IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහ බැංකුව මේ වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි

මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව ප්‍රකාශ කළේය. 
 
එමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 4කට ආසන්න අගයක පැවැති බව පවසන මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.
 
කෙසේ නමුත් ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති නිශ්චිතව තබා ගත යුතු බවත් ආයෝජන ආකර්ෂණය කරගත යුතු බවත් පෙන්වාදෙයි. ආර්ථික වර්ධනය කෘත්‍රීමව ඇතිවුවහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවීය. 
 
මේ වසරේදී ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව තිබෙන ණය නැවත ගෙවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.9කි. ඊට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පොලීය වන රුපියල් මිලියන 600ක් ද අයත් වේ. ඊට අමතරව බාහරි ගෙවීම් රුපියල් බිලියන 2.5ක් සහ දේශීය වශයෙන් ගෙවිය යුතු ණය රුපියල් බිලියන 380ක් ද ඊට අයත් වේ. 
 
055



අදහස් (10)

මහ බැංකුව මේ වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි

de silva Thursday, 04 January 2018 04:45 PM

අද ලංකාවේ ව්‍යාපාරික සහ නිවාස ණය වලට පොලි අනුපාතය ඉතා ඉහලය. ව්‍යාපාරිකයන් අලුත් ව්‍යාපාර ඇරබීමට හෝ තිබෙන ව්‍යාපාර වැඩි දියුණු කිරීමට නොපෙලෙබෙන අතර, සාමාන්‍ය ජනතාව නිවාස ඉදිකිරීමට පැකිලීමක් දක්වති , එතකොට කොහොමද ආර්ථික වර්ධනයක් සිදු වෙන්නේ ? මොන ක්‍රමයකින් හෝ ණය පොලි අනුපාතය 2015 මුල තිබුන මට්ටමට ගෙන එන්න පුළුවන් නම් ආර්ථික වර්ධනයක් රටේ ඇතිවේවි

:       37       122

de silva Friday, 05 January 2018 10:51 AM

ආර්ථිකයක් වර්ධනය වෙන්න මිනිසුන් අතර මුදල් සංසරණයක් සිදුවෙන්න ඕනේ...

:       35       98

anura Saturday, 06 January 2018 01:57 AM

කරගෙන යන්න හැම දේම විකුණන කාලේ ඕකත් හොඳ ගණනකට විකුණුවා නම් හරි. එතකොට ප්‍රශ්ණ සියල්ල අවසන්.

:       30       19

himal Saturday, 06 January 2018 08:43 AM

රටක ණය සේවාකරණ අනුපාතය ඉහළ අගයක් ගන්න කොට පොළී අනුපාතය ඉහළ යන එක ස්වභාවිකයි. ඒ වගේම රටක ආර්ථිකය වර්ධනය වෙන්න ඉදිකිරීම් නම් ආර්ථික බුබුළේ යැපෙන්න බැහැ. ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර පුළුල් කරන්න මැලි වෙන්නේ කෙටි කාලීන පොළී අනුපාතය මත නොවෙයි. ඉහළ ශ්‍රම පිරිවැය, පුහුණු ශ්‍රමයේ හිඟය සමඟ ප්‍රතිපත්තිමය අස්ථාවරබව ව්‍යාපාර පුළුල් කිරීමට ලංකාවේදි බාධාවක්.

:       0       12

de silva Saturday, 06 January 2018 01:15 PM

2014 සහ 2015 මුල් කොටසේ ආර්ථික වර්ධනයක් පෙන්වූවා. නමුත් 2015 අග භාගයේ සිට පොලී අනුපාතය ඉහල යාම ඇරඹීමත් සමගම ආර්ථික වර්ධනය අඩාල වන බව හොඳින් නිරීක්ෂණය කරන කෙනෙකුට පෙනෙනවා. මිනිස්සු මුදල් බැංකු ගිණුම් වල දමාගෙන හිටියට රටක ආර්ථික වර්ධනයක් සිදුවෙන්නේ නැහැ. මුදල් සංසරණය වෙන්න ඕනේ, එතකොට තමා නව රැකියා අවස්ථා ඇතිවෙන්නේ... හොඳම උදාහරණය ජර්මනිය වසර 2001 සිට 2005 විතර වෙනකම් රටේ ආර්ථික පසු බෑමක් පෙන්නුම් කලා. නමුත් 2006න් පසු රජය එහි ව්‍යාපාරික සහ නිවාස ණය වාර්ෂික පොලි අනුපාතය 1-2 % ත් අතර පවත්වාගෙන යන ලෙස බැංකු වලට උපදෙස් දුන්නා. 2007 සිට සෑම වර්ෂයකම එහි ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන අතර යුරෝපයේ සහ ලෝකයේ හොඳම ආර්ථික වර්ධනයක් තිබෙන රටල් කිහිපය අතරේ ජර්මනිය පසුගිය වසර 10 විතර කාලයක් තුල සිටිනවා.

:       0       5

de silva Saturday, 06 January 2018 01:30 PM

වර්ෂ 2014දී මමත් 8.5% වාර්ෂික පොලි අනුපාතයකට රුපියල් කොටි 1 1/2 ණයක් ලබාගෙන මගේ සංචාරක හෝටල් ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ආයෝජනය කළා. දැන් එම මුදලින් අඩකටත් වැඩිය ගෙවා අවසානයි. තව කාමර කිහිපයක් සෑදීමට තව රුපියල් කෝටි 2 ක පමණ ආයෝජනයක් කිරීමට මගේ අදහස තිබුණි. ඉන් කොටසක් බැංකු ණයක් ලෙස ගැනීමට මම බලාපොරොත්තු වුනෙමි. නමුත් දැන් බැංකු ණය වලට වාර්ෂික පොලි අනුපාතය 16% කට වැඩි අගයක් ගනී. එමනිසා මම ආයෝජනය කිරීමේ අදහස ඉවත දමා මගේ ළඟ වැඩිපුර තිබෙන මුදල බැංකුවට දමා පොලිය ලබාගනිමි. වාර්ෂික පොලි අනුපාතය 10% අඩු වෙනවා නම් මමත් ණයක් ගෙන ආයෝජනය කරමි. නැත්නම් වැඩි පොලියට ණයක් ගෙන මගේ ව්‍යාපාරය අනවශ්‍ය ලෙස අනතුරේ දැමීමට මම කැමති නැත. මගේ ව්‍යාපාරික සගයන්ගෙන් වැඩි දෙනෙකු මේ හා සමානම අදහසක් දරති.

:       6       4

abaran Sunday, 07 January 2018 09:00 AM

කුමාරස්වාමි මහතා... කෑමට හරි රුසියෙක්වත් සිංගප්පූරුවේ වැසියෙක්වත් නෙවෙයි නේද?

:       0       23

Kumar (Galf) Monday, 08 January 2018 07:29 AM

ඒ කියන්නේ යහපාලනේ මහබැංකුවෙන් හොරා කාපු සල්ලි ටික සේරම ආයෙත් මහා බැංකුවට අරගෙන, ඊට පස්සෙ ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්, ග්‍රැටිවිටි එකට ගහපු 14% පොළිය නැති කරලා, අපිව හූරගෙන කන්න හදන එකත් නවත්වනවා කියන එකද?

:       0       75

de silva Thursday, 11 January 2018 08:18 PM

වසරේ 5.5% ආර්ථික වර්ධනයක් ලබාගන්න නම් , නය පොලි අනුපාතය 8% දක්වාවත් අඩු කල යුතුය . නැත්නම් මිනිස්සු සල්ලි බැංකුවේ දමාගෙන එකෙන් කකා බිබී ඉන්නවා මිසක් ආයෝජනය කරන්නේ නැහැ

:       0       59

de silva Friday, 12 January 2018 08:48 AM

ඉදිරි වසරේ 5,5 ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා කියලා කියන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්... ඔබතුමා එම ඉලක්කය සපුරා ගැනීම සඳහා සකස් කල සැලසුම් අපට ඉදිරිපත් කරන්න පුළුවන්ද? එතකොට කියන්නම් ඔය වැඩේ හරියනවද නැද්ද කියලා...

:       0       66

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 29 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2019 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 655 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site