විනීතා එම් ගමගේ
හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 584.19 ක මුදල භාණ්ඩාගාර ගත කිරීමෙන් මෙරට විදේශ සංචිතය ශක්තිමත් වන බව වාරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඒ හරහා ආර්ථික මූලධර්ම ශක්තිමත් වන බවත් රුපියල අවප්‍රමාණ වීම නැවතෙනු ඇති බවත් සමරසිංහ මහතා කියයි.
මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලොවට විශ්වාසයක් ඇති වී ආයෝජන අවස්ථා උදාවනු ඇතැයි වරාය අමාත්‍යංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේය.
හම්බන්තොට වරාය ඉතිහාසයේ මෙතෙක් ලැබු විශාලතම ඒකීය ඍජු ආයෝජන මුදල ලෙස මෙම මුදල සැලකෙන බවත් එම මුදල සහිත චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩින්ස් සමූහයේ ශ්‍රී ලංකා නියෝජිත රේ රෙන් මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වෙත ලබා දුන් බවත් අමාත්‍යවරයා කීය.
පසුගිය වසරේ දෙසැම්බරයේ දී සහ 2018 ජනවාරි මාසයේ දී මුදා හැරුණු පළමු හා දෙවැනි වාරිකයන් සඳහා පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 292 ක් හා මිලියන 97ක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 976 ක් චයිනා මර්චන්ට් හෝල්ඩින්ග් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරරිය වෙත බාරදී ඇති බවත් මීට අමතරව ගිවිසුම් ප්‍රකාරව තවත් ඇමරිකානු වරාය හා සමුද්‍රික ක්‍රියාකාරකම් සඳහා දෙවැනි ආයෝජන වටිනාකම ලෙස ඩොලර් මිලියන 146 ක් මසක් ඇතුළත තැන්පත් කිරීමට නියමිත බවත් සමරසිංහ මහතා පැවැසීය.
වරාය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘ හම්බන්තොට වරාය කළමනාකරණය හා සංවර්ධනය කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා පෞද්ගලික සමාගම ස්ථාපිත කර මෙම ගණුදෙනුව ආරම්භ කළා.
මේ මුදල රටේ නය බර වෙනුවෙන් යොදාගන්න බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කාලයේ විශාල වශයෙන් ණය ගත්තා. ඒක 2019, 2020, 2021 කාලය වෙද්දි වැඩිපුර ගෙවන්න වෙනවා. මේ වගේ ඍජු ආයෝජන හරහා බලාපොරොත්තු වෙන්නේ මේ ණය සම්භාරය වෙනුවෙන් මූල්‍ය ශක්තියක් ගන්නයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනක් ගත්තම මේ රටේ ජනතාව බලාපොරොත්තු වන සංවර්ධනය තව දියුණු කරන්න හැකියාව තිබෙනවා.
චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම වරායන් පිළිබඳ ඍජු දැනුමක් සමඟ ක්‍රියාත්මක වන සමාගමක්. ලොව වැඩිම වරාය ඇති සමාගම් අතරින් දෙවැනි තැන ගන්නේ මේ සමාගමයි. ජාත්‍යන්තර වරායන් 38 ක් මෙමගින් මෙහෙයවනවා.
හම්බන්තොට වරායේ තෙවන පියවරට ඉදිරි වසර තුන ඇතුළත යන්න බලාපොරොත්තු වෙනවා. එහි දී ඇමරිකානු ඩොලර් 400 ත් 600 ත් අතර ඍජු ආයෝජන සිදුවේවි. මෙයින් සියයට 30 ක් අයිති අපට බව අමතක කළ යුතු නැහැ.
හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිකර ඇති දූපත චීන සමාගම ඉල්ලන බවත් එය ලැබෙන තුරු මේ අවසන් වාරිකය පමා කළ බවත් සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් එය වැරදි ආරංචියක්. ඒ දුපත ගැන කථා කළේ වත් නැහැ. එය අයත් වරාය අධිකාරියටයි. එය භාවිතා කළ හැක්කේ වරාය අධිකාරියට පමණයි. ’’ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදේශ සංචිත ශක්තිමත් කෙරෙයි
rasika Thursday, 21 June 2018 07:33 PM
දැන් අර හම්බන්තොට වාරයේ තියෙනවා කියපු ගල කෝ.. ස්විමිං පූල් එකක් කියපු එක ඔච්චර ගානක් දීල ගන්න චීනට පිස්සුද.. බොරු කියල මිනිස්සුන්ව රවට්ටනව ..
Raveendra Sunday, 24 June 2018 02:22 AM
ශරීරෙ තරමට සරිලන විදියට මොළෙත් වැදිලා තිබුන නම් මොනතරම් " මනරම් "ද ???