IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වාර්ෂික තෙල් භාවිතය පහළ වැටීමේ අවදානමක

කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ දශකයකට පසු වාර්ෂික තෙල් භාවිතය මේ වසරේදී පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ආයතනය අද (9) ප්‍රකාශ කළේය.

සිය නවතම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර බලශක්ති ආයතනය ඒ බව සඳහන් කර තිබෙන අතර එහිදි බොරතෙල් මිල ගණන් සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වී තිබෙන අර්බුදය සැලකිල්ලට ගෙන නැත. නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා සෞදි අරාබිය සහ රුසියාව අතර බොරතෙල් මිල ගණන් සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ.

කොරෝනා වයිරසය තවදුරටත් ලෝකය පුරා ව්‍යාප්ත වුවහොත් යන පදනම මත පිහිටා දැනට තිබෙන ඉල්ලුම දිනකට තෙල් බැරල් මිලියන 1.1කින් අඩු කිරීමට අන්තර්ජාතික බලශක්ති ආයතනය පියවර ගෙන ඇත.

ඒ අනුව 2009 වසරෙන් පසුව මේ වසරේදී වාර්ෂික තෙල් බැරල් ඉල්ලුම 90,000කින් අඩුවනු ඇතැයි පැවසේ.

මෙම නිගමනවලට එළැඹීමේදී මේ මාසය අවසන් වෙද්දි චීනය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරනු ඇතැයි ද අනෙක් රටවල් ද ගන්නා පියවර ඉල්ලුමට අඩු බලපෑමක් කරනු ඇතැයි ද යන උපකල්පන සැලකිල්ලට ගෙන ඇත.

පෙබරවාරි මාසයේදී තෙල් පරිභෝජනය ඉහළ ගිය නමුත් පසුගිය වසර හා සැසඳීමේදී එය දිනකට තෙල් බැරල් මිලියන 4.2කින් පහත වැටුණේ යැයි ද ජාත්‍යන්තර බලශක්ති ආයතනය සඳහන් කළේය. එයින්, දිනකට තෙල් බැරල් මිලියන 3.6කින් පහත වැටී ඇත්තේ චීනයේය.

කෙසේ නමුත් ජාත්‍යන්තර බලශක්ති ආයතනය නිශ්චිත මාසික පරිභෝජන සංඛ්‍යා දත්ත ඉදිරිපත් නොකළ අතර මාසික පරිභෝජනය සියයට 4.5කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වාදුන්හ.

‘‘කොරෝනා වයිරසය නිසා ඇති වූ අර්බුදය බලශක්ති වෙළෙඳපොළ රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. ගල් අඟුරු, ගෑස් සහ පුනර්ජනනීය බලශක්ති වෙළෙඳපොළ ආදී රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් වයිරසයෙන් තෙල් වෙළෙඳපොළට එල්ල වී තිබෙන බලපෑම ඒ සියල්ලට වඩා දරුණුයි. කොරෝනා වයිරසය හේතුවෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු සීමා වීමත් භාණ්ඩ ප්‍රවාහනය සීමා වීමත් නිසා ප්‍රවාහන කටයුතුවලට යොදාගන්නා ඉන්ධනවලට තිබෙන ඉල්ලුම අඩුවෙලා’’ යැයි අන්තර්ජාතික බලශක්ති ආයතනයේ ප්‍රධානී ෆාටි බිරෝ පැවැසීය.

‘‘මේ තත්ත්වය චීනයේ හැමතැනම දකින්න පුළුවන්. ලොව වැඩියෙන්ම බලශක්ති පරිභෝජනය කර රට චීනයයි. පසුගිය වසරේ ගෝලීය තෙල් ඉල්ලුමෙන් සියයට 80කට හිමිකම් කීවේ චීනය’’ යැයි ද හෙතෙම කීය.

චීනය එරට බොහෝ ස්ථානවල ගමන්බිමන් සීමා කරමින් නගර දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර ඇති අතර කර්මාන්තශාලා රැසක් වසා දමා ඇත. 

(ඒ.එෆ්.පී.)

055
 

 



අදහස් (9)

වාර්ෂික තෙල් භාවිතය පහළ වැටීමේ අවදානමක

lanka Monday, 09 March 2020 02:59 PM

චීන යෝධයා නැගිටිද්දී අනිත් රටවල ජනතාවට නිදාගන්න වෙන්නේ. ඒ වගේම චීන යෝධයා නිදාගද්දී අනිත් රටවල ජනතාවට නැගිටින්න පුළුවන් බවට හොඳම උදාහරනේ... දැන් බලන්නකෝ චීනේ තෙල් භාවිතය අඩු වුණා විතරයි ලෝකේ අනිත් සියලුම රටවල තෙල්මිල මොනතරම් අඩු කරන්න පුලුවන්ද?

:       6       0

Walter WhiteWednesday, 11 March 2020 09:08 AM

ලංකා, ඇත්තටම වෙන්නේ එකේ අනිත් පැත්ත, චීන යෝධයා තමයි ලෝකයටම අවශ්‍ය භාණ්ඩ අඩු මිලට සැපයුවේ, චීන යෝධයා ඒ දේවල් එහෙම සපයන්නේ නැත්නම් ලෝකයටම වෙනවා තමන්ගේ භාණ්ඩ සපයා ගන්න, ඒවට වියදම අධිකයි, ටිකක් හිතන්න, අපි යමක් හදනවට වඩා අඩු මිලකට ලෝකේ කොහේ හරි හදනවා නම් ඒ දෙය ගන්නා එක ආර්ථික වාසියක්, එයින් මුදල් කාලය ශ්‍රමය ඉතුරු වෙනවා. අපිට ඒ මුදල් කාලය, ශ්‍රමය වෙනත් ඵලදායී දෙයකට යොදවන්න පුළුවන්... දැන් අපිට ඒ ඒ භාණ්ඩය නිපදවන්න පුළුවන් වුණත් චීනුන් ඒ භාණ්ඩය නිපදවන මුදලට වඩා වැඩි මුදලක් වියදම් වෙනවා නම් එම නිපැයුමෙන් පාඩුයි. දේශීය කර්මාන්ත නගා සිටුවන්න කියලා පාඩුව පියවන්න සල්ලි පොම්ප කලා කියලා වෙන සෙතක් නැහැ.. අපේ වත්කම් ප්‍රාග්ධනය ක්ෂයවීම විතරයි වෙන්නේ... දැන් අපි අපේ අඩුපාඩු තැන හොයලා චීනුන්ට සම තරඟකාරී ලෙස භාණ්ඩ නිපදවනවා නම් ඔන්න චීනුන් වැටීමේ වාසිය ගන්න පුළුවන්.. නමුත් මතක තියාගන්න. ලෝකයේ කර්මාන්ත විශාල ගණනකට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නෙත් චීනය විසිනුයි.

:       1       6

Walter WhiteWednesday, 11 March 2020 09:10 AM

දෙවැනි කාරණය තෙල්මිල අඩුවුනේ ඉල්ලුමට වඩා ඉහළ සැපයුමක් තියෙන නිසා, දැන් ඔපෙක් රටවල් වලට පාඩු දරන්න බැරි මට්ටමකට එනකොට ඔවුන් තෙල් නිපැයුම කපා හරීවි... එයින් ආපසු තෙල්මිල වැඩි වෙනවා... ඉතින් තෙල්මිල අඩුවීම තාවකාලික වාසියක් පමණයි.

:       0       4

Kumar Monday, 09 March 2020 03:46 PM

බොර තෙල් මිල වැටුනට ඒ මිල අඩු තෙල් ඇනවුම් කරන්න ලංකාවට මුදල් තිබෙනවද. හැකියාවක් තිබෙනවා නම් ඇනවුම් කරන්නන. තෙල් මිල මේ ආකාරයෙන් වසරක් පමණ පවතී කියලා සිතන්න පුළුවන්. මෙම තෙල් ලැබෙන්නේ තව මාස තුනකින් බව අමතක කරන්න එපා. ඉහත සේරුවේ පෙනෙන නළවලින් කෙරෙන්නේ ලොස් ඇන්ජලිස් පැත්තට වතුර යවන එකයි. පොම්ප කරන ස්ථානය තිබෙන්නේ තෙල් ලිඳට තිබෙන තැනට වම පැත්තෙන්.

:       0       40

අජිත් Monday, 09 March 2020 03:52 PM

ඒකයි මං කොරෝනා වලට කැමති.

:       91       19

විජිත් Monday, 09 March 2020 06:18 PM

මේ දවස්වල අපි සියලු දෙනාගේම අම්මා වන " සොබාදහම් මාතාවට " සැනසිල්ලේ හුස්ම ගැනීමට අවස්ථාවක් ලැබිලා.

:       0       129

indika Tuesday, 10 March 2020 04:39 AM

එය අනතුරක් වෙන්නේ කොහොමද ? එය හොඳක්.

:       1       515

Walter White Tuesday, 10 March 2020 12:15 PM

ලංකාවේ ආර්ථිකයයේ ස්වභාවය නිසා ක්ෂණිකව නොදැනෙනවා ඇති. නමුත් තව මාස දෙකකින් විතර දැනෙන්න ගනීවි විදේශ රැකියා වලට ඇති අවස්ථා දැනටමත් අඩු වේගෙන යනවා. තේ ආදී අපනයන සීමා වෙනවා. ඒ ඔක්කොම තියෙද්දී අපි ගෙවිය යුතු ණයත් තියෙනවා. ඉතින් ලෝකේ අනෙක් රටවල් වලට වඩා ලංකාවට මේක දරුණුවටම දැනෙනවා. නියඟය නිසාත් දැනටමත් කෘෂි අංශයේ පසුබෑමක් ඇති වෙමින් යනවා. මට හිතෙන්නේ ආර්ථික වර්ධනය සෘණ වර්ධනයක් දක්වාම වුවත් යන්න පුළුවන්.

:       5       20

Deepal Nirosh Friday, 13 March 2020 03:53 AM

මේක කොහොම ද අවදානමක් වෙන්නෙ? බලශක්ති පරිභෝජනය අඩුවීම කොතරම් පරිසර හිතකාමී ක්‍රියාවක් ද?

:       0       227

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 57 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 53 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2051 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site