IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රත්මලානේ සිට ගල්කිස්සට වෙරළ සංරක්ෂණය කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 
රුපියල් මිලියන 400ක වියදමින් ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් දියත් කරන බව  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මේ අනුව එහි ප්‍රථම අදියර අඟුලාන දුම්රිය ස්ථානය අසළ වෙරළ තීරයෙන් ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
 
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි නාරා ආයතනය සහ ලංකා ධීවර වරයා සංවර්ධන සංස්ථාව මෙම වැඩසටහන සම්බන්ධ වී සිටියි. 
 
මෙරටට බලපෑ සුනාමියෙන් අඟුලාන වෙරළ තීරය විනාශ වී තිබුණද වසර 14ක් ගිය ද එම වෙරළ තීරය සංරක්ෂණය කිරීමට කිසිදු පියවරක් ගෙන නොතිබූ බව ද එම අමාත්‍යාංශය කියයි. 
 
 ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ තීරය වැඩි සංචාරක ආකර්ෂණයක් සහිත සහ ධීවර කටයුතු වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශයක් ලෙසින් ද හඳුනාගෙන තිබේ. රටවටා වෙරළ තීර සංරක්ෂණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන්  ද මුදල් වෙන් කර තිබේ.  



අදහස් (4)

රත්මලානේ සිට ගල්කිස්සට වෙරළ සංරක්ෂණය කරයි

Pradeep Liyanage Wednesday, 15 November 2017 02:34 AM

වෙරළ ආරක්ෂාව ගැන හොද අවබෝධයක් ලබා ගැනීමට අපේ බලධාරීන් මාලදිවයිනට පැමිනෙනවානම් හොදයි. මිලියන 400ක් වියදම් කරලත් ආරක්ෂා කරන්න යන්නේ ගල්කිස්සේ සිට රත්මලානට විතරයි. ඇත්තටම එවන් කුඩා ප්‍රදෙශයකටත් එපමණ මුදලක් වැය වෙනවනම් මාලදිවයිනෙහි දුපත් සියල්ලේම වෙරළ තීරයන් ආරක්ෂා කරන්න මිලියන ප්‍රකෝටි ගණනක් වියදම් වෙන්න ඇති.

:       0       371

anthony Wednesday, 15 November 2017 04:38 PM

දැනට තියෙන ස්වාභාවිකව පිහිටලා තියෙන ධිවර වරායක්වත් හරියකට සංවර්ධනය කරගන්න බැරුව හරියකට සේවා පහසුකමක් දෙන්න බැරුව සංචාරකයෝ ගැවසෙන වෙරලක් කොහොම සංරක්ෂණය කරන්නද ? අපේ ධිවර අමාත්‍යංශයට සහ එහි බලධාරින්ටයි නිලදාරින්ටයි දන්නා එකම වැඩේ තමයි වෙරල සංරක්ෂණ කියල මුහුදට කළු ගල් ටිකක් ගෙනල්ල හලලා දායි.. එච්චරයි .. මම දන්නා විදියට මොන තරම් වියදමක් ගියත් හරියකට ධීවර වරායක් හැදුවේ රාජපක්ෂ මහත්තයා තමයි. ඒත් ඒකෙනුත් ධීවරයෝ බලාපොරොත්තු වුණ වාසිය ලැබෙන්නේ නැහැ ..

:       20       65

pitar Wednesday, 15 November 2017 06:03 PM

ඕව අරව මේවා කරන්න කලින් අර මීගමුවේ මුහුදෙන් කලපුවට ලොකු බෝට්ටුවක් ඇතුල් කරන්න පුළුවන් විදියට කලපුව ඇතුලේ බෝට්ටු නැංගුරම් පොලක් ඇති කරන්න පුළුවන් නම් මොන තරම් වටිනා වැඩක්ද එක ? දැනට තියෙන මීගමුවේ පාලම දෙකම යටින් ලොකු ට්‍රෝලර් එකක් කලපුව ඇතුලට ගන්න බැහැ . පාලම් දෙකම උස මදි . ඒ හින්ද බෝට්ටු සියල්ල නවත්වන්නේ මූද පැත්තට වෙන්න තියෙන සුළු ඉඩ ප්‍රමාණයේ එක ගොඩේ . එකකට එකක් වැදිලා බෝට්ටු ගොඩක් විනාශ වෙනවා .හරියකට කිසිම සේවා පහසුකමක් ලැබෙන්නේ නැහැ . මාර්ග පහසුකමක් නැහැ . කරන්න තියෙන්නේ එක දෙයයි එක පාලමක් උසින් වැඩියෙන් හැදුව නම් මේ ප්‍රශ්නය නිකම්ම විසදන්න පුළුවන්දැනට තිබෙන පාලම් දෙකම එහෙමම තියෙද්දී අලුතෙන් පාලමක් හදන්න පුළුවන් .හැදුවට පස්සේ උසින් අඩු පාලම් කඩා දැම්ම නම් මේ ප්‍රශ්නය විසදෙනවා .. මහා ලොකු සල්ලියක් මේ වැඩේට යන්නේ නැහැ . කිසි කෙනෙක් විරුද්ද වෙන්නෙත් නැහැ . පාලමේ දිග මීටර් 10 යි . රුපියල් කෝටි 3 ක් වැඩිම උනොත් යයි. මුන්ට රජයේ මුදල් කෝටි 3 ක් වටිනවා ඒ පළාතේම ඉන්න මුළු ධිවර ජනතාවටම වඩා .

:       1       26

Sarath Friday, 17 November 2017 02:31 PM

නියත වශයෙන්ම මිලියන 100කට ආසන්නව වියදම් කරන්න වෙයි. ඒත් මිලියන 400ක් වියදම් වී තිබූ බව පෙන්වනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1452 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 632 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 127 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site