IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩොලරය 160 පනී

හර්ෂණ තුෂාර සිල්වා

 

රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව රුපියලේ විකුණුම් මිල 160.00ක් ලෙසත් ගැනුම් මිල 156.91ක් ලෙසත් සටහන්  වී තිබිණි. 

ඉකුත් පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා රුපියල් අඛණ්ඩව පහත වැටුණු අතර රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. 

මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව සියයට 1.3කින් ද අවප්‍රමාණය  වී තිබේ. 

රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මැයි (11) සඳහන් කළේය. 

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.  

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 216.05ක් ලෙසත් යුරෝ එකකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 189.92ක් ලෙසත් දැක්විණි.



අදහස් (18)

ඩොලරය 160 පනී

Rasi Thursday, 07 June 2018 09:00 AM

දැනට ඉතා සීඝ්‍රෙයන් රටේ මුල්‍ය තත්වය වර්ධනය වන හෙයින් මේ ජනාධිපතිවරයා 2025 දක්වා සිටීම අරමුණු කොටගෙන ඇත. ඔහුට සහ කැබිනට් ප්‍රකාශකට අනුව ඔවුන් 2020 ටත් එහා සිටිමින් ඩොලරය 260 දක්වාම ගෙනයාම අරමුණ වී ඇත. එමගින් මේ රටේ බත් කන්නවුන්ට රට තණකොළ කැවීම අරමුණුකොටගෙන ඇත. අහෝ ඛේදයකි!

:       0       93

Raveendra Thursday, 07 June 2018 09:00 AM

අර කවුද මන්ද පසුගිය දවසක කියල තිබුන මෙහෙම රුපියලේ අගය පහත වැටුනාම රටට හොදයි කියල.

:       37       79

Mahee Thursday, 07 June 2018 09:28 AM

අනේ ට්‍රම්ප් අයියේ, මෙහෙම වැටීගෙන ගියොත් අපේ රුපියල මුහුදු පතුලටම වැටිලයි නවතින්නේ. අපි ගැන අනුකම්පා කරලා අයියලාගේ ඩොලර් එක උඩට යන්න නොදී ටිකක් පහලට තල්ලු කරන්න බැරිද? එහෙම නැත්නම් රුපියලත් එක්කම මෙහෙ ඉන්න සුවච කීකරු ගෝලයො ටිකත් මුහුදටම තල්ලු කරලා දාන්න පුළුවන් නම් අපි රුපියල බේරගන්නම්.

:       0       80

soma dubayi Thursday, 07 June 2018 09:35 AM

මිනිස්සුන්ගේ අතමිට සරු කළේ ,දුෂණය නතර කරේ ,රක්ෂා ලක්ෂ 10 බිහි කරේ යහපාලන රජයයි,

:       151       101

Abayasingha Thursday, 07 June 2018 09:38 AM

රට බේරාගත් රට සංවර්ධනය කල නායකයා ගෙදර යවල හොරු ටිකක පත්කරගත් එකේ විපාක තමයි මේ

:       340       423

MN Thursday, 07 June 2018 09:42 AM

විදේශ රැකියා වල නිරත වන අයට මේක හොදයි. හේතුව ඩොලරයට සාපේක්ශව රුපියල අවප්‍රමාණය වෙනව කියන්නෙ අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂවත් අවප්‍රමාණය වෙනව කියන එකයි. උදාහරණයකට කටාර් රියාල් එකක් මීට අවුරුදු 5කට කලින් රුපියල් 35කට තිබුණේ. දැන් ඒ අගය රු. 43ක් ව්තර වෙනවා. ඒ කියන්නේ රියාල් 1000ක් පඩි ගන්න කෙනෙක්ට මීට අවු. 5කට කලින් ලැබුණේ රු. 35000, දැන් ලැබෙනවා රු. 43000ක්. රියාල් වලින් ලැබෙන එයාගෙ පඩියෙ කිසිම වැඩිවීමක් වෙලා නැති වුනත් ඒක ලංකාවට ලැබෙද්දී කලින් ලැබුණට වඩා වැඩි මුදලක් ලැබෙනවා.

:       301       4

samanThursday, 07 June 2018 10:18 AM

රුපියල වැටෙනකොට බඩුමිල හා සේවා මිලත් වැඩිවෙනවා කියල අමතක කරන්න එපා. විදේශ මුදල් වලට වැඩිපුර රුපියල් ලැබුනට ලැබෙන වාසිය අඩු වෙනවා.

:       0       45

BamunuarachchiThursday, 07 June 2018 10:31 AM

ඔව් ඔව් එගොල්ලන්ටත් මීට වුරුදු 5 කලින් තිබුණ මිලටම දැනුත් බඩු ලැබෙනවානම් රුපියල බාල්දු වීම හොඳයි. මීට අවුරුදු 5 කලින් එයාපෝට් එකේ ඉඳලා ගෙදර යන්න ගිය ගානයි දැන් ගානයි බැලුවාම තේරේවි වාසිය කොපමණද කියලා. රියල් රුපියල් කලාම ගණන වැඩී වටිනාකම බොහොම අඩුයි.

:       0       114

JayanthaThursday, 07 June 2018 10:48 AM

වැඩක් නැතෝ...... මුදලේ අගය මරුවෙනකොට මෙහෙ බාඩු මිල වැඩි වෙනවා

:       0       33

SathyaThursday, 07 June 2018 10:53 AM

කතාව හරි. නමුත් රටක් විදියට අපේ විදේශ ණය, අපනයන, ආනයන, ඍණ වෙළඳ ශේෂය එක්ක ගලපලා බැලුවම කොච්චර පාඩුවක් වෙනවද?මීට ටික කාලයකට කලින් ණය පියවන්න අපි බදු විදියට රුපියල් 130ක් ගෙව්වනම්, දැන් 160ක් ගෙවන්න ඕනි.අමතරව රු.30ක් ගානේ ගණන් හදල බලන්න ණය ගෙවන්නම වැඩියෙන් බදු ගෙවන්න වෙන ගණන.

:       0       87

නිමල්Thursday, 07 June 2018 03:41 PM

ඇයි අමතක වුනාද අර විදේශ රැකියාවලින් ගෙන මුදල්වලට ගහන 5% ටැක්ස් එක. එකත් ගෙවලා මාසිකව ලැබෙන බැංකු පොලියෙනුත් 5% ගෙවලා , දැනට තියෙන බඩු මිලට වියදම් කලාම වැඩේ තේරෙයි.

:       24       53

LapayaFriday, 08 June 2018 01:03 AM

මේ වගේ අය ඉන්න නිසා තමයි බොරුවෙන්ම රට ගෙනියන්න පුළුවන්

:       0       52

janaka-sharjah Thursday, 07 June 2018 09:42 AM

ආර්ථික විශේෂඥ, ජාත්‍යන්තරය ජයගත් එතුමන්ලාගේ පංචවිධ ක්‍රියාවලියේ තවත් ප්‍රතිලාභයක්.

:       0       251

Hafeel Thursday, 07 June 2018 10:29 AM

කෝ අගමැතිගේ ආර්ථික කළමනාකරණ කමිටුව? UNP එකේ මැති ඇමැතිවරු කියනවනේ අපේ නායකතුමාගේ මාර මොලය කියලත්, ආර්ථිකය නග්ගනවයි කියලත්. මේ ආණ්ඩුවේ ඉන්නවනේ ආසියාවේ හොඳම මුදල් ඇමති, ආචාර්ය හර්ෂ ද සිල්වා වගේ ආර්ථික විශේෂඥයෝ. කෝ ඉතින්?

:       164       255

rama Thursday, 07 June 2018 10:31 AM

රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය. ඔබ නගින්න ඔබ නගින්න ඉහලටම බලා අප ඉන්නම් මැද පෙරදිග කඳුළු සල සලා

:       0       52

Abayasinhge Thursday, 07 June 2018 10:55 AM

රට බේරාගත් රට සංවර්ධනය කළ දැක්මක් තිබුණු නායකයා ගෙදර යැවූ එකේ විපාකය

:       4       151

Kumar Friday, 08 June 2018 03:04 AM

බජට් එකෙන් ටැක්ස් ගැහුවා නේ. ඒක නිසා තමයි ඩොලර් කෙලින්ම මහ බැංකුවට එන්නේ නැත්තේ..... ඩොලර් කලු කඩෙන් මාරු කරනකොට බැංකුවට වඩා ගෙවනවා..... ටැක්ස් වදින්නෙත් නෑ...

:       0       9

PA - RA Friday, 08 June 2018 03:04 AM

අපිටත් පුළුවන් අනාවැකි කියන්න, " 2020" වනවිට ඩොලරය රුපියල් 200ය නගී, දැන් අපි සල්ලි එවන්නේ නැහැ, 2021 ලංකාවට එනකොට ඩොලර් මිටියක් ගෙනල්ල කඩෙන් මාරු කරගත්තම හරි.

:       0       15

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2002 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site