(නිමල කොඩිතුවක්කු)
ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා බැංකු තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යසායකයින් 427 ක් අතරේ රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් ණය මුදල් ප්රදානය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.
ලංකා බැංකුව මඟින් සතිපතා නිකුත් කරන තුරුණු දිරියණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාව මගින් මේ බව අkdවරණය වී ඇත.
තරුණ ව්‍යවසායකයින් සඳහා වැඩිම ණය ප්‍රමාණයක් නිකුත් කළ පළාත් ලෙස බස්නාහිර සහ සබරගමුව පළාත් පෙරමුණට පැමිණ තිබේ.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය දිවයිනපුරා, රූපලාවන්‍ය, ඇඟලූම්, පරිගණක සහ ජංගම දුරකථන අලූත්වැඩියාව වැනි විවිධ ව්‍යාපාරවල නියැලී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා ණය ලබා දෙයි.
”තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම අරමුණෙන් ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කෙරේ.
එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි, වයස අවුරුදු 40 ට අඩු තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇප, ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.
දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද එම කාර්යාලය සඳහන් කරයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තුරුණු දිරියෙන් කෝටි 18 ක ණය ප්රදානය කරලා