IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පරිගණක ගත මුදල් භාවිතය ආර්ථිකයට තර්ජනයක්

හර්ෂණ තුෂාර සිල්වා
 
කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව  අද (16) නිවේදනයක් නිකුත් කළේය. 

 
පරිගණක ගත මුදල් එසේත් නොමැතිනම් ඩිජිටල් මුදල් යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පරිගණක කේත ඔස්සේ ක්‍රියාත්මක වන අතර මහ බැංකුවලින් නිකුත් කරන මහජනයා අතර භෞතිකව සංසරණය වන මුදල්වලට වඩා බෙහෙවින් වෙනස්ය. 
 
ක්‍රිප්ටෝකරන්සීස් යනුවෙන් ඉංග්‍රිසි බසින් හැඳින්වෙන මෙම මුදල් පසුගිය කාලයේදී බෙහෙවින් ජනප්‍රිය වූ අතර ‘බිට්කොයින්’ යනුවෙන් හැඳින්වෙන්නේ එසේ ජනප්‍රිය වූ එක් පරිගණක ගත මුදල් වර්ගයකි. 
 
මෙම මුදල් වර්ග භාවිතය මේ වනවිට දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බෙහෙවින් ජනප්‍රිය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවධානයන් පසුවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ. 
 
කිසිදු ආකාරයකින් නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන නිසා මෙම මුදල් භාවිතය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ ද්‍රවශීලිතාවකින් යුත් මෙම මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා වැඩි වශයෙන් භාවිත වීමේ අවදානමක් තිබෙන බව ද පෙන්වා දී තිබේ. 
 
ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ. 
 
වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ. 
 
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට  අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ.  



අදහස් (6)

පරිගණක ගත මුදල් භාවිතය ආර්ථිකයට තර්ජනයක්

ලුම්බිණි Tuesday, 17 April 2018 12:50 AM

මහා බැංකුව කල යුත්තේ ඩිජිටල් මුදල් වලින් අයින් වීම නොව ඒවා පාවිච්චිය කිසියම් පාලනයක් යටතේ රටට ප්‍රයෝජනවත් වෙන විදියට යොදා ගැනීමයි.

:       0       6

sachith Tuesday, 17 April 2018 06:43 AM

"කිසිඳු ආකාරයකින් නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන නිසා.." මේක නම් පිළිගන්න අමාරුයි. මොකද බිට්කොයින් පාවිච්චි කරන්නේ බ්ලොක් චේන් කියන තාක්ෂණය. එ්කේ තියෙන්නේ සම්බන්ධ වී සිටින සියල්ලන්ටම විවෘත ලෙජරයක්... මුදල් විශුද්ධීකරණය වළක්වන්න හොඳම දෙයක් තමයි බ්ලොක් චේන් කියන්නේ. මහබැංකුව මූලික වෙලා කරන්න පුළුවන් හොද දෙයක්...

:       0       13

Asanka Tuesday, 17 April 2018 08:50 AM

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලුණු ඇඹුල් මදි ක්‍රිප්ටෝ කරන්සීස් තම්බන්න. ලෝකයේ නව ප්‍රවනතාවය මෙයයි.. දේශ සිමා මායිම්, රාජ්‍ය බදු, අතරමැදියන් කිසිත් නැති නව ලෝකයේ නව ගනුදෙනු ක්‍රමයයි.

:       0       20

kenath Tuesday, 17 April 2018 10:12 PM

ලෝකයේ අනාගත මුදල තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ... මේ වනවිට ඇමේසන් සහ වෙනත් ප්‍රධානතම ව්‍යාපාරික ජාලයන් මේ මුදල් පිළිගෙන තිබෙනවා. මේ මුදල්වලට පාලිත හිමිකරුවෙක් නොමතින් අතර දේශ සීමා, රටවල් සහ බැංකු අදාළ නැහැ. කොටින්ම අතරමැදියන් නැහැ. දැන් ලෝකෙම බැංකු සහ රාජ්‍ය යාන්ත්‍රනයන් කලබල වී සිටිනවා මුදල් මත ඔවුන්ගේ පාලනය සහ සුරාකෑම මගින් නැතිවී යන නිසා... මෙය මහජනයාටම අයත් මුදල් ක්‍රමයක්... අතීතයේ තිබුනේ භාණ්ඩ හුවමාරුව, ඊළඟට මුදල්, දැන් තියෙන්නේ කොළ සහ කාසි වෙනුවට ඩිජිටල් මනී, අපි බොහෝවිට ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවනවා. වැඩකරන පඩිය බැංකුවට ඉලෙක්ට්‍රොනික් මාර්ගයෙන් ඩිපොසිට් වෙනවා. නෝට්ටු සහ කාසි දැන් භාවිතය ඉතා අඩුය. මුදල් යනු අංකයක් පමණකි. ඉදිරියට එන්නේ ක්‍රිප්ටෝ කරන්සි, බැංකු ක්‍රම, ආණ්ඩු අතපෙවීම් නැහැ. ඔබට ලෝකේ ඕන කෙනෙකු කෙලින්ම ගනුදෙනු කල හැකි ක්‍රමයක්, රටවල් අතර මුදල් විෂමතාවත් නැති වෙනවා. ඩොලර්, යූරෝ, පවුම්, රුපියල් කියලා වෙනස් වන මුදල් ක්‍රමය දැන් අවසන්...

:       0       193

රංග තේනුවර Wednesday, 18 April 2018 02:02 PM

බොරු කයිවාරු ගැහැව්වට පේපෑල් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ පහසුකම්වත් ක්‍රියාත්මක කරගන්න බැරි මහබැංකුවක් මොකටද? පේපෑල් එකෙන්ම කියනවනේ එයාලගේ නෙමෙයි ප්‍රශ්නේ ලංකාවේ මහබැංකුවේ කියලා. අනික දැන් ලෝකේ ගොඩක් ආයතන, වෙළඳ සමාගම්... මේ ඩිජිටල් මුදල් පිළිගැනීම ආරම්භ කරමින් පවතින්නේ. ලෝකේ ඉස්සරහට යද්දී මේ මහබැංකුව අපව ගෙන යන්නේ ගල්යුගයට... මේකේ ඉන්න අයට අලුත් තාක්ෂණය, ලෝකේ යන්නේ කොහෙටද කියලා උගන්වන්න ඕනෑ. කෝටි ගණන් මුදල් වැයකරමින් මහබැංකුවේ ලොක්කෝ රට සවාරි ගිහිං ඉගෙනගෙන තියෙන්නේ මොනවද?

:       0       162

Senarath Bandara-Tv Sesath Thursday, 19 April 2018 01:18 PM

ලෝකය නවීණ තාක්ෂණය සමග නවීන මුදල් ක්‍රම භාවිතයට ගන්නාවිට තවමත් ගල්යුගයේ කටයුතු සිදුකරමින් සිටිනා ශ්‍රීලංකා මහා බැංකුව වැනි ආයතන වල ඉන්නා ප්‍රධානින්ගේ දැනුම කෙසේදැයි මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම තුලින් මානව වැටහෙන බව කිව යුතුය. මේ වනවිට ලෝකයේ පිළිගත් බොහෝ ආයතන ක්‍රිප්ටෝ මුදල් භාවිත කරති. එමෙන්ම මේ වන විට බොහෝ පිරිසක් විශාල මුදලක් ආයෝජනය කරමින් bitcoin මිලදී ගනිමින් ආයෝජනයන් තුල නිරත වෙමින් සිටිති. ශ්‍රීලංකාව තුළද එවැනි විශාල පිරිසක් මේ වන විට බිහිවෙමින් ඇති අතර, එම ශීඝ්‍ර වර්ධනය අඩාල කරලීමට ඔවුන් ගන්න උත්සහයක් ලෙස මෙවැනි ප්‍රචාර යැවීම සිදුකරන බවනම් පෙනීයන කරුණකි.

:       0       52

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 546 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 113 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 125 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 132 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 174 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 102 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site