IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කුඩා කිරි මධ්‍යස්ථාන සංවර්ධනයට ප්‍රංශයේ සහය

කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම සඳහා යූරෝ මිලියන 13.9ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514ක) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ රජය එකඟතාව පළ කර තිබේ. 
 
යෝජිත ව්‍යාපෘතිය මගින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරි ලීටර් 4,500ක් පමණ නිෂ්පාදනය කළ හැකිවන පරිදි කලින් තෝරාගන්නා ලද කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමූපකාර සමිති සහ සංවිධාන 6ක් නවීන උපකරණ ස්ථාපිත කරමින් නවීකරණය කිරීමට අපේක්ෂිත යැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 
 
ශ්‍රී ලංකාව වසර 2020 වනවිට කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් ස්වංයපෝෂිත කිරීමේ ඉලක්කයට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 
 
කිරි නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර වන පරතරය අවම කිරීම සඳහා ද මෙම ව්‍යාපෘතියෙන් දායකත්වය ලැබෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. 

055



අදහස් (9)

කුඩා කිරි මධ්‍යස්ථාන සංවර්ධනයට ප්‍රංශයේ සහය

chaminda Friday, 29 December 2017 04:48 AM

තේ වගාකර ඇති බෑවුම් අඩු ප්‍රදේශ වල තේ ඉවත් කර තෘණ වගා කර අඹේවෙල වැනි කිරිපිටි කර්මාන්තශාලා ඇති කරන්න. තණ බිම්වල පාංශු ඛාදනය ඉතාම අඩුයි.

:       36       61

dhamneth Friday, 29 December 2017 01:30 PM

තවම කිසිම ආණ්ඩුවක් දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය දේ කලේ නැහැ. දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට අවශ්‍යම දේ තමයි හරක් හොරුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දීම. හරක් හොරකම නැත්නම් දහස් ගණනක් දේශීය කිරි නිෂ්පාදනයට දායකවෙනවා පමණක් නොවෙයි, බොහෝ දෙනෙකුගේ රැකියා ප්‍රශ්නත් විසඳෙනවා. අනුන්ට හොරකම් කරගෙන යන්න හරක් හදන්නේ මොකටද යන ආකල්පය රටේ තිබෙනවා.

:       0       12

Nimal Sunday, 31 December 2017 09:26 AM

මමත් කිරි හරක් 100ක් විතර හදලා විකුණලා දැම්මා පාඩු නිසා. කෑම හරිම ගණන්, තණකොළ වවන්න සෙනඟ නැහැ. මිනිස්සු වැඩට එන්නේ නැහැ. අන්තිමට පාඩුවක් විතරයි වෙන්නේ... රජයෙන් කිසිම උදව්වක් නැහැ. දොස්තරලා ළඟට හරක් අරගෙන යන්න ඕනේ... ඒ අය එන්නේ නැහැ ෆාම්වලට...

:       1       11

Podi boruwaSunday, 31 December 2017 09:58 AM

ඔච්චර බොරු කියන්න එපා බන්. හරක් 100 වික්කානම් රුපියල් කෝටියක් විතර ලැබෙනවා.

:       0       9

NimalSunday, 31 December 2017 12:20 PM

මහත්මයා හරි. වික්කහම එම මුදල ලැබෙන්න පුළුවන්. ඒත් හරක් 100ක් හදන්නත්, නඩත්තු කරන්නත් මම එකට වඩා වියදම් කරා. ඒකයි ඇත්ත. අද ලොකු ෆාම් කරපු අය ඒවා වහගෙන යනවා.

:       0       4

prabash Tuesday, 02 January 2018 12:09 PM

කවද්ද අපේ රට තනියම වැඩක් කරන්න පුළුවන් තත්වෙට පත්වෙන්නේ?

:       0       0

ධමිමිකා දසනායක Wednesday, 03 January 2018 04:44 AM

වර්තමානයේ කිරි දෙනුන් සෝයා ගැනීම ලංකාව මුහුන දෙන ලොකු ගැටළුවක්. එම නිසා දේශියත්වයට ගැලපෙන සත්ව අභිජනනය කිරීම අපේ රටේම කල යුතු වේ. රජය මේ සඳහා ලොකු කැපවීමක් කල යුතු වෙනව. විශේෂයෙන් අද සිදුවෙන හරක් මස් නිෂ්පාදනය නිසා දියර කිරි පරිබෝජනය පහල මට්ටමකට ඇද වැටී ඇත. නමුත් සමුපකාර ක්‍රමය යටතේ රටේ පැවති කිරි නිෂ්පාදනය ඉතා හොඳ මට්ටමක තිබුන. එය අප රටට ගැලපෙන ක්‍රමයක්..

:       0       10

චමිල් සුරංජන් Sunday, 07 July 2019 12:24 PM

ඔව්, ඇත්තටම කිරි ගොවියාට හොඳ සැලකිල්ලක් දක්වනවා නම් අද ලංකාවේ කිරි ගව පාලනය හොඳ තැනකට ගන්න පුලුවන්... මම ඉන්නේ ඩුබායි වල මෙහෙ මිනිස්සු කිරි පිටි බොන්නේ නෑ.. දියර කිරි බොන්නේ.. මෙහෙ හරක්ට තණකොළ පිටරටින් ගෙන්වන්නේ. අපේ රටේ කොහොම කරන්න පුළුවන්ද? හොඳින් දෙගුණයක් හැමතැනම නිල්පාටයි.. සම්පත් ඉහටත් උඩින්... රජය මීට වඩා උනන්දු වුනොත් පිටරටවලට යන සල්ලි ඉතුරු කරගන්න පුලුවන් තරුණ පිරිස් එකතුවෙනවා. කිරි ගවයන් ඇති කිරීමෙදී කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්.. ඒ පොහොර ගොවියන් වෙත බෙදාදීමෙන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර වලට ගොවියන්ව දැනුවත් කරන්න පුළුවන්... වසවිස නැති ආහාර වේලක් ජනයාට ලබාදී නීරෝගී සමාජයක් බිහිකිරිම අරමුණු කරගෙන වැඩකටයුතු කරනවා නම් ලංකාව අද දියුණු රටක්..!! ස්තුතියි... ජයවේවා.. ගොවියා වැජඹේවා...

:       0       0

ලක්මාල් Saturday, 21 May 2022 04:36 AM

සත්තුන්ට කෑම ටික පිළිවෙලට සහ හොඳ මිලක් ලබා දෙන්න. නැත්නම් ඒ සල්ලි වලටත් පිල්ලි තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 50 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site