IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බැංකුණය පොලිය අඩුකරන බව අගමැති කියයි

(අංජුල මහික වීරරත්න)

මේ මාසය අවසන් වනවිට බැංකුණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලයේ දී පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය කෙටි කලක් ඇතුළත යථාතත්වයට පත්වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා ඇතුළු ආණ්ඩුව සූදානම් බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  විපක්‍ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනා විවාදයේ දී ඔවුනට ඝන පුර්ණය තබා ගැනීමටවත් නොහැකි වූ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමල නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට අද  (14) එක් වෙමිනි.

එහිදී  තවදුරටත් අදහස් දැක්වූ  අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

"මේ මාසය අවසන් වන විට බැංකුණය පොලිය 12% සිට 10% දක්වා අඩු කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙමගින් විශාල පිරිසකට සහනයක් සැලසෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

මේ වසරේ මුලදී විදේශ සංචාරකයින් 160,000 ක් ලංකාවට පැමිණියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම සංඛ්‍යාව 30,000 දක්වා අඩු වුණා. නමුත් ඉන්පසු රජය ගෙන ගිය කඩිනම් වැඩ පිළිවෙළ නිසා ජුනි මාසයේදී එම සංඛ්‍යාව 63,000 දක්වා වැඩි වුණා. මේ මාසය අවසන් වන විට එය ලක්‍ෂයක් දක්වා වර්ධනය වන බව කිව යුතුයි. එමෙන්ම අගෝස්තු මාසය අවසන් වන විට මේ සංඛ්‍යාව 125,000 දක්වා වැඩි කර ගැනීමට අප පියවර ගෙන තිබෙනවා" යැයිද ඒ මහතා පැවසීය.



අදහස් (21)

බැංකුණය පොලිය අඩුකරන බව අගමැති කියයි

Raveendra Sunday, 14 July 2019 01:51 PM

අනේ සූත්තරයෝ ගහ දන්නා අපිට "සුදුලුනු" පොඩි කරන්න හදන්න එපා.. ඔහේගේ අතීසාර අර්ජුන් පල්හොරාගේ පිහිටෙන් හොරා කාපු අහිංසක මිනිසුන්ගේ සල්ලි ඔක්කොම ගෙනත් බාරදෙනවා. නැත්නම් වෙන්නේ ජාති ජාතිත් පව් ගෙවන්න. ඔය ඉන්නේ එහෙම හොරා කාපු අය බලාගත්තු අතේ බලාගෙන දුක්විඳිනවා පවුල් පිටින්...

:       506       1087

chandima Sunday, 14 July 2019 09:50 PM

මැතිවරණෙට නාම යෝජනා දුන්නට පස්සේ නේද ඔය පොලිය අඩුකරන්න හිතාගෙන ඉන්නේ?

:       39       177

vernon Monday, 15 July 2019 08:51 AM

රවීන්ද්‍ර, මහ බැංකුවට අදාළව සිදුවූ බව කියවෙන්නේ අභ්‍යන්තර වෙළෙඳාම් චෝදනාවක්. එහෙම නැතුව ඔයා කියන ආකාරයේ චෝදනාවක් ආවේ සක්විති, ගෝල්ඩන් කී වගේ ආයතනවලට අදාළව. මහ බැංකුව මහජන තැන්පතු භාර ගන්නේ නෑ.

:       235       223

de silva berlin Monday, 15 July 2019 09:53 AM

ව්‍යාපාරික සහ නිවාස ණය සදහා බැංකු පොලිය අඩුම තරමේ 6% දක්වාවත් අඩුකළ යුතුයි , සංචාරක ව්‍යාපාර වැනි දේවල් වලට බැංකු ණය දෙනකොට , සංචාරක මණ්ඩලේ අනුමැතිය ඉල්ලීම වැනි බාදක ඉවත් කොට , ව්‍යාපාරිකයට බැංකුව සමග කෙලින්ම දේපල ඇපයට තබල් ණය ගන්න පුළුවන් ක්‍රම වේදයක් සකස් කල යුතුය . බැංකු පොලිය අඩු කර ණය ලබාගැනීම සරල කලොත් මිනිස්සු නිවාස සැදීමට , අලුතින් ව්‍යාපාර අරම්හ කිරීමට පටන්ගැනීමෙන් නව රැකියා අවස්ථා ඇතිවී මිනිසුන් අතර මුදල් සංසරණය වීමෙන් රජයට වක්‍රාකාරව බදු අදයම්ක්ද ලැබෙනු ඇත .

:       65       66

මුණසිංහ Tuesday, 16 July 2019 02:00 AM

කාටත් අමතක වුනාද එතකොට තැන්පතු පොලියත් අඩුවෙන බව!!!!!

:       6       171

Jayatissa Tuesday, 16 July 2019 10:46 AM

රවින්ද්‍ර, හැම කතාවකටම මහ බැංකු කතාව යොදාගන්න එපා. ඒක හරියට මැක්කාගේ කතාව වගේ.

:       203       120

chandimaFriday, 19 July 2019 06:42 PM

කරන්ඩ දෙයක් නැහැ ජයතිස්ස, මේ විදිහට වැඩ කරමින් හැසුරුණා නම් මැරෙනකල්ම බලුකතා අහන්න වෙනවා.

:       0       47

jayananda Wednesday, 17 July 2019 02:43 AM

මට දැනගන්න ඕනේ දැනට අරන් තිබෙන ණය වල පොලියත් අඩුවෙනවද , නැතිනම් අලුතෙන් ගන්න ණය වලට විතර ද ?

:       0       3

de silva berlin Wednesday, 17 July 2019 10:10 AM

මුණසිංහ මහත්මයා ව්‍යාපාරිකයන් නිවාස ඉදිකරන්නන් බැංකු පොලිය වැඩි නිසා ණය ගන්නේ නැතුව නිකන් ඉන්න කොට, ණය ඉල්ලුම අඩු වෙන නිසා, කොහොමත් කාලයක් යනකොට තැන්පතු වලට ගෙවන පොලිය අඩුකරන්න බැංකුවලට සිදුවෙනවා. මිනිස්සු සල්ලි බැංකුවල දමාගෙන පොලියෙන් කාකා බිබී සිටියට රටක ආර්ථිකය වර්ධනය නොවේ. ව්‍යාපාරිකයන් අලුත් ව්‍යාපාර පටන් ගන්නකොට, තිබෙන ඒවා වැඩිදියුණු කරගන්න කොට, මිනිස්සු නිවාස ණය අරගෙන ගෙවල් හදනකොට... රටේ රැකියා අවස්ථා වැඩිවේ. එවිට ජනතාව අතර සිදුවන මුදල් සංසරණය තුළින්, රජයට ලැබෙන බදු මුදල්ද වැඩිවේ... හොඳම උදාහරණය ජර්මනිය, 2006 ඔවුන් බැංකු ණය සඳහා පොලි අනුපාතය වර්ෂයකට 1% දක්වා පහළ දැම්මා.. එමනිසා ඔවුන්ගේ ආර්ථිකය 2006 සිට මේ දක්වා සෑමවර්ෂයකම වර්ධනයක් පෙන්නුම් කරන අතර විරැකියාවද සීඝ්‍ර ලෙස පහළ ගොස්.., පසුගිය අවුරුදු 10 තුළ යුරෝපයේ හොඳම ආර්ථිකයට හිමිකම් කියනවා. ලංකාවේ ආර්ථික වර්ධනයක් ලබන්නට නම් බැංකු පොලිය 7%ට වැඩිය අඩු මට්ටමකට ගෙන එන්න ඕනේ...

:       248       413

පෙරුමාල්Thursday, 18 July 2019 03:35 AM

වයස අවුරුදු 60ට වැටි විශ්‍රාමිකයන් තමන්ට ලැබුණු අර්ථසාධක හා පාරිතෝෂික මුදල් ස්ථිර තැනපතු වලදමා ඒ ලැබෙන පොලියෙන් ජීවත් වෙනවා. ඔවුන් කුසගින්නේ මියයා යුතුද?

:       3       25

DD Thursday, 18 July 2019 12:29 AM

බොරු කයිවාරුව නවත්ත ගන්න. දැන් ඇති වෙලා

:       0       73

dickie bird Thursday, 18 July 2019 05:09 AM

අන්තිමේදී කරපු දෙයක් නැහැ. රවියා කෙලපු ඒවා මංගලයා කියනවා, මංගලයා ගහපු දේවල් රවියා කියනවා. මේ ඔක්කොම ලංකාව සුද්ද කරලා. මලික් කාටත් හොරෙන් ඇග්‍රිමන්ට් ගහගහා හම්බ කරනවා. කවුරුත් දන්නේ නැහැ. මේ වෙනකොට රට විකුණලද කියලා.. ඇමෙරිකාවට සෝෆා එකට නිකන් හරි කියලා. මදැයි 6.2 ඡන්දෙන් ලංකාවට වුණු වැඩේ. වඳින්න ගිය දේවාලේ හිසේ කඩාවැටිලා...

:       0       297

මුණසිංහ Thursday, 18 July 2019 01:30 PM

තැන්පත් පොලිය අඩු වෙන විට මිනිස්සු බැංකු වල මුදල් තියන්නෙ නැහැ. එතකොට බැංකු ණය දෙන්නේ කාගෙන් අර ගෙනද? මේ දෙකෙහිම තුලිත බවක් තිබෙන්න ඕන.

:       0       47

Anjula Friday, 19 July 2019 09:34 AM

සාමාන්‍ය ව්‍යවහාරේ තියෙන්නේ නම් කාලකන්නියෙක් කියලා.. එකෙක් ඉන්නවා නම් ඒ වගේ එවුන් කරන්නේ කාලකන්නි වැඩ විතරයි කියලා. මහ බැංකුවට යාළුවො එක්ක එකතු වෙලා මුළු බැංකුවම හොරා කෑවා. එ්කේ පාඩුව පියවන්න ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්, ග්රැටිවිටි එකට 14% පොලියක් ගහලා අහිංසක මිනිස්සු හම්බ කරන එක හූරං කනවා. ඒ මදිවට ඒවට ලැබෙන පොලිය සෑහෙන්න ගානකින් අඩු කරලා දැම්මා. පොඩි ළමයින්ගේ බැංකු ගිණුමෙනුත් බදු ගහලා හූරන් කනවා. දැන් බැංකු වලින් සාමාන්‍ය ගිණුම්වලට දෙන පොලියත් අඩුකරලා එ්කත් හූරං කන්න හදන්නේ... මෙහෙම එකෙක් එනකන් අපායේ යමපල්ලො බලන් ඉන්නේ... මෙයා අපායට යන එකනම් නවත්තන්න බැහැ මොනවා කරත්... මොකද අපි හැමදාම සාප කරනවා... කරන ජඩවැඩ වලටයි බලු වැඩවලටයි...

:       0       55

dumindaTuesday, 23 July 2019 12:17 PM

දෙහි ගෙඩියක් තරම්වත් මොළ ගෙඩියක් නැති බව පෙනෙන්නට තිබේ. ලෝකේ දියුණු රටවල තැන්පතු පොලිය 2% - 4% . ණය පොලියත් 10% ට අඩුයි. ළමා ගිණුම් වල ලක්ෂ දහයට වැඩි ඇති අයයි බදු ගෙවුවේ. EPF එකෙත් මිලියන 5 කට එහා තියෙන්න ඕනි. මේ කණ්ඩායම කොතරම් සුළු පිරිසක්ද. මහා බැංකු ඉතිහාසය බැලුවනම් 2005 ඉදල බැදුම්කර ගිය හැටි බලාගන්න තිබුනා. එක පවුලකට නැතුව ප්‍රතිවිරුද්ද අදහස් දරන පිරිසක් රට කරන හින්ද රාජ්‍ය මුල්‍ය අක්‍රමිකතා එලියට ආවා. කලින් කට්ටිය හිටියනම් බලාගන්න තිබුන මීට වඩා හොඳ සෙල්ලම් හැබැයි අල්ලනවා බොරු

:       0       3

chandima Friday, 19 July 2019 06:49 PM

එකාට කීය ගානේ දීලද ඝන පුරණේ අඩුකරගත්තේ?

:       0       1

de silva berlin Saturday, 20 July 2019 07:31 AM

මුණසිංහ මහත්මයා, මිනිස්සු වැඩිපුර තිබෙන සල්ලි බැංකුවල තැන්පත් කරන්නේ නැතුව, ගෙදර දුමේ හංගලා තියන්නද? සල්ලි ණයට දුන්නාම ලැබෙන වාරිකවලින් නැවත ණය දෙන්න පුළුවන්.. පොලිය අඩුවුණත් මිනිස්සු සල්ලි බැංකුවල තැන්පත් කරනවා. දැනට ව්‍යාපාරික ණය වලට ගන්න 12-16% අතර පොලියට ණය අරන් ව්‍යාපාර මුකුත්ම කරන්න බැහැ. ණය පොලිය 7%ට වැඩිය අඩු කරන්න...

:       18       0

AkilaSunday, 21 July 2019 03:29 AM

මේ දී සිල්වා ව ලංකවට පිටුවහල් කරන්නකෝ ,එතකොට බලාගන්න පුළුවන් මෙයා බැංකුවේ තැන්පත් කරන්නේ නැතිව කොහොමද? ස්ව උත්සාහයෙන් සුළු ව්‍යාපාරයක් කරගෙන ජිවත් වෙන්නේ කියල

:       0       0

w j n samaranayake Saturday, 20 July 2019 12:03 PM

මේක හරියට දැලි පිහියෙන් කිරි කනවා වාගෙයි

:       0       0

de silva berlin Monday, 22 July 2019 02:29 PM

අකිල මහත්මය බැංකුවල ගොඩගහලා තියන්න තරම් මම මෝඩ සහ කම්මැලි නැහැ. මට ලංකාවේ සාර්ථක සංචාරක හෝටල් ව්‍යාපෘතියක් තිබෙනවා. මම ඒවා ආරම්භ කරන්න අවශ්‍ය මුදල් වලින් කොටසක් ණයට ගත්තේ ජර්මනියේ ඇති මගේ නිවාස උකසට තබලා ජර්මන් බැංකුවකින් මම වාර්ෂිකව ගෙවන පොලිය 1 %... නමුත් මට තිබෙන පහසුකම් අපේ ලංකාවේ සහෝදර සුළුපරිමාණ ව්‍යාපාරිකයින්ට නැහැ. අපේ රටේ මහාපරිමාණ හෝටල් විශාල සංඛ්‍යාවක අයිතිය ඇත්තේ ශැන්ග්‍රිලා වැනි බහුජාතික සමාගම් වලට , කුඩා පරිමාණ හොටල් වලින් වැඩි හරියක හිමිකරුවන් විදේශිකයන්... ඔවුන් එම රටවලින් මුදල් ගෙනත් මේවා මෙහෙ හදලා තිබෙනවා. අපේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් හම්බ කරන මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පිටරටට නැවත ඇදීයනවා. ලංකාවේ සිටින සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපරිකයින්ට මේ විශාල බැංකු පොලිය සහ ණයක් ලබාගැනීමට ගියාම එම ක්‍රමවල සංකීර්ණ භාවයත් නිසා ව්‍යාපාර ආරම්භ කිරීමට විශාල බාධා ඇතිවෙලා. ලංකාවේ මුදල් බැංකුවල ගොඩගහලා තබන්නේ නැතිව ජනතාව අත සංසරණය විය යුතු බව මගේ අදහසයි..

:       0       3

බණ්ඩාර Friday, 26 July 2019 08:16 AM

හැමදේකම වැරදි දකින්නේ අසුභවාදී මිනිස්සු. හොඳකුත් දකින්න පාට කණ්ණාඩි ගලවලා සහ අනුන්ගේ මොළෙන් හිතනඑක නවත්තලා. බැංකු ණය පොළිය අඩු කරන එක සංවර්ධනයට හොඳයි. මුදල් තියෙන්නේ තැන්පත් කරන්නම නෙමෙයි. වැඩි කොටසක් ආයෝජනය කරන්න. ඒක බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 85 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 48 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site