IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩොලර් මිලියන 164 ක ණයක් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 164.1 ක් මෙරටට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
 
ඊට අමතරව ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ කාලය ලබන වසරේ ජූනි 2 වැනිදා දක්වා තවත් වසරකින් දීර්ඝ කිරීමට ද එම මණ්ඩලය අනුමැතිය දී තිබේ. 
 
මෙම ණය මුදල මුදා හැරීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති සම්පූර්ණ ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.155ක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් කරන පස්වැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉහත තීරණ ගෙන තිබේ. 
 
ශ්‍රී ලංකාව ශක්තිමත් සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත ආර්ථික වර්ධනයක් සහ අභියෝග සහ දුෂ්කරතාවලට මුහුණ දිය හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහාත් ආර්ථික ප්‍රතිපත්ති සංයමයෙන් හා විනයානුකූලවත් අඛණ්ඩව හා තිරසරවත් පවත්වාගෙන යා යුතු යැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත. 
 
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල ලබාදීමටත් එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් මාර්තු මාසයේදී තීරණය කළේය. අවසන් ණය වාරිකය ඉකුත් දෙසැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ණය වාරිකය නොලැබුණු අතර ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි එය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළේය. 
 
එම ණය වාරිකය වසරක කාල සීමාවක් තුළ සම සමව බෙදීයන අයුරින් ලබාදීමට නියමිත බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත. වසර තුනක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ වාරික පහකට බෙදී යන පරිදි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේදී එකඟතාව පළ කළේය. 
 
ඒ අනුව එහි අවසන් වාරිකය පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබුණත් ඔක්තෝබර් 26 වැනිදා සිට දෙසැම්බර් මාසය දක්වා පැවැති දේශපාලන අර්බුදය නිසා ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා පසුවට කල් තැබිණි. රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.එහිදි ඇති කරගන්නා ලද එකඟතාව පරිදි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා හා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොට්ඨාස ප්‍රධානී මැනුඑලා ගොරෙති මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අරමුදලේ දූත පිරිසක් පෙබරවාරි 14 වැනිදා මෙරට පැමිණි අතර පෙරේදා 28 දක්වා ඔවුහු මෙරට රැඳී සිටියහ. 

 ඒ අනුව ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට එකඟතාව පළ කරමින් තුන් අවුරුදු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ මෙරටට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ණය මුදලේ ඉතිරි වාරිකය වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල තීරණය කළේය. ඒ අනුව එම ණය මුදලේ ඉතිරි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් වසරක කාලයකදී සම සමව බෙදී යන පරිදි මෙරටට ලැබෙනු ඇත. 



අදහස් (0)

ඩොලර් මිලියන 164 ක ණයක් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 20 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2004 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site