IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


මෝටර් රථ ආනයනයට රජය පැනවු බදු නිසා වාහන ආනයනය අඩුවෙලා

(ශිරාන් රණසිංහ) 

කුඩා  මෝටර් රථ  ආනයනයට අදාලව රජය පැනවු  බද්ද නිසා  රජය සැළසුම් කළ පරිදි වාහන ආනයනය කිරීම සීමා වි ඇතැයි  වාහන ආනයනකරුවෝ පවසති.

එන්ජින් ධාරිතාව 1000 ට අඩු මෝටර් රථ පසුගිය කාලයේ විශාල ලෙස  අලෙවි වු අතර විදේශ විනිමය විශාල ලෙස පිටරටට ඇදී ගියේය.

ඒ නිසා වාහන ආනයනය සීමා  දැමීම වෙනුවට බද්ද වැඩි කිරීම හරහා රජය සිය අරමුණු කරා ළඟා වුවද වාහන ආනයනය කර විකිණිමේ ව්‍යාපාරය මේ වන විට සම්පුර්ණයෙන්ම බිඳවැටී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.



අදහස් (15)

මෝටර් රථ ආනයනයට රජය පැනවු බදු නිසා වාහන ආනයනය අඩුවෙලා

suranga Sunday, 09 September 2018 03:41 PM

ලංකාවට දැන් වාහන හොදටම ඇති. පාරේ යන්නත් බෑ. පෙට්‍රල් මිලත් රු 200 විතර කරල ඩීසල් රු 75 ට විතර දෙනවානම් මිනිස්සු පොදු ප්‍රවාහන භාවිතයට හුරු වෙනවා.

:       624       238

SANATH Sunday, 09 September 2018 07:19 PM

ලංකාවේ තියෙන පරණ වාහන ආණ්ඩුවට පවරාගෙන ඒවා යකඩ නිෂ්පාදනයට භාවිත කලොත් පාරවල්වල තදබදය අඩුවෙලා ආර්ථික වාසියකුත් ලැබෙයි.

:       5       88

DhammikaMonday, 10 September 2018 06:42 AM

ඕන එකක් පවරගත්තට කමක් නැහැ මගේ වසර 15ක් පරණ ටොයෝට කොරොල්ල 121 පරණ කාර් එකේ වෙළදපල වටිනාකම ගෙවලා. එහෙමනම් හා, නිකන් දෙන්න අපිට පිස්සුද.?

:       1       143

Bamunuarachchi Monday, 10 September 2018 12:59 AM

පොදු වාහන? හිටගෙන යන පෝලිම් තුනයි හතරවෙනි පෝලිමට හරියන්න කොන්දොස්තරර ටිකට් ටිකට් කියා කියා එහාට මෙහාට ඇවිදිනවා. කාර්යාලයට යනවිට නැවත නාගන්න තරම් තෙහෙට්ටු වෙලා. හොඳ සිහියෙන් වැඩ ආරම්බ කරන්න තරම් හිත සන්සුන් නැහැ. ඔන්න බස් කෙරුවාව. අපේ රට හැම අතින්ම පිරිහිලා දෙසපාලුවන්ට මේක සුරපුරක්.

:       30       411

රවින් Monday, 10 September 2018 02:40 AM

වැඩේ හරි !! තව බදු වැඩි කරන්න. නගර වල එක කොනක සිට අනික් කොනට යන්න අඩුම තරමේ පැයක්වත් යනවා ඒතරමටම වාහන. සැප පහසු වෙලාවට ධාවනය වන පොදු වාහන පද්දතියක් තමයි විකල්පේ. කොළඹ නගරය තුල බස් ලේන් තියන් හන්දා දැන් තියෙන්නේ බස් කාල සටහන් හරියට ක්‍රියාත්මක වන විදියේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. දියුණු රටවල පෞද්ගලික බස් නියමිත කාල සටහනකට ධාවනය කරවන අතර එම කාර්ය සඳහා රාජ්‍ය සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මකවේ. සහනාධාර ලබාගන්න නම් ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීම අනිවාර්යයි. ප්‍රවේශ පත්‍රය සමග මහජන පැමිණිලි කළහොත් ඉක්මන් විමර්ශනයකින් පසුව කිසිම බාහිර බලපෑමකින් තොරව සහනාදාර කපාහැරේ. මෙහෙ ඉතින් ක්‍රම සහ විධි ක්‍රියාත්මක කරන එක තමා වැඩේ.

:       1       91

janatha anura UAE Monday, 10 September 2018 03:36 AM

වැඩේ හරි !! තව බදු වැඩි කරන්න...... කවදාවත් දියුණු වෙන්න බැරි මානසිකත්වය ඇවිත් බලන්න මෙහෙ පාරවල් වැඩි දියුණු කරන හැටි වාහන දුවන හැටි

:       1       34

DhammikaMonday, 10 September 2018 07:28 AM

ඔබ හරි මමත් ඉන්නේ ඔය රටේ, අපේ රටේ මිනිස්සු බයවෙයි මේ රටවල වාහන වල ගණන් ඇහුවොත්, ලංකාවේ වැගන් ආර් ගන්න ගන්නට මෙහෙ පෙජරෝ ගත්තහැකි, අනික මහාමාර්ග දිනපතා වැඩි දියුණු වෙනවා , රෑට හදනවා උදේට පාර විවුර්තකරලා වාහනත් යනවා ,පාලකයෝ ඇවිත් බදුමුදලින් උත්සවතියල නිවුස් වල බෙරගගහ පෙන්නන්නේ නැහැ, ඊලග චන්දෙට ඒක කියව කියව යන්නේ නැහැ , රෑට ආර් ටී එකෙන් ඇවිත් පාර ඇරලා දානවා, ලංකාවේ අයගේ ඔලුවට දාල තියෙන්නේ මේවා හදන්නේ දේශපාලකයන්ගේ අනුකම්පාවෙන් එයාලගේ සල්ලිවලින් කියල, ගමේ පාරට කොන්ක්‍රීට් දාගන්න කියල ඔය මන්ත්රිලට චන්දෙ දිදී පස්සේ වැඳගෙන යන්නේ අදටත් ගම්වල. ඇත්තමයි විසා ගහල මාස 6කට හැමෝම ගෙනල්ල පෙන්නන්න නැහැනේ මේවා , ඔලුව හරියන්න

:       0       520

ලුම්බිණි Monday, 10 September 2018 04:19 AM

මම හිතනවා පළමුවෙන්ම කලයුතු දෙයක් තමයි ඔය ඩියුටි ෆ්‍රී බලපත්‍ර දෙන එක නවතන එක

:       409       382

kap Monday, 10 September 2018 05:55 AM

කාර් තියෙනෙ අය නෑති අයට කෙලවේයන් කියලා හිතාගෙන බද්ධ වැඩි කරන්න කියනවා. එතකොට පරන කාර් මිලත් නගිනවා. බස්වල තෑලිල යන අය කාර් තියෙන අයට කෙලවෙයන් කියලා තෙල් මිල වෑඩි කරන්න කියනවා. අලුත් කාර් එකකට වඩා පරන කාර් එකක් ගනන් වෑඩි එකම රට ලංකාව.

:       0       30

Asanka Monday, 10 September 2018 06:40 AM

ගෝත්‍රික මානසිකත්වයක් ඇති රටකට වාහන කියන්න මහා ලොකු දෙයක් වුනාට වෙනත් රටවල වාහන කියන්නේ උපකරණයක් විතරයි , පාවිච්චි කරලා පරණ වුනාම විකුණා දානවා ඊටත් පස්සේ ද්‍රව්‍ය වලට විකුනනවා. රජයක් තියෙන්නේ මිනිස්සු මැරීගෙන බදු ගෙවන්නේ , ගෙදරක හදිසි වුවමනාවකට ඉක්මනින යන්න අමාරුවෙන් සල්ලි හොයන් ගෙන්වන පොඩි වාහනයකටත් 300% බදු ගෙවන්නේ වැඩිවන වාහන ප්‍රමාණයට මාර්ග පද්ධති දියුණුකරන්න. මේවා 21 වැනි ශතවර්ශේ ගොඩේ මැජික් , ඇමතිවරුන්ටත් බැරිය වී 8 වල නොයා කොච්චි බස් වලම යන්න, මොකෝ එයාල මහා ලොකු වැඩක් කරනවද ?

:       0       455

Nuwan Monday, 10 September 2018 06:45 AM

විදේශ විනිමය විශාල ලෙස පිටරටට ඇදී ගියේය කියන ගමන් වාහන ගෙන්වීමේදී 100%, 200% ලෙස ගෙවන බදු මහා බාන්ඩාගාරයට ඇදී ගියේය , ඒවායින් රජය කල සේවයකුත් නැත කියලා සදහන් වුනානම් නිරවද්‍ය යි.

:       23       244

Edirimanna Monday, 10 September 2018 07:32 AM

ජනගහනය වැඩි වෙද්දී භාණ්ඩ භාවිතය වැඩිවෙනවා, ඕක තමයි ලෝක ස්වභාවය, ඕක බදු ගහල නවත්තන්න බැහැ, මිනිස්සු බදු ගෙවන්නේ ආණ්ඩු පත්කරගන්නේ ඒවාට සරිලන ලෙස යටිතල පහසුකම් හදන්න, එහෙම නැත්නම් ආණ්ඩු ඕන නැහැනේ, මිනිසුන්ටම පාලනය කරගන්න තිබ්බනේ , දත් බුරුසුවේ සිට වාහන, ගෙවල් හැමදේම භාවිතය වැඩිවෙනවා , එක්කෝ ජනගහනය සිමකරන්න නීති ගෙනෙන්න එක පවුලට එක ළමයයි.

:       1       78

de silva Monday, 10 September 2018 11:47 AM

ඔය ඇමැතිවරුන්ට දෙන බලපත්‍රයත් සීමා කළානම් විශාල මුදලක් අනිවාර්යයෙන්ම ඉතුරු කරගන්න තිබුණා. කොහෙද හැමදාම බදුගහලා තලන්නේ පොඩි මනුස්සයවනේ?

:       0       63

Chathu Madhushan Monday, 10 September 2018 04:10 PM

වාහන බදු නෙමේ ප්‍රශ්නේ ලංකාවේ පොදු ප්‍රවාහනය තාම 1970 වගේම තම කිසිම දියුණුවක් නැ. හයි වේ දුවන බස්, මෙට්‍රො සිටිවල තිබුණා නම් ඔහොම කට්ටක් මිනිස්සු කන්නේ නැහැ. ටැක්ස් වැඩි කළාට ට්‍රැෆික් නම් අඩු වෙන්නේ නැහැ. මිනිස්සු දුකෙන් ඉඳිද්දදී හූල්ලගෙන එච්චර තමයි.

:       0       29

Dissanayaka Thursday, 13 September 2018 04:13 AM

වාහන විතරක් නෙමෙයි අපේ රටට ගෙන්වන අනවශ්‍ය දේවල් සේරටම වැඩි බදු අයකරන්න ඕනේ.රටේ සල්ලිනෙ පිටතට ගලාගෙන යන්නේ.

:       20       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 552 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 113 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 125 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 133 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 174 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 103 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 152 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1431 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site