(විනීතා එම් ගමගේ)
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ ඇත.
එම අධිකාරියේ හිටපු සභාපති කිත්සිරි දිසානායක මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුවට ජයරත්න මහතා පත්කරනු ලැබ ඇත.
මැණික් අපනයනයේ දී අය කෙරෙන සියයට දශම 5 ක සේවා ගාස්තුව වෙනුවට නව බද්දක් හන්ඳුවා දීමට අධිකාරිය කටයුතු කළ අවස්ථාවේ, මැණික් අපනයනකරුවන් ගේ සංගමය ජනාධිපතිවරයා හමුවී නව බද්දෙන් අපනයනකරුවන්ට මතුවන ගැටළු පෙන්වා දී තිබේ.
මෙම නව බද්ද හඳුන්වා දී ඇත්තේ අධිකාරිය අයත් වන පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පවා දැනුම් දීමකින් තොරව යැයි ද වාර්තාවේ.
මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට සහ එහි අධ්යක්ෂ ජනරාල් වරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයි අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එහි සභාපති කිත්සිරි දිසානායක මහතා සහ අධ්යක්ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා ඉල්ලා අස් වී ඇති අතර පේෂල ජයරත්න මහතා පත් කර ඇත්තේ සභාපති තනතුර වෙනුවෙනි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති පේෂල ජයරත්න
රජින්ද Sunday, 06 May 2018 08:29 AM
තමන්ට ගැතිකම් කරන ජනතා ප්‍රසාදයක් නැති අයව රාජ්‍ය ආයතනවලට දමන ජනතා ඡන්දය අමු අමුවේ උල්ලංඝනය කරන, පිල් මාරු කර කර සොරුන් හුරතල් කරන, පාතාලයින්ට පොලිස් ආරක්ෂාව දෙන දකුණු ආසියාවේ අන්ත දූෂිත රාජ්‍ය මෙය වේ.
MaheeSunday, 06 May 2018 12:26 PM
රජින්ද, ඔබ සමග මුළුමනින්ම එකඟයි. අඩුගන්නේ පිල් මාරුකරන කෙනෙක් දැම්මත් කමක් නැහැ. හොඳ, දක්ෂ කළමනාකරුවෙක් නම්. මේ වැඩකට නැති හාල්පාරුවන් දාගෙන ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර කන්න සලස්වන එක තමයි මේ ගොල්ලෝ කරන්නේ. කතාව නම් කොහොමද?
upaliMonday, 11 June 2018 05:22 AM
මොහු දී.මූ. ජයරත්නගේ පුතාය...
Raveendra Monday, 07 May 2018 06:00 AM
මේ නොකියා කියන්නේ "ඇම්බට්ටයිනේ අපි මෙන් ඔබලාත් බදුමුදල් වන මහජන මුදල් ගසාකාපියව්" යන්න නොවේද?
Lalith Monday, 07 May 2018 12:17 PM
පැරදුණු අයට අමාත්‍යාංශ සභාපතිකම්, තානාපතිකම්... මේක නිසා තමයි තානාපති කාර්යාල මහලු අයගේ නිවාඩු නිකේතන වෙලා තියෙන්නේ.
රුහුණු පුත්‍ර Tuesday, 08 May 2018 12:30 PM
රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කල යුතුයි. සියලු රාජ්‍ය ව්‍යවසායන් අදාල අමාත්‍යංශ වලින් නිදහස්කර, මධ්‍යගත කළමනාකරණ ඒකකයක් යටතට පත්කර, දේශපාලන ඇගිලි ගැසීමෙන් තොර වෘත්තිය ව්‍යාපාර කළමණාකරුවන් යටතේ පාලනය කල යුතුයි. සභාපති හා අධ්යක්ෂ මණ්ඩලය සුදුකම්ලත් අය පත්කර, රාජ්‍ය විගණනය ක්‍රමවත් හා ශක්තිමත් කල යුතුයි.