මේ වසරේ නොවැම්බර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 1.0ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඔක්තෝබර් මාසයේදී 0.1ක අගයක පැවැති මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 1.0ක් වෙමින් පහළ යන ප්‍රවණතාව වෙනස් කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.
මේ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 =100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේදී එලෙස සියයට 1.0ක අගයක වාර්තා කර ඇත.
නොවැම්බර් මාසයේ දී ලක්ෂ්යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා සඳහා ආහාර මිල ගණන්වල ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට -6.6 සිට මේ වසරේ නොවැම්බර් මාසයේදී සියයට -3.9ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේ වුවත් ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 5.8 සිට නොවැම්බර් මාසයේදී සියයට 5.2ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාර්ෂික පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 3.3 සිට නොවැම්බර් මාසයේදී සියයට 2.7ක් දක්වා පහළ ගොස් ඇති බව ද මහ බැංකුව පෙන්වාදෙයි.
‘2019 වසර සඳහා මූල්‍ය සහ අයවැය අංශවල ප්‍රතිපත්ති’ දැක්වෙන ‘මාර්ග දැක්ම 2019’ ජනවාරි 2 වැනිදා ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එහිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය.
- 055
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නොවැම්බරයේදී මතුපිට උද්ධමනය සියයට 1.0 යි