IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලෙලි කජු මෙට්‍රික් ටොන් 6000ක් ආනයනයට පියවර

(සුජිත් හේවාජූලිගේ)
 

ලෙලි කජු මෙට්‍රික් ටොන් 6000ක් විදේශයෙන් ගෙන්වීමට රජය තීරණය කර ඇත.


රටේ කජු හිඟයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවැසීය.


ලෙලි කජු පිටරටින් ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී ඇතැයි කී සභාපතිවරයා දේශීය අස්වැන්නට බාධාවක් ඇති නොවන පරිදි ලෙලිකජු ගෙන්වන බව ද පැවසීය.


ලෙලිකජු හිඟය නිසා දේශීය කජු සැකසුම් මධ්‍යස්ථාන රැසක් වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ද ඔහු පැවසීය.


මේ අතර රේගු බදුවලින් වසන් වී මෙරටට හොරෙන් කජු මද ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන හෙයින් ඒ ජාවාරම අල්ලා ගැනීමට අදාළ අංශ ක්‍රියාත්මක විය යුතු බවත් පවසන දම්සිරි කරුණාරත්න මහතා කජු සංස්ථාව පිටරින් කජුමද ගෙන්වීම නොකරන බව ද ප්‍රකාශ කළේය.
 



අදහස් (11)

ලෙලි කජු මෙට්‍රික් ටොන් 6000ක් ආනයනයට පියවර

Bandara Saturday, 29 September 2018 02:05 PM

අතීසාරයට අමුඩ ගැසීම ලෙස මෙම විසඳුම හැඳින්විය හැක. මෙපමණ සාරවත් පොළවක් ඇති රටකට තම රටේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස හඳුනාගත හැකි කජු ප්‍රමාණයවත් වගා කරගත නොහැකි වීමට තරම් පහත් තත්වයට පත්වීම ඉතාම කණගාටුදායකය. ඩොලරය අහස උසට නැගීමෙත්, රුපියල අවම ප්‍රමාණය වීමෙත් භයානක ආර්ථික ගැටළුවක සිටින මෙවන් අවස්ථාවක, රජය විසින් ගතහැකි ගොන් තීරණයක් ගෙන ඇත. කලයුත්තේ කජුවගාව සහ අස්වැන්න අවමවීමට හේතු සොයා බලා ඒවාට විසඳුම් සෙවීම සහ කජු නිෂ්පාදන ඵලදායිතාව වැඩිකිරීමට අවශ්‍ය තාක්ෂණික උපක්‍රම භාවිතයන් දිරිගැන්වීමයි.

:       0       474

Dayan Saturday, 29 September 2018 02:44 PM

ඔව්... ඩොලරය ඉහල යාමට උදව් කරන්න හොඳයි. ආනයන කිරීම හැර වෙන විසඳුම් නැත්ද? හැමෝම හරි ආසයි ඉම්පෝර්ට් කරන්න.

:       0       164

සමන් - ඕමානය Saturday, 29 September 2018 04:22 PM

ඉතින් දෙයියනේ ඔය ගෙන්නපු කජු ආයේ ශ්‍රී ලන්කන් ගුවන් යානයකට ගියොත්

:       0       181

athula Sunday, 30 September 2018 03:37 PM

කජු මෙ.ටො. 6000 ක්. කිලො 1 ක් රු.800/= ගානෙ බැලුවත් ඩොලර් මිලියන 28 ලක්ෂයට වඩා යනවා. ඊට වඩා හොඳයි පුන්නක්කු ගෙනැල්ල 62 ලක්ෂයට කන්න දුන්නා නම්...

:       0       149

tikiri Monday, 01 October 2018 04:51 AM

ශ්‍රී ලංකන් කජු අපිත් කාල බලමු .

:       0       4

Nuwan Monday, 01 October 2018 06:21 AM

ඔය කජු බැරිවෙලාවත් මෙහෙ පැල කරන්නනම් එපා. අපේ ඇපල් වලට ඕස්ට්‍රේලියා වලින් සලකපු විධියම වේවි. ලගදී එල හරකුත් එව්වා නේ.

:       0       60

බද්රානි Monday, 01 October 2018 10:23 AM

හූ කියමින් දේශපාලකයින්ට ආ වඩමින් මහපාරේ ජෝගි නටන්න, තියන වටිනා කාලය කජුවගාව වැනි දෙයකට යොමු කරන එක අපරාධයක් නේද? තක්කඩි කමක්, මගඩියක් කරලා, අනුන්ට ගිනිගෙඩියක් දීලා, කජු කනවා වගේ ගාණක් සාක්කුවේ දමා ගන්න හුරු පුරුදු වෙලා සිටින ජනතාවක් වෙසෙන රටකට මොන වගාද එක අතකට? අනුන් නෙලන අස්වැන්නෙන් තමන්ගේ බඩපුරවා ගන්න හැකි නම් ආයේ වෙන මොනවද නේද?

:       0       47

දිලමු Monday, 01 October 2018 10:57 AM

මෙහෙමත් තීරණ. ඇයි අපේ අයට අත පය හොල්ලලා වැඩක් කරන්න බැරි... පිටරටවල දේම හිඟාකන තත්වයට මේ රටේ මිනිස්සුන්ව පත් කරලා දැං කජු පවා ආනයනය කරනවා. දේශීයව වවන්න පුළුවන් දේ වවන්න මිනිස්සු දිරි ගන්වලා.. උදවු කරන්නේ නෑ. ඒකේන් මහ අයට කොමිස් එන්නේ නැති නිසා... ඉතිං රුපියල මෙහෙමවත් තියන එක පුදුමයි.

:       0       64

Athula k Monday, 01 October 2018 01:01 PM

වෙලා තියෙන්නේ වගාකරුවන්ට තම නිෂ්පාදන සඳහා සුදුසු මිලක් ලබා ගැනීමට නොහැකි වීම... වෙළඳ මාෆියාව විසින් ඔවුන්ව සූරාකනවා. මැදිහත් වෙන්න තිබුණු රාජ්‍ය ආයතන වහලා. අනාගතයේදී පලා මිටියත් රටින් ගේන්න වෙයි.

:       0       6

vipula Tuesday, 02 October 2018 08:28 AM

කජු සංස්ථාව තියෙන්නේ පිටරටින් කජු ගෙන්න නම් වැඩක් නැහැ පිටකොටුවේ මුදලාලිලා ඒ ටික කරයි . වගාව ආරම්භ කරන්න නඩත්තු කරන්න සහන දීල යමක් රටට කරන්න උදවු කරන්න රැකියා දශලක්ෂයට මෙය ඇතුලත් වේවි

:       0       58

dilan Tuesday, 02 October 2018 12:03 PM

දැන් අපේ රටේ වගාවක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට දාන්න ඕනේ කියලනේ අපේ ජනාධිපතිතුමා කිව්වේ.... අන්තිමට වෙන්නේ කජු රටින් ගෙනැල්ල ප්ලේන් එකට දාන එකනේ... ඩොලරය තවත් වැඩිවෙන වැඩනේ මේවා... කව්ද මේ තීරණ ගන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1880 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 641 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site