IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොළඹට එන සංචාරකයන්ගේ විනෝදයට සංස්කෘතික වැඩසටහනක්


( තිළිණි ද සිල්වා )
 
කොළඹට එන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 
ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ  සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය  ඇතිව සංස්කෘතික වැඩසටහන් සතිපතා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු යොදා ඇත.
 
මෙම සංදර්ශන සෑම සිකුරාදාවකම සවස 7ට කොළඹ 07  ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් හී දි පැවැත්වේ. 
 
එමෙන්ම මෙම වැඩසටහන නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බව ඒම අධිකාරිය කියා සිටියි.
 
ගායන, වාදන මෙන්ම නැටුම් සහ වෙනත් සංස්කෘතික අංග ද මේ සඳහා ඇතුළත් කර තිබෙන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙය සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබාදෙයි.  
 
සංචාරක අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන 2017-2020 සංචාරක උපායමාර්ගික සැලස්මේ ද අගනුවරට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙබඳු වැඩසටහන් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. 
 
මේ පිළිබඳ අදහස් දැක්වූ ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසුවේ මේ වැඩසටහන ආරම්භයක් පමණක් බවත් ඉදිරියේ දී තවත් වර්ණවත් අංග මෙයට එක් කෙරෙනු ඇති බවත් ය. 
 
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ උපදේශක මේජර් ජනරාල් මිහිඳුකුලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
 
එමෙන්ම ආකේඩ් සහ නිදහස්  චතුරශ්‍රයේ වත්මන් වටපිටාවට බාධා සිදු නොවන අයුරින් මෙය පැවැත්වෙන අතර ඉදිරියේ දී අගනුවර ආශ්‍රිතව තවත් ස්ථානවල ද මෙම සංස්කෘතික වැඩසටහන පැවැත්වීමේ ඇති හැකියාව ගැන සොයා බලන බවද ඒම අධිකාරිය සඳහන් කරයි.
 



අදහස් (2)

කොළඹට එන සංචාරකයන්ගේ විනෝදයට සංස්කෘතික වැඩසටහනක්

happy Monday, 09 July 2018 06:18 PM

සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කළ බව හොදය. නමුත් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය යනු නොමිලේ සංස්කෘතික වැඩසටහන්ම බැලීම නොව. කොළඹ නගරයේ රෙස්ටුරන්ට් සමග බාර් වීදී අඩුම තරමේ 3ක් වත් තිබීය යුතුය කැරෝකේ සහ එහි අඩුම තරමේ 80, 90 දශකේ ගීත දැමිය යුතුය. මන්ද එන සංචාරකයන් අවූරුදු 50 / 25 අතර වන බැවින්. උණවටුන සංචාරකයන්ගේ ප්‍රියතම ස්තානය වූයේ මෙම විනෝදාස්වාදය එහි ඇති බැවිනි.

:       15       59

rasika Tuesday, 10 July 2018 09:09 PM

සංචාරක කලාප ඇතිකරන්න ඕනේ. කොළඹ නාගරික සංචාරක කලාප. මේවා සාමාන්‍ය ජනතාවගෙන් ටිකක් වෙන් වුන වෙනම පරිපාලනයකට අයත් කරන්න ඕනේ. මූලිකවම මුදල් ඉපයීම ගැන වාදනය යොදන්න ඕනේ. උදාහරණයකට, තායිලන්තයේ ෆුකට් , කැනඩාවේ වැන්කුව , මැලේසියාවේ , ක්වොලම්බූර්. අලුතෙන් හදන වරයා නගරය මේකට හොදම තැනක්. ඔවුන්ට නිදහසේ විනෝද වෙන්නත් ,හොද ආරක්ෂාවකුත් තියෙන්න ඕනේ.. දිවා රාත්‍රී එකලෙස විනෝද වෙන්න පුළුවන් වෙන්න ඕනේ..

:       11       53

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 52 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 51 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site