( තිළිණි ද සිල්වා )
‘ටුනා‘ මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම ඇම නිෂ්පාදනය පුත්තලම දිස්ත්‍රික්කයේන් ආරම්භ කිරීමට සැලසුම් කර එම කටයුතු සදහා රුපියල් මිලියන 26 ක මුදලක් වැය කිරීමට අපේක්‍ෂිත බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටී.
ටුනා මත්ස්‍යන් ඇල්ලීම සදහා වසරකට රුපියල් මිලියන 1107 ක් වටිනා ඇම ආනයනය කරන බව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. එම විශාල මුදල රට තුළ රදවාගැනීම සදහා ටුනා මත්ස්‍යයින් සදහා භාවිතා කරන ඇම ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කරනු ලැබිණි .
පුත්තලම ප්‍රදේශයෙන් ආරම්භ කරන මෙම ඇම නිෂ්පාදන ව්‍යාපෘතියේ පළමු අධියරේ ඉලක්කය වසරකට කිලෝ එක්ලක්‍ෂ තිස් පන් දහසක් නිෂ්පාදනය කිරීමය .
එහි පළමු අධියරේ කටයුතු ආරම්භ කිරීම සදහා මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 13 ක් වටිනා චෙක්පත ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත ලබා දෙනු ලැබිය.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඉකුත් 20 වැනිදා පැවති ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබද දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුව - 2018 හිදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් මෙම චෙක්පත් ප්‍රදානය කළේය .
මෙම අවස්ථාවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි , අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහත්වරුන් සහ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂිකා ජේ.එම්.අශෝකා මහත්මියද එක්ව සිටියහ .
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ටුනා මත්ස්‍යයින් ඇල්ලීමේ ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට පියවර
kumar (Gulf) Thursday, 23 August 2018 11:31 AM
මේ ඇම කෙසේ වෙතත් ඇම කෑමක්ද දන්නේ නෑ, අන්තිමට ලංකාවේ හදන ඇම ටුනා කෑවේ නැතොත්, ඇමත් නෑ ටුනත් නෑ.
Chaminda Thursday, 23 August 2018 02:49 PM
හොද ජරාවක් කාල වගේ මිලියන 13 වියදම් කරන්නේ ටෙස්ට් කරන්නද නැත්නම් ටෙස්ට් කරපු එක ප්‍රොඩක්ෂන් එකටද ටෙස්ට් කරන්න නම් හිතාගන්න සල්ලි ටික ඉවරයි කියල
Bamunuarachchi Thursday, 23 August 2018 03:11 PM
ඇමදෙන්න අපේ මිනිස්සු හරිම දක්ෂයි. සමහර වෙලාවට ඇමදෙන එකත් ඒ ඇමටම අහුවෙලා කොමිෂමට එනවා
lalith Friday, 24 August 2018 01:13 AM
මේ තරම් ප්‍රමාද උනේ මොකද මේ වැඩේට? චන්ද කාලෙට අපිට දෙන ඇම සාර්ථක ලෙස නිෂ්පාදනය පටන් අරන් බොහොම කාලයක් වෙනවනේ?