(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ තෙවැනි ‘ඇමෙරිකානු පියස’ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මනදී අද (26) විවෘත කරන ලදි.
විවිධ වැඩසටහන් සහ වැඩමුළු තුළින් ශ්‍රී ලාංකිකයන් සහ එක්සත් ජනපද ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම ‘ඇමෙරිකානු පියස’ මඟින් සිදු කෙරේ.
රුපියල් මිලියන 18ක වියදමින් ඉදි කරන ලද මාතර ‘ඇමෙරිකානු පියස’ වයි ෆයි තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් ඇතුළු නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සහ පුස්තකාලයකින් ද සමන්විතය.
මෙම නව ‘ඇමෙරිකානු පියස’ මගින් අධ්‍යාපනික වැඩසටහන්, ඉංග්‍රීසි භාෂා වැඩසටහන්, සංස්කෘතික ප්‍රසංග, විද්වත් සාකච්ඡා, ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීම පුහුණු සැසි, නව්‍යකරණ සහ මේකස්පේස් වැඩසටහන්, සිවිල් සමාජයීය වැඩසටහන්, එක්සත් ජනපදය පිළිබඳව සවිස්තරාමක වැඩසටහන්, චිත්‍රපට ප්‍රදර්ශන, කියවීමේ සමාජ ඇතුළු සේවා රැසක් කිසිදු මුදල් අය කිරීමකින් තොරව සැපයීමට නියමිතය.
තරුණ ප්‍රජාවේ හැකියාවන් දියුණු කිරීම සහ රැකියා වෙළෙඳපොළ සඳහා තරුණ තරුණියන් සවිබල ගැන්වීම ඇමෙරිකානු පියසේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ.
ඊට අමතරව විද්‍යා, තාක්ෂණික, අධ්‍යාපනික සහ ගණිතමය විෂය ධාරා ඔස්සේ පාඨමාලාද, මේකස්පේස් පාඨමාලා ද ‘ඇමෙරිකානු පියස’ තුළදී පැවැත්වේ. මේකස්පේස් යනු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර, මෘදුකාංග, විද්‍යුත් උපකරණ සහ දෘඩාංග සැපයුම් සහ මෙවලම් ආධාරයෙන් තනි තනිව අනුගමනය කරනු ලබන නිර්මාණශීලි නිපැයුම් සහ ඉගෙනුම් වැඩි දියුණු කරගත හැකි පුහුණු පාඨමාලාවකි. එමෙන්ම ඇමෙරිකානු පියස තුළ දී නායකත්ව පුහුණු පාඨමාලා, ඡායාරූපකරණ පුහුණුවීම් සහ සමාජ මාධ්‍ය ජාල පිළිබඳ පුහුණු වැඩසටහන් ද දියත් කිරීමට නියමිතය.
මාතර ඇමෙරිකානු පියසට පැමිණීමෙන් ඇමෙරිකාවේ අධ්‍යාපන අවස්ථා පිළිබඳ තොරතුරු ලබාගැනීමට ද හැකියාව ඇත.
ඇමෙරිකානු පියසේ ඇති පුස්තකාලය පොත්පත්, ලිපි 20,000කින් වැඩි සංඛ්‍යාවකින් සමන්විත අතර ඉංග්‍රීසි ඉගැනුම් වැඩසටහන් සහ චිත්‍රපටවලින් ද සමන්විතය.
ඇමෙරිකානු පියස විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව මාතර ප්‍රදේශයේ පාසල් හතකට පොත් බෙදාදීමක් ද සිදු කෙරුණි.
මෙහිදි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනි බී. ටෙප්ලිට්ස් මහත්මිය මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති මෙත්තා විදානගමාච්චි මහතාට සහ මාතර ඇමෙරිකානු පියසේ කළමනාකරු වන ශානක ප්‍රේමරත්න මහතාට ඇගයීම් සහතික පිරිනැමුවාය.
මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති මෙත්තා විදානගමාච්චි මහතා මෙහිදි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනි බී. ටෙප්ලිට්ස් මහත්මියට සමරු තිළිණයක් පිළිගැන්වූ අතර මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නජීබ් ඩීන් මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට සමරු තිළිණයක් පිළිගැන්වීය.
මෙම නව ඇමෙරිකානු පියසට පෙර පැවැතියේ කොළඹ ඇමෙරිකානු මධ්‍යස්ථානය සහ යාපනය හා මහනුවර පිහිටි ඇමෙරිකානු පියස් පමණි.
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන්, මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන්, රුහුණ විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් පැමිණි ආචාර්යවරුන් සහ සිසුන්, මාතර ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් පැමිණි සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තුන්වන ඇමෙරිකානු පියස මාතරදී විවෘත කරයි
chandima Wednesday, 27 February 2019 08:47 PM
පුදුමයි අපේ කට්ටිය මල්මාලා දාගෙන විවුර්ත කරලා නම ගහගන්න නොගිය එක. සමහර වෙලාවට ඉංගිරිසියෙන් කතාකරයි කියල බය හිතෙන්න ඇති. නැත්නම් ඔතන මරාගන්නවා විවුර්ත කරන්න. ආරාධනා නොකලත් යනවා.
Sarath r Thursday, 28 February 2019 02:33 AM
අපගේ උණුසුම් සුබ ප්‍රර්ථනා!
dhamneth Friday, 01 March 2019 03:50 PM
මෙතන හාමුදුරුවෝ වාඩිවී සිටින පුටුවට පිරුවටයක් එලා තිබෙන බවක් පෙනෙන්නේ නැහැ. පිරුවටයක් එලා නොතිබුණා නම් හාමුදුරුවන්ට තිබුනේ වාඩි නොවී සිටින්න. සංවිධායකවරුන්ගෙන් අඩුපාඩු තිබෙන බව දැනගන්න...