කාංචන කුමාර ආරියදාස
යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවයට පත්ව සිටින බව යාපනයේ ගොවීහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විදේශීය අර්තාපල කිලෝවක් රුපියල් 36 සිට 40 දක්වා වු මිල ගණන් යටතේ කිලෝවක් රුපියල් 50 කට වත් අලෙවි කර ගැනීමට නොහැකි බව ගොවිහු පෙන්වා දෙති.
මේ දිනවල යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් අර්තාපල් අස්වැන්න ලැබෙමින් පවතින බවත් එම අස්වනු 80% පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් අලෙවි කෙරෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
යාපනයේ සිට දඹුල්ලට පැමිණි අර්තාපල් ගොවීන් කියා සිටින්නේ අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් 100කට ආසන්න මුදලක් වියදම් වන බවත් විශාල මුදලක් ප්‍රවාහනය සඳහා ද වියදම් වන බවය. එහෙත් කිලෝවක් රුපියල් 50ට හෝ අලෙවි නොවීම නිසා දින කිහිපයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන්ට රැදී සිටිමට සිදුවන බවද ඔවුහු පවසති.
තමන්ගේ රුපියල් 50 කටත් අඩුවෙන් ලබා ගන්නා අර්තාපල් තමන් ඉදිරියේ ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටින් සිල්ලර එළවළු වෙළඳසල්වල කිලෝව රුපියල් 100කට අලෙවි වන බවද වැඩිදුරටත් සඳහන් කර සිටිති.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපනයේ අර්තාපල් දඹුල්ලේ දී ගණන් බහී
Perakum Thursday, 08 February 2018 10:54 AM
මම දන්නවා මේ යාපනේ ගොවියෝ හරිම අසරණයි අහිංසකයි අපේ අය වගේ උද්ඝෝෂණ කරන්නෙ නෑ. ඇයි රජය ඔය කතා කරන සුහදතාවය ගැනවත් හිතල යමක් නොකරන්නේ? වෙන රටවල නම් ගොවියාගේ ආර්ථිකය නගාසිටුවන්න කොයි තරම් දේවල් කරනවද...!
sarath Thursday, 08 February 2018 01:07 PM
ගොවියන් රැක ගැනීම රජයේ වගකීමක්. ගොවිතැන් කරන්න මොවුන්වු වෙන මහන්සිය ලඝු කිරීම නොවැටී. මොවුන් ගොවිතැන් වලින් ඉවත් වුවහොත් ලැබෙන ප්‍රතිපල කියන්න ඕනේ නැහැ නේ. ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා හෝ සති පතා තොග වලට පාලන මිලක් සහ රටේම සිල්ලර වලට පාලන මිලක් ඇති කිරීමෙන් ගොවියාත් අතරමැදියාත් ,පාරිභෝගිකයාත් යන සියලුම දෙනා රැකෙයි.
PerakumThursday, 08 February 2018 10:38 PM
දේශපාලුවෝ කියන්නේ නම් අපිට තියෙන්නේ කෘෂි ආර්ථිකයක් කියලයි. ඒත් ගොවියා නගා සිටුවන්න මොනවද කරන්නේ?
sachithFriday, 09 February 2018 03:07 AM
පැවතුන, පවතින රජයන්ගේ එකම අභිප්‍රාය ආනයන වෙළඳුන්ගෙන් කොමිස් ලබා ගැනීම මිසක් දේශීය ගොවියා නගාසිටුවන එක නෙවෙයි.
hasitha Friday, 09 February 2018 05:57 AM
අර්තාපල් විතරක් නෙමෙයි, මේ රටේ නිෂ්පාදකයාට තමන්ගේ අස්වැන්නට කිසිම අයුරකින් සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ. එළවලු , කුළුබඩු, වී හැම දෙයකිනන්ම අධික ලාභය ලබන්නේ අතරමැදියයි. අඩුම තරමේ පාරිභෝගිකයාට මෙහි වාසිය ලැබෙනවනම් කමක් නෑ. පාඩු වෙනකොට ගොවින් වගාව අතහැරලා දානවා.. එතකොට හුරේ කියාගෙන පිටරට වලින් බාල නිෂ්පාදන ගෙන්වා අධික කොමිස් මුදල් හම්බ කරගන්නෙත් අතරමැදි වෙළෙන්දෝ තමා. මේක ක්‍රමවත් කරන්න කිසිම යාන්ත්‍රණයක් හදාගන්න අපේ දේශපාලුවන්ට අවශ්‍යතාවක් නැ.
PerakumFriday, 09 February 2018 08:41 AM
අපේ රට මේ ගැන අවුරුදු 70ක් තිස්සේ මොනවද කෙරුවේ?
naradha Saturday, 10 February 2018 12:49 AM
කතාවෙන් නම් මඩ සෝදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි. නමුත් පසුගිය අවුරුදු 70 තුල සිදු වුනේ ගොවියා දුප්පත්කමේ සිරකර තැබීම පමණයි. අතරමැදියන් පලවා හැරීමට ගොවියන් සංවිධානය වී වෙළඳසැල් පවත්වාගෙන යා යුතුයි. මේ සඳහා රජය ගොවීන්හට සෑම සහයෝගක්ම දිය යුතුයි. පිටරටින් ගෙන්වන අර්තාපල් සඳහා වන තීරු බදු වැඩි කල යුතුයි.
ajith Saturday, 10 February 2018 07:36 AM
මේක මාර කතාවක්නේ. අල ළුෑණු මිල ඉහළ ගියත් රජය වැරදියි. මිල පහළ ගියත් රජය වැරදියි.
CHANDA Saturday, 10 February 2018 09:13 AM
හිතක්, පපුවක්, යුක්තියක් සාධාරණත්වයක් නැති රටක් මේක. කෝටි ගණන් මහජන මුදල් වියදම් කරමින් නඩත්තු කරන ආයතන හැට හුටා හමාරක් තිබුණත් බත සවි කරන ගොවියාට නිසි සාධාරණත්වක් නොකිරීම දේවශාපය ලබන්න තරම් බරපතල නපුරකි. උඩරට එළවලු ගොවියාටත්, යාපනේ ගොවියාට නොදෙවෙනි කෙනහිලිකම්ය. ඉතින් ගොඩඑයිද මේ රට?
prabash Saturday, 10 February 2018 09:39 AM
අර්තාපල් වවන කාලෙට සේරම එක්ක අර්තාපල් වවනවා පස්සේ විකුණගන්න බැහැ.