(එෆ්.අස්ලම්)
තේ කර්මාන්තයේ වසර ගණනාවක සිට සිදුවෙමින් පවතින කඩාවැටීම් හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා 79 ක් අතරින් 28 ක් ම මේ වනවිට වැසී ගොස් තිබෙන බවත් එක්සත් වතු කම්කරු සංගමයේ මහ ලේකම් ඒ.මුත්තුලිංගම් මහතා පැවසීය.
රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ තේ කර්මාන්තය 1992 වසරේදී පෞද්ගලීකරණය කිරීමත් 2004 වසරේ පෞද්ගලික පාර්ශවයන් හට වසර 50ක කාලයක් බදු දීමත් මත වතු කර්මාන්තයේ දැවැන්ත පරිහානියක් සිදුව තිබෙන බවද හෙතෙම කීය.
වතු පාලනය අතට ගත් හාම්පුතුන් වතු කම්කරුවන්ගේ සුබ සාධන හා ආර්ථික තත්වය කෙරෙහි නොසැලකිල්ලක් දැක්වීමත් වතුකම්කරුවන්ගේ ශ්රමයට සරිලන වැටුපක් නොගෙවීමත් මේ හේතුවෙන් වතුකම්කරුවන් වතු සේවයෙන් ඈත් වීමත් යන කාරණාවන් මත තේ කර්මාන්තය පිරිහෙමින් පවතින බවද හෙතෙම කීය.
තේ නිෂ්පාදනයේ විශාල ප්‍රගතියක් දැක්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ චෙල්සිවත්ත, කලංවත්ත, ක්වින්ස්ටවුන්, ඩැමේරියා, ගූගලෑන්, ලෙජර්වත්ත, නෙළුව, වෝර්ක්වෙල්, පිංඅරාව, සෙන්ජේමිස්, උඩවේරිය වැනි ප්‍රසිද්ධ තේ කර්මාන්තශාලා වැසී ගොස් තිබෙන බවද මුත්තුලිංගම් මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් දැනට නිෂ්පාදන සිදුවන තේ කර්මාන්තශාලා වෙත තේ දලු ගෙන යාමට සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බදුල්ලේ තේ කම්හල් 28 ක් ම වැසෙයි
sam Wednesday, 09 January 2019 10:27 AM
ලංකාවේ තේ රබර් පොල් වගාවන් තුනේම අවසානයේ, ආරම්භය 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ 'රන් පවුම් වතු' රජයට පවරා ගැනීම කියන එක නොදන්නා සියලු දෙනාටම මතක් කර දීමට කැමතියි .
ආරියපාල හේවගේ Wednesday, 09 January 2019 05:59 PM
ඹුත්තුලිංගම් මහතා පොදු ජනතාවගේ විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ සුභ සාධන වැඩ ගැන දීරග කාලයක් වැඩ කළ කෙනෙක් ලෙස පවසන මෙම පුවත නිවරදිය. මේ තේ වතු ටික රැක ගන්න රජය විසින් මොන යම් දෙයක් හෝ කල යුතුය.
sandy123 Thursday, 10 January 2019 04:24 AM
අපේ රටේ නිර්ලජ්ජිත දේශපාලන මහිමය ඉතා හොදින් විදහා දැක්වෙන කාරණයක්.
Ganesh Thursday, 10 January 2019 02:31 PM
2020 වසරෙදී කම්කරුවන් ආනයනය කරන්න වෙනවා.
aravinda Thursday, 10 January 2019 04:08 PM
සෑම්, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පරමාර්ථය වුයේ, යටත් විජිත සමයේ සුද්දන් විසින් මුඩුඉඩම් පනත යටතේ සිංහල ගම් වැසියන්ගෙන් බලෙන් උදුරාගත් ඉඩම්, නැවත ජනසතු කිරීමයි. යටත් විජිත සමයේ සුද්දන් විසින් ඉන්දියානු කුලී කරුවන් ඉතා අඩු මුදලකට සේවයේ යෙදු අතර, ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව වැනි යටත් විජිත වල තේ සඳහා ඔවුන්ගේ තිබු වෙළඳ ඒකාධිකාරිය හරහා ඔවුන් හට විශාල ලාභයක් ලැබුණි. අද අපට එවැනි ඒකාධිකාරියක් නොමැති අතර, අපේ තේ විකිණීම සඳහා ඉන්දියාව, අප්‍රිකාව, චීනය වැනි රටවල් සමග තරග කිරීමට සිදුවී ඇත. මෙවැනි තත්වයක් යටතේ සේවකයන්ගේ වැටුප් තවත් වැඩි කළොත් සිදුවන්නේ පිරිවැය වැඩි වීම නිසා තව තවත් කම්හල් වැසී යාම පමණි.