IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වාහන ආනයනය සියයට 90 කින් පහළ බසී

(ජයන්ත සමරකෝන්)

අයවැයෙන් ඉහළ දමන ලද අධික වාහන බදු හේතුවෙන් වාහන ආනයනය 90 % කින් පමණ පහළ වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කුඩා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමේ දී පනවා ඇති බදු මුදල රුපියල් ලක්ෂ 8 සිට රුපියල් ලක්ෂ 16 දක්වා ඉහළ දමා තිබිමෙන් එම වාහන ගෙන්වීම ඉල්ලුම හා අවශ්‍යතාවය මත පමණක් සිදුවන බවද එම සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා පැවසීය.

හයිබ්‍රිඩ් වර්ගයේ වැගන් ආර්, කුඩා වර්ගයේ වාහන සඳහා රේගුව විසින් බද්දක් අය කිරිම නිසා එම වාහනවල මිල රුපියල් 25000 කින් ඉහළ ගොස් ඇතැයි ද මේ වන විට එම වාහන ගෙන්වීම මුළුමනින්ම නතර කර ඇතැයි ද ඒ මහතා කීය.

සෑම මසකට වරක් මෝටර් රථ පමණක් මෙතෙක් 4500 ක් පමණ ආනයනය කළ අතර එයින් 1500 ක් වැගන් ආර් රථ බවද ඔහු කීය.



අදහස් (13)

වාහන ආනයනය සියයට 90 කින් පහළ බසී

Asanka Wednesday, 10 April 2019 10:11 AM

බොහොම හොඳයි... ඔය වාහන නැති හැමෝම මේ විශ්වාස කළ නොහැකි අරුම පුදුම බදුගෙවලා තමන්ට වාහන ගන්න හිතන්න එපා. දැන් රටේ ඕනෑවට වඩා වාහන තියනවා. ඒ නිසා අසාධාරණ බදු වැඩිකරන එක හොඳයි කියලා තමයි වාහන හිමියෝ බොහෝ දෙනා කියන්නේ... ඒ නිසා ඔබට ගමනක් යන්න ඕනෑනම් පාරට ඇවිත් ඕනෑම වාහනයක් නවත්වාගෙන ඔබට වුවමනා තැනකට ගෙනිහින් දම්මවා ගන්න...

:       463       591

janahitha Sunday, 14 April 2019 03:07 AM

පාරට ඇවිත් වාහන නවත්තගන්න ලෝකේ මොන රටේද පුළුවන් වාහන තියෙන මිනිහ වාහනෙන් යාවි මාර්ග සංවර්ධනයද? වාහන නවත්වා දැමීමද ? මිනිසුන් අවසන් කිරීමෙන් උද්දමනය මාර්ග තදබදය නැති වේවි එයද විසඳුම ?? මෝටර් රථ ආනයනය තුලින් ආර්ථිකය හසුරුවන එකම ආණ්ඩුව ලංකාවේ මහා බැංකු වංචාවෙන් අහිමි වුන ආර්ථිකය කාර් බද්දෙන් පියවා ගන්න බැහැ

:       0       11

rasika Wednesday, 10 April 2019 04:01 PM

මල නොතලා පැණි ගන්නවා වගේ බදු ගහන්න කියලා තියෙන්නේ... දැන් අපේ මුදල් ඇමති මල විතරක් නෙමේ මුළු ගහම කපල පැණි ගන්න හදන්නේ.. දැන් රජයට ලැබුණු අාදායමත් නැති වෙයි.. හැබැයි ඉතින් තියෙන වාහන ටිකෙන් පුළුවන් හොඳ ගානක් හොයාගන්න... දුම් බදු, කාබන් බදු, පෙට්‍රල් බදු, ටයර් වලට බදු, අමතර කොටස් වලට බදු, අදායම් බලපත්‍රයෙන් බදු... පාරෙන් බදු ... තව ගහන්න පුළුවන් මොනවා හරි තියෙනවද කාර්වලට ... ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට ලක්ෂ 10 අඩුවෙන් ගන්න පුළුවන් වාහනයක් හදන්න ඕනේ.. මේකට තියෙන විසඳුම එ්කයි. එහෙම නැත්නම්, අනෙක් ප්‍රවාහන සේවයන් කාර්යක්ෂම කරලා දියුණු කරන්න ඕනේ.. විශේෂයෙන් විදුලි දුම්රිය, ඇතුළු බස් රථ සේවය.. රස්සාවට යන්න පැය 3ක් යනවා, ගිහින් එන්න තව 3 ක් යනවා .. වැඩ කරන්නේ පැය 8 යි. මගට විතරක් පැය 6 ක් ගිහින්..

:       0       81

චමින්දThursday, 11 April 2019 07:13 AM

ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මැතිතුමා මුදල් ඇමතිකාලේ ශ්‍රී බද්දක් පැනෙව්වා.ඒකාලේ 1ශ්‍රී කාරයට රුපියල් 100 ක්ද 2 ශ්‍රී කාරයට රුපියල් 200 ක්ද ලෙසට 6 ශ්‍රී කාර් වලට 600 ක් ලෙසට බදුගත්තා.2019 දී දුම් සහතිකයට අමතරව කාබන් බද්දක් ගත්තා 2020 දි ටයර්වලට ගහන හුළං වලටත් බද්දක් ගහමුනේ.

:       0       0

alasakama Sunday, 14 April 2019 03:24 AM

ඉතාම අවදානම් තීරණයක් පොකට් ගහනවා, කුඩුකාරයෝ වෙඩි තියාගන්නවා, පිහි ඇනුම් මිනි මැරුම් වැඩියෙන්ම සිදු වන්නේ මහා මග කෝච්චියෙන් හරි බස් එකෙන් හරි යන්න පයින් ගියත් වාහනෙන් ගියත් කාලයේ නම් වෙනසක් නැහැ අග නගරයේ

:       0       0

රවින් Thursday, 11 April 2019 06:41 AM

පාරේ තියන වාහන තදබදය අනුව බලන කල තමන් යන දිහාවක පයින් ගියොත් ශරීර සෞඛ්‍යට හා සාක්කුවේ සෞඛ්‍යට යන දෙකටම වැඩක් සිදුවේවි.

:       5       17

Malith Friday, 12 April 2019 04:16 AM

වහානනම් හොදටම වැඩි දැන් කොළඹ. කිලෝ මීටරයක් යන්න පැයක් විතර යනවා.

:       0       1

AsankaFriday, 12 April 2019 07:43 AM

එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ වාහන ප්‍රමානෙ නෙමේ නගර සහ පාරවල් සැලසුමේ කියල දකින්න තරම් ඔබට මොලයක් කියල දෙයක් ඇත්තෙම නැත්ද

:       64       79

PerakumSaturday, 13 April 2019 05:38 AM

අසංක ඔබට වලිගෙ පෑගිලා වගේ. වෙනත් රටවල වගේ කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් තිබේනම් කාටද කාර් ඕන. ඕනම නම් ඒ රටවල කුලී කාර් ඕන තරම්.

:       0       53

janatha anura Sunday, 14 April 2019 03:11 AM

කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් කොහෙද තියෙන්නේ යන්න මාර්ග පද්දතිය දියුණු කරන්නේ නැතිව

:       3       1

anuraSunday, 14 April 2019 03:20 AM

පොදු ප්‍රවාහනේ යන්නේ අහසින්ද ? බිමින් නම් යන්න බැහැ මාර්ග පද්දතිය 1977 තත්වයේමය ටිකක් හෝ දියුණු උනේ අදිවේගී මාර්ග නිසාය

:       0       11

PerakumMonday, 15 April 2019 04:40 AM

කොතනින් හරි පටන්ගන්න ඕන නේද? දැනට තියන දුම්රිය මාර්ග වල ගමන්වාර වැඩිකරන්න පුළුවනි. මහාමාර්ගයේ බස් රථ සංඛ්‍යාව වැඩි කර සීට් ගණනට පමණක් මගීන් ගන්න. පාඩු නම් එය රජයේ වියදමින් දැරිය යුතුය. කවුරුත් පොදු ප්‍රවාහනයේ යාවි. අවශ්‍ය නම් ගාස්තු ටිකක් වැඩිකළ හැක. මාර්ග තදබදය අවම වෙනවා නියතයි. කල්යද්දී දුම්රිය හා මහා මාර්ග වැඩි දියුණු කල හැක. සේවාවන් වඩාත් සුඛෝපභෝගී කලහැක. කොතනින් හෝ පටන්ගමු.

:       0       83

Perakum Tuesday, 16 April 2019 08:06 AM

වෙලාවට බස් එක එනවනම් වාඩිවෙලා යන්න සීට් තියනවනම් ආයි මොකටද කාර්? අපි කොහොම හරි පටන් ගනිමු. වැඩිවන බරපැන රජය දැරිය යුතුය. අපිත් කීයක් හරි වැඩියෙන් දෙන්න බලමු.

:       0       9

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 10 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 37 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1995 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 652 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site