කොළඹ කොටස් වෙළෙඳපොළ අද (26) දිනයේදී තරමක පසුබැසීමක් පෙන්නුම් කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනයේ දෛනික ගනුදෙනු අවසන් වෙද්දි සියලු කොටස් මිල දර්ශකය 0.47 % කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය 1.83%කින් ද පහළ ගියේය.
ඒ අනුව දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.67කින් ඒකක 4,780.22ක් දක්වාත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 37.18කින් ඒකක 1997.20 දක්වාත් පහත වැටිණි.
කෙසේ නමුත් පසුගිය සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දින දෙකකදී ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.
මේ අතර දෛනික ගනුදෙනු කාලසීමාව පස්වරු 2.30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන ඇත. මාස දෙකකට පසු මැයි 11 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කෙරුණු අතර එදින සිට පසුගිය සතිය දක්වා දෛනික කටයුතු උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකකට සීමා කෙරුණි.
කෙසේ නමුත් අද (26) සිට බලපැවැත්වෙන පරිදි සියලු දිස්ත්‍රික්කවලට බලපවත්නා ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමඟ දෛනික ගනුදෙනු කාලසීමාව දීර්ඝ කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේය.
මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. ඒ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක් වේ.
කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වේ.
055
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොටස් වෙළදපොළේ පසුබැසීමක්