(විනීතා එම්. ගමගේ)
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානයේ වීදුරු භාණ්ඩ නිෂ්පාදන පාඨමාලාව හැදෑරීමට උනන්දු දරුවන්ට එම මධ්‍යස්ථානය විවෘතව ඇත.
විද්‍යාගාරයන්හි නිතර භාවිත වන වීදුරු භාණ්ඩ, පර්යේෂණ සඳහා අවශ්‍ය විශේෂිත මාදිලියේ විද්‍යාත්මක වීදුරු උපකරණ හා විසිතුරු වීදුරු භාණ්ඩ දැනටමත් මෙහි නිපදවන බව විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මහාචාර්ය චන්දිමා ජයසූරිය මහත්මිය පැවසුවාය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඇය මෙසේ ප‍්‍රකාශ කළාය.
මෙම මධ්‍යස්ථානය පුළුල් කර නව නිර්මාණ බිහිකරන්නටත් මේ කේෂ්ත‍්‍රය සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර දැනටමත් දින 5 කඩිනම් පාඨමාලාවක් හා දින 30 ක පුළුල් පාඨමාලාවක් පැවැත්වේ.
මේ වනවිට එහි පුහුණු සේවකයන් දෙදෙනෙකු සේවය කරන අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ හය මසක පුහුණුවක් ලබා ඇත.
ඉදිරි වසර පහේ දී ජාත්‍යන්තර මට්ටමේ මධ්‍යස්ථානයක් බවට මෙම මධ්‍යස්ථානය පත් කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සියලු අංශවල සහය ලැබෙන්නේ නම් කිසිසේත්ම එය අමාරු කටයුත්තක් නොවනු ඇතැයි පැවසූ ඇය මෙම ව්‍යාපාරය රට පුරා ප‍්‍රචලිත කිරීමට ද හැකිවන බව පෙන්වා දුන්නාය.
1990 දී ආරම්භ කළ මෙම මධ්‍යස්ථානය 1999 දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මගින් ආරම්භ කරනු ලැබූ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතීය මගින් ලැබුණු අරමුදල් ඉතාමත් දියුණු උපකරණ සහිත මධ්‍යස්ථානයක් බවට පත් කරගනු ලැබු බව පෙන්වා දුන් ඇය මේ වනවිට එහි සේවය කරන නිලධාරීන් දෙදෙනාම විදේශ පුහුණුව ලැබුවන් බව පෙන්වා දුන්නාය.
වීදුරු භාණ්ඩ නිෂ්පාදනය හැරුණු විට මිල අධික කැඩුණු වීදුරු භාණ්ඩ අලුත්වැඩියා කිරීමට එහි කටයුතු කරන බවත් බියුරෙට්ටු , පිපෙට්ටු, කන්ඩෙන්සර, ඉලෙක්ට්‍රෝඩ, නිස්සාරණ උපකරණ වැනි දෑ ද සංකීර්ණ වීදුරු උපකරණ ද මෙහිදී අලුත්වැඩියා කරන බව ජයසූරිය මහත්මිය පැවසුවාය.
මෙම මධ්‍යස්ථානයේ පුහුණුව ලැබීමට හෝ එමගින් යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය අයකුට විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානයේ 0112903265 හෝ 0714311286 දුරකථන අංකවලින් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විද්‍යාත්මක වීදුරු උපකරණ නිපදවීමෙන් කැලණි සරසවිය තවත් ඉදිරියට
ආරියපාල හේවගේ Wednesday, 03 July 2019 08:24 AM
ඉතාමත් වටිනා ආර්ථික සේවාවකි. අපගේ රටේ ආර්ථික නිෂ්පාදන වැඩිකර ගැනීම සදහා සහ ඒ සදහා මහගු මග පෙන්වීමක් සිදු කරන කැලණි සරසවිය මුලිකත්වය ගෙන කටයුතු කරන සියළු දෙනා හට සුභ පැතුම්.!
lalithm Thursday, 04 July 2019 03:25 AM
තව ව්‍යාප්ත කර පුහුණු පාඨමාලාව ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ මොකද? හොඳට සල්ලි හොයන්න පුළුවන් මාර්ගයක් නේද?
janahitha Friday, 05 July 2019 07:25 AM
එස් 400 නිපදවන්න බලන්න අපේ අයට ඕන සල්ලි දැනුම නොවේ