය ඉන්න බව අමතක කරන්න එපා. ඒගැන සිතා මෙතුමාට ඇඟිල්ල දික් කොරන්න ලැහැස්ති වෙන්න එපා.

:       0       0

sena Tuesday, 03 April 2018 12:11 PM

ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ.

:       0       23

jaseem Tuesday, 03 April 2018 05:56 PM

තවම කළමනාකරණය හරි නෑ

:       0       8

ලුම්බිණි Wednesday, 04 April 2018 12:14 AM

පිටරට පදිංචි වෙලා ඉන්න මිනිස්සුත් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරලා තියෙන එකයි පුදුමේ.

:       0       1

රාජුන් Wednesday, 04 April 2018 12:48 AM

මෙතන කී දෙනෙක් ඉන්නවද මේ විෂය ගැන දන්න? මේ විෂය ගැන අත්දැකීම් තියෙන?

:       0       0

Bamunuarachchi Wednesday, 04 April 2018 02:26 AM

රන්ජිත් මහතානනී නිහතමානී ඔබට මගේ සුබ පැතුම්. ඔබගේ හැකියාවන් ගැන මම හොඳින් දනිමි.............

:       0       0

Bamunuarachchi. Wednesday, 04 April 2018 02:37 AM

"ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ." මෙම මැතිතුමාගෙන් එසේ නොවන බව මටනම් සහතිකයි.

:       0       0

naradha Wednesday, 04 April 2018 10:01 AM

ඔය ආයතනයට තියෙන ණය කන්දරාවේ හැටියට කව්රු ආවත් ඕක ගොඩ ගන්න බැහැ. පිට රටක සමාගමක් ඕකත් එක්ක කීයටවත් බද්ධ වෙන්නේ නැහැ. අද සිදුවන්නේ රටේ සියලු දෙනාගේ බදු මුදලින්, කිහිප දෙනෙක් පමණක් ගමන් ගන්නා මේ පාඩු ලබන ආයතනය නඩත්තු කිරීම පමණි. දැන් ඇති එකම විකල්පය නම්, ඔය ආයතනය වසා දැමීම පමණි.

:       0       2

BamunuarachchiWednesday, 04 April 2018 10:32 AM

පුදුම වෙන්න එක මෙසේ වාඩිවෙලා කතාකරනවා වගේ මුහුණු බලාගෙන කතාකරන්න් පහසුකම් දැන් තිබෙනවා................

:       1       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 17 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2000 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 653 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site