IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලංකාවේ ආර්ථික පැතිකඩ ගැන විද්වත් සමුළුව 20 වැනි දා ඇරඹෙයි

 

ප්‍රින්ස් රත්නායක සහ අජිත්ලාල් ශාන්ත උදය

 

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය ක්‍රමවේද  හඳුනා ගනිමින් එම ප්‍රතිපත්ති ආර්ථිකය කෙරෙහි යොමු කරවීම පදනම් කරගෙන ජාත්‍යන්තර විද්වත් සමුළුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාල මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේ දී  හෙට (20)  ආරම්භ වීමට නියමිතය.

මෙම විද්වත් සමුළුව 20 හා 21 දෙදින පුරා පැවැත්වෙන අතර දෙස් විදෙස් විද්වත් පර්යේෂකයන් 50 දෙනෙකුගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතය.

ආර්ථික විද්‍යා  හා සංඛ්‍යාන අධ්‍යයනය රටක ප්‍රතිපත්ති සම්පාදනය ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරවීම පදනම්ව නවමානයන් රටට හඳුන්වාදීම මෙහිදී සිදුකරන බව   ආර්ථික හා සංඛ්‍යාන විද්වත් සමුළුවේ සම සභාපතිවරුන් වන මහාචාර්ය එච්.එම්.එස් ප්‍රියනාත් හා ආචාර්ය ඒ අරුණ ශාන්ත මහත්වරු පැවසූහ.

විශ්ව විද්‍යාල පද්ධතියේ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීම සිදුකරන විශ්ව විද්‍යාල අතරින් එම අංශ 43 කින් මෙම විශේෂ අවස්ථාව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයට 2018 වසරේ හිමිවීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා විද්‍යාඥයින්ගේ සංගමය මගින් කරනු ලබන විවිධ ප්‍රධාන කාර්යයන් අතුරින් එකක් ලෙස මෙම ජාත්‍යන්තර විද්වත් සමුළු සංවිධානය කරනු ලබන අතර එහි මෙවර සභාපතිත්වය උසුලනු ලබන්නේ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය එම්.සුනිල්සාන්ත මහතාය.

මෙම සංගමය මගින් පවත්වනු ලබන 7 වැනි විද්වත් සමුළුව වීමද විශේෂත්වයකි. චීනය,ඉන්දියාව, මැලේසියා සහ උගන්ඩා නයිජීරියා වැනි අප්‍රිකානු කලාපයේ රටවල්වල හා ශ්‍රී ලාංකීය විද්වත්හු මෙම කථිකාවතට එක්වෙති.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, මානව ප්‍රාග්ධනය සමාජ සුභසාධනය හා සමානාත්මතාව, ව්‍යාපාර හා මූල්‍ය, සංචාරක, වෙළදාම, අයෝජන, ජාත්‍යන්තර සබදතා, කර්මාන්ත සංවර්ධනය හා කුඩා කර්මාන්ත, තාක්ෂණය, දැනුම මත පදනම් වූ කෘෂිකර්මය, පාරිසරික ආපදා කළමනාකරණය හා  සමාජ ආකල්ප වැනි ක්ෂේත්‍ර කෙරෙහි පුළුල් ප්‍රතිමාන ඔස්සේ පර්යේෂණ ඉදිරිපත් කරයි.

මහාචාර්ය කොළඹගේ, මහාචාර්ය සුමනසිරි ලියනගේ, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.විජේවර්ධන  ප්‍රමුඛ විද්වත් මඩුල්ලකගේ සහභාගීත්වයෙන් සිංගප්පුරු ගිවිසුමේ වාසි අවාසි හා මිත්‍යාව පිළිබඳ විද්‍යාත්මක සංවාදයක් ද පැවැත්වෙන අතර ආචාර්ය කෙනෙට් ද සිල්වා  විසින් එම සංවාදය මෙහෙයවනු ලබයි.

මෙම විදවත් සමුළුවේ ප්‍රධාන දේශනය මැනිලාහි ආසියානු සංවර්ධන  බැංකුවේ වසර 22 ක්  පාරිසරික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ හේරත් එම්. ගුණතිලක මහතා විසින් සිදුකරනු ලබයි. පත්‍රිකා 50 ක සාරාංශයක් ප්‍රකාශයට පත්කරන අතර තෝරාගත් විශේෂ පර්යේෂණ ඉදිරි වසරේ මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස හා ජර්නල් පත්‍රිකාවක් ලෙස ප්‍රකාශ කරනු ලබයි.

 



අදහස් (2)

ලංකාවේ ආර්ථික පැතිකඩ ගැන විද්වත් සමුළුව 20 වැනි දා ඇරඹෙයි

Professor Dr. Edward Perera, Germany Wednesday, 19 December 2018 12:37 AM

දැනට වසර 30 හෝ 40 කට ඉහත අපේ උගතුන් ලංකාව දෙස බැලූ ආකාරයකට වඩා වෙනස් ආකාරයකින් අද දවසේ වියතුන් රටේ ප්‍රශ්න දෙස බැලීමට පෙළඹීම වර්තමාන අවිනිශ්චිත තත්වයෙන් දේශය මුදා ගැනීමේ ක්‍රියාදාමයේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. මැතක්වන තුරුම උගතාට හා වියතාට සිදුවුයේ නුගත් දේශපාලකයාගේ සිහින ලෝකයේ මන්දිර වල හැඩ තල නිර්මාණයට තමන්ගේ දැනුම පාවිච්චි කිරීමය. එය නොඉවසූ බොහෝ දෙනෙක් (මරණ තර්ජන හා හිංසනය නිසාත්) රට හැර ගියහ. සමහරෙක් තම දැනුම කිසිම ලැජ්ජාවකින් තොරව ගණිකා වෘතියේ යෙදවූහ. මේ හැම ගැහැටක්ම විඳගෙන තමන් උපන් මව් බිමට සේවය කරන්න අදිටන් කරගත් තවමත් තමන්ගේ බලාපොරොත්තු සුන් නොකරගෙන හෙට දින පිලිබඳ සර්වශුභවාදීව කටයුතු කරන පිරිසක් ඉදිරියට ඒම ඉක්මන් සහනයක් පතන ලක් වැසියනට ඉමහත් අස් වැසිල්ලක් වනු ඇත. මේ ප්‍රයත්නය ඉතාමත් සාර්ථක වේවා කියා ඉතසිතින් පතමු.!

:       0       3

Nawohi Thursday, 20 December 2018 01:45 AM

පළමුව සබරගමුව විශ්ව විද්‍යාලයයේ බොරු මහාචාරුන් සුදුසුකම් පරික්ෂා කරන්න.

:       0       53

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 17 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2000 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 653 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site