විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත් විකුණා දැමීමත් සමඟ අද (13) දින අවසානයේදී රුපියලේ අගය වාර්තා ගත ලෙස පහත ගියේය.
පළාත් පාලන මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව පරාජයට පත්වීමත් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
ඩොලරයට සාපේක්ෂාව රුපියලේ අගය වාර්තා ගත 155.00 දක්වා පහත වැටිණි.
දිනය අවසානයේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 154.95/155.05ක් ලෙස සටහන් විය. සිකුරාදා දිනය අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 154.27/35ත් අතර විය. පසුගිය අඟහරුවාදා දිනයේදී රුපියල 154.60/70 ත් වාර්තාගත පහත වැටීමක් පෙන්නුම් කළ අතර අද (13) එයද ඉක්මවා රුපියලේ අගය පහත වැටිණි.
දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව ඇතැයි ද රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. පසුගිය සතියේදී ඊට පෙර සතිය හා සැසඳීමේදී රුපියලේ අගය ස්ථාවර මට්ටමක පැවැතිය ද මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 0.95කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.
රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 1.97කි. මේ වසරේදී පමණක් ගෙවිය යුතු එම ණය ප්‍රමාණය වාර්තාගත අගයක් වන අතර ඊට ඩොලර් බිලියන 2.9ක විදේශ ණය සහ ඩොලර් බිලියන 5.36ක පොළිය ද ඇතුළත් වේ.
පෙබරවාරි 7 වැනි දිනෙන් අවසන් වූ සතියේදී විදෙස් ආයෝජකයෝ රුපියල් මිලියන 6.03ක ශුද්ධ වටිනාකමක් සහිත රජයේ සුරැකුම්පත් විකුණා දැමූහ.
රොයිටර් ඇසුරිනි
055
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රුපියලේ අගය වාර්තා ගත ලෙස පහතට
Raveendra Tuesday, 13 February 2018 12:36 PM
ලෝකයේ හොදම මුදල් ඇමතියෝ හිටපු රටක් නේද අපේ රට ?
Bamunuarachchi Tuesday, 13 February 2018 03:48 PM
කෝ බැංකු හොරකම නිසා රුපියලේ අගය බාල්දු වුනේ නැහැ කියලා මගෙත් එක්ක වාද කරපු අය.
Bamunuarachchi Wednesday, 14 February 2018 10:03 AM
දැන් ඉතින් මොනවා පලකරන්නද බලාගෙන ඉන්නේ?