IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොකු ලූනු මිල පහළ යාමෙන් දඹුලු ගොවීහු කබලෙන් ලිපට


 
(කාංචන කුමාර ආරියදාස)
 
දේශීය ලොකු ලූනු අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ වෙළඳපොලේ දේශීය ලොකු ලූනු  ගැනුම්  මිල පහත වැටීම නිසා මෙවර දේශීය ලොකු ලූනු ගොවියා අපහසුතාවයකට පත්විය හැකි බව ගොවීහු පෙන්වා දෙති.


මෙවර වගා කෙරුණු  ඉතා සීමිත දේශීය ලොකු ලූනු වල  අස්වැන්න  නෙළීම   දිනවල ආරම්භ කර තිබේ. දඹුල්ල, සිගිරිය , වෑවල වැව,ගලේවෙල ,ආදී ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙලන අතර කිලෝවක ගැනුම් මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 55 සිට 70 දක්වා වූ මිල පවතින බව ගොවීහු පෙන්වා දෙති.


දේශීය ලොකුලූණු ගොවීන් කියා සිටියේ විශාල පිරිවැයක් ලොකුලූනු   වගාව සඳහා යෙදු බවත් එහෙත් අති සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවය. ලූණු ගෙඩි ප්‍රමාණයෙන් කුඩාවීම නිසා ඉහළ මිලක් නොලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.


වසර කිහිපයක සිටම දේශීය ලොකු ලූනු ගොවියා මිල පහත වැටීම හේතුවෙන් මෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව බොහෝ ලොකුළූණු ගොවීන් මෙවර වගාවෙන් ඈත්ව ඉතා සීමිත කොටසක් පමණක් වගා කර තිබීම විශේෂත්වයකි.‍


වර්ෂාව ලැබීම ප්‍රමාද වීම සහ මහවැලි ජලාශවල ජලය නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙවරද දේශීය ලොකු ලූනු වගාවන් ප්‍රමාද වූ  බවත් ගොවීන් පෙන්වා දෙති. 


ඒ හේතුවෙන්  අස්වැන්න නෙළන සමය එද්දි වර්ෂාව ලැබීමත් සමඟ දේශීය ලොකු ලූනු අස්වැන්න  ට  බාධා එල්ල වෙන බවත් ඒවා කුණුවී විනාශ වී යන බවත් ගොවීහු පෙන්වා දෙති. එමනිසා බොහෝ ගොවීන් ලොකුළුණු වගාවෙන් ඉවත්ව වෙනත්  වගාවන් කරන්නට පෙළඹී සිටිති.

ලොකු ලූනු අස්වැන්න නෙළන එක් කුලී කම්කරුවෙක් සඳහා  දිනකට රුපියල් 1500ක පමණ මුදලක් වැය වෙන බවත් විශාල මිනිස් ශ්‍රම ප්‍රමාණයක් අස්වැන්න නෙලීම සඳහා යොදාගැනීමට සිදුවීම එමෙන්ම   වල් මර්දනය කිරීම සඳහා වල්නාශක වෙළඳපොලේ   නොමැතිවීම ලොකු ළූණු සඳහා යොදවන කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහළ යෑම ආදී කරුණු නිසා ලොකු ලූනු ගොවීන් සිය වගාවෙන් ඉවත් ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.


 



අදහස් (3)

ලොකු ලූනු මිල පහළ යාමෙන් දඹුලු ගොවීහු කබලෙන් ලිපට

lalith Tuesday, 11 September 2018 07:21 PM

තෙලේ දාලා කරවෙන්න බැදපු ලුණු බෑග්වල දාලා වෙන රටවල්වල විකුනනවා. එව්වා එන්නේ තායිලන්තෙන්. අපිටත් ඒවගේ වැඩක් වත් කරන්න බැරිවෙයිද? සිනිසම්බෝල වත් හදලා අධිශීතකරණ වල දාලා අවුරුදු කාලෙට විකුනන්න වත්?

:       0       22

hesaTuesday, 11 September 2018 09:35 PM

ඇත්ත, බෝතල් කල සීනි සම්බල් නම් දැනුත් තියෙනවනේ... බැදපු ලුණු අදහස නම්´ අයිඩියල් ආහාර කල් තබා ගන්න ක්‍රම කොයි තරම්ද? කලකදී විකුණා ගන්න බැහැ කියනවා වෙළෙන්දා, දවසක මිල වැඩියි කියනවා පාරිභෝගිකයා...

:       0       14

chathuri Tuesday, 18 September 2018 10:37 AM

ගොවියන්ට තමන්ගේ මහන්සිය තරමට මුදල්හොයාගන්න අමාරුයි...... හැම අස්වැන්නක්ම අසල්වැසි රටට යවල නැවත ගෙන්වන්න එතකොට කියන්නේ පිටරටින් ගෙනාපුවා කියලා...... අධික මිලකට විකුණන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 13 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site