ශ්රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බ්‍රිතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ලියම් ෆොක්ස් මහතා මේ බව සඳහන් කළේය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලියම් ෆොක්ස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ අන්තර්ගත කිරීමට කටයුතු කරන බවයි.
ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත්‍රයේ ද සුවිශේෂී ප‍්‍රගතියක් සිදුව තිබෙන බවයි.
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාවේ ආයෝජනය කරන්න බ්‍රිතාන්‍ය සූදානමින්
de silva berlin Wednesday, 18 April 2018 05:47 PM
බ්‍රිතානයේ ආර්ථිකය බංකොලොත් වෙලා තිබෙන මේ අවස්ථාවේ ඔය කියන විදිහට ලංකාවේ ආයෝජනයක් කරන්න කර්මාන්ත ශාලා හදන්න ලොකු සමාගම් එන එකක් නැහැ වැඩිම වුනොත් ඕනේ නම් සුද්දෝ ටිකක මෙහෙ ඇවිත් මුහුද අයිනේ ඉඩම් අරන් හෝටලයක් හදාවි , ඒකෙනුත් පහර වදින්නේ අපේ සුළුපරිමාණ සංචාරක ව්‍යාපාරිකයට. විදේශ ආයෝජකයන් ගැනම බලාගෙන ඉන්නේ නැතුව, ලංකාවේ ඉන්න මධ්‍යම සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයා දිරිමත් කරන්න. අපොස ස / පෙළ කරන ළමුන්ගෙන් කොටසකට පමණක් උසස් පෙළ කරන්න ඉඩ දෙන්න ඉතුරු ළමුන්ට අවුරුදු 3 ක ක්‍රමවත් වෘත්තිය පුහුණුවක් ලබාදෙන්න , ලංකාව දියුණු නොවෙන්න එක හේතුවක් රටේ පුහුණු ශ්‍රමිකයෝ හිඟකම .
de silva berlin Wednesday, 18 April 2018 07:05 PM
විදේශිකයෝ අපිට ආදරයට මෙහෙ ආයෝජනය කරන්නේ නැහැ, ආයෝජනය කල මුදල වගේ කිහිප ගුණයක් හම්බකරගන්න තමා ඔවුන් බලන්නේ, හැමදාම එංගලන්තෙන් එන දෙයක් බඩට දමාගන්න බලන් ඉන්න යටත් විජිත මානසිකත්වයෙන් මිදිලා ස්වඋත්සාහයෙන් නැගී සිටින්න කාලය ඇවිත්
sam Thursday, 19 April 2018 09:57 AM
අන්තර් ජාලයේ තියන පුවත් වලින් සීයට හැත්තෑ පහක්ම බොරුයි කියලා අපේ ජනපතිතුමා මුළු ලෝකයටම ඇහෙන්න සිංහ නාද කලේ ඊයේ නේද ? මේ පුවතත් අන්තර්ජාලයේ තියන එකක් නිසා බොරුවක් වෙන්න ඇති .
naradha Friday, 20 April 2018 11:34 AM
විදේශීය ආයෝජකයින් ලංකාවට පැමිණීමට අකමැති වීමට ප්‍රධාන හේතු නම්, අතීතයේ පැවැති ව්‍යාපාර පවරා ගැනීමේ පනත, දේශපාලන ඇඟිලි ගැසීම් සහ කොමිස් ඉල්ලා සිටීම, පුහුණු ශ්‍රමිකයෝ හිඟකම වැනි අපේ රටට අවේනික වූ කරුණුයි. මීට අමතරව, අපේ දේශපාලකයින් දරන පුහු අදහසක් නම්, විදේශ ආයෝජකයින් හට දකුණු ආසියාවේ ලංකාව හැර වෙන කිසිම රටක් යෝග්‍ය නොවන බවයි. නමුත්, සිහි තබා ගත යුතු දේ නම්, අද දකුණු ආසියාවේ සහ පැසිෆික් කලාපයේ විදේශ ආයෝජකයින් හට ලංකාවට වඩා හිතකර පරිසරයක් ඇති රටවල් ඕනෑ තරම් තිබෙන බවයි. එබැවින්, රටට විදේශ ආයෝජකයින් ගෙන්වා ගන්නට නම්, ප්‍රථමයෙන් ඉහත සඳහන් කරන ලද අපේ වැරදි, අපි විසින්ම නිවැරදි කරගත යුතුයි.
Bamunuarachchi Tuesday, 24 April 2018 04:54 AM
ශ්‍රී ලංකාව ගොඩගන්න බැරි විදිහට බංකොලොත් මේ රට සල්ලි සමග දුන්නත් ගන්න කෙනෙක් කැමති වන්නේ නැත.