(අජන්ත කුමාර අගලකඩ)
තායිලන්තය සිංගප්පූරුව යුරෝපා සංගමය සහ ජපානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මෙරටට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මාස 6ක කාලයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
තායිලන්තයෙන් එන සංචාරකයින්ට මෙරට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කළ යුතු බවට සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමැතිවරුන් කිහිපදෙනෙකු මෙය තායිලන්ත සංචාරකයින්ට පමණක් නොව සිංගප්පූරුව ,ජපානය සහ යුරෝපා සංගමය යන රටවලටද දිය යුතු බව පවසා ඇත.
ඒ අනුව මෙම රටවල් වල සංචාරකයින් සඳහා මාස 6ක කාලයක් තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස යටතේ ගුවන් තොටුපළේදී විසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තෝරාගත් රටවල් කිහිපයක සංචාරකයන්ට ගුවන් තොටුපළේදීම විසා
bandara Tuesday, 26 February 2019 02:07 PM
කොහොමත් on arrival වීසා ගන්න පුළුවන් නේද? එකම වෙනස පොඩ්ඩක් ගාන වැඩියි. රටවල් කීපයක් හැර. අනික් කරුණ මම දන්නා විදියට සිංගප්පූරු ජාතිකයන්ට ලංකාවට වීසා නොමිලේ ලබා ගන්න පුළුවන්. කවුරු හරි දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්න..
ShanthaFriday, 01 March 2019 09:08 PM
දැනට ඇත්තේ රටට එන්න කලින් අන්තර්ජාලය හරහා ඉල්ලුම් කරලා ලැබෙන ලිපිය ගෙනාවම එයාර්පෝර්ට් එකේදී විසා දෙන්නේ අලුත් ක්‍රමයට කලින් ඉල්ලුම් කරන්න ඕන. වෙනඑකක් නැහැ. නමුත් අදාල ගාස්තුව ගෙවන්න වෙනවා මේක ලංකාවට අලුත් වුණාට ගොඩක් රටවල ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට නවසීලන්ත හෝ ඕස්ට්‍රේලියා ගමන් බලපත්‍රයට සමහර රටවල් නොමිලේ වීසා දෙන අතර සමහර රටවල් මුදල් එවෙලේ අයකරල වීසාදෙනවා.
bandaraTuesday, 05 March 2019 04:23 PM
දැනුත් ETA එක නැතුවත් ගුවන් තොටුපලේම (On Arrival ) ගන්න පුළුවන් නේද? හැබැයි ETA එකට වඩා වැඩියෙන් ගෙවන්න ඕනේ.
de silva berlin Wednesday, 27 February 2019 09:34 AM
යුරෝපයෙන් සහ සිංගප්පුරුවෙන් එන සංචාරකයන්ට කොහොමත් ගුවන් තොටේදී විසා ලැබෙනවා නේ,
anura Saturday, 02 March 2019 06:44 AM
තායිලන්තය ගැන විශේෂ කරුණාවක් පහළ වුනේ මොකද මන්දා?
rohan Sunday, 03 March 2019 05:42 AM
සිංගප්පූරුව හැරුණහම් අනික් කිසිම රටක් ලංකාවේ අපිට ගුවන් තොටුපළේදීම විසා දෙන්නේ නැහැ ඒගැනත් මේ ඇමතිවරු කතා කලානම් නේද හොද.
Mangal Thursday, 07 March 2019 11:17 AM
වෙන්න ඕන මෙකයි, සංචාරකයින් වැඩියෙන් එන රටවල් හදුනාගැනීම මුලින්ම කලයුතුයි. ඒ අනුව ඔන්ලයින් වීසා මාස 1, 2, 3 සහ 6ක් යන කාල සීමාවලට බෙදා ඒ ඒ කාල සීමා අනුව ගාස්තු අයකර ඔන්ලයින් වීසා නිකුත් කල යුතුයි. එවිට ආගමන විගමන අංශයේදී සහ කොළඔදී සංචාරකයින්ට වන රස්තියාදුව අවම කරගත හැකියි. වීසා නිකුත් කිරීමේදී එම රටවල් ලංකාවැසීන්ගෙන් අය කරන ගාස්තුවද සලකා බලා එම රටවලින් එන සංචාරකයින්ගෙන් සමාන මුදලක් ඔන්ලයින් ක්‍රමය තුලින්ම අයකල යුතුයි.