IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ක්ෂේත‍්‍ර 14 ක රැකියා දෙන්න ජපානය සුදානම්

(විනීතා එම් ගමගේ)

ක්ෂේත‍්‍ර 14 ක් ඔස්සේ රැකියා  අවස්ථා ශ්‍රී ලංකාවට ලබා දීමට ජපානය සූදානම් බැවින් ජපන් භාෂාව හා වෘත්තීය නිපුණතාව ලබාගැනීම ආරම්භ කරන්නැයි ජපානයේ රැකියා බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලීමක් කරයි.

සාත්තු සේවය, පිරිසිදු කරන්නන්, යාන්ත‍්‍රික ඉංජිනේරු සේවා, නිෂ්පාදන යන්ත‍්‍ර කර්මාන්ත, විදුලි කාර්මික, ඉදිකිරීම්, නැව් ඉදිකිරීම්, ඔටෝ මොබයිල්, ගුවන් සේවා, කෘෂිකර්මාන්තය, මත්ස්‍ය වගාව, ආහාරපාන නිෂ්පාදන, ආහාර සේවා ඇතුළු අංශ 14 ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට අවස්ථාව උදාවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකාවට ලැබුණු සුවිශේෂ අවස්ථාවක් වන මෙම රැකියා අවස්ථා අනුව ශ‍්‍රම බළකායේ විශාල  පිරිසක් එරට රැකියාවලට යැවීමට අවස්ථාව උදාවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින්  පිරිසක් මේ වන විටත් එරට බලධාරින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව කී නානායක්කාර මහතා එක් එක් රැකියා සඳහා වයස් සීමාවන් හා සුදුසුකම් වෙනස්වනු ඇති බවත් ඒ පිළිබඳව ජපාන රජය නියෝජිත පිරිස දැනුවත් කරනු ඇති බවත් සඳහන් කළේය.

වෘත්තිය දැනුම හා භාෂා ප‍්‍රවීණතාව ඇති පිරිසට ඉක්මණින් රැකියා අවස්ථා ලැබෙනු ඇති බව පැවසූ මන්ත‍්‍රීවරයා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථාන වලදී ද භාෂා පුහුණුව සහන මිලට ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බව ද පවසා සිටියේය.

කෙසේ වෙතත් ශ‍්‍රමිකයන් යැවීම තවමත් ආරම්භ නොකළ අතර ජුලි අවසානය වනවිට යවන මුල් පිරිස තෝරා ගැනෙන  බවද කිසිවෙකුටත් මේ සඳහා මුදලක් ගෙවීමක් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.

කාර්යංශයේ පැවති මෙම මාධ්‍ය හමුවට එහි සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.එම්.ජේ. වනසේකර සහ එහි අතිරේක සාමාන්‍යධිකාරි ඩී. ඩී. එම්. සේනානායක සහකාර සාමාන්‍යධිකාරි ප‍්‍රචාරක ශ්‍රීයන්ති කුමාරගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.  



අදහස් (4)

ක්ෂේත‍්‍ර 14 ක රැකියා දෙන්න ජපානය සුදානම්

prasad indika Wednesday, 26 June 2019 02:07 PM

ඇත්තටම මෙය ලොකු දෙයක්... කරුණාකර මෙය පටන් ගත් විගස අපව දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

:       0       20

P.g chminda Kumara bandraa Thursday, 27 June 2019 01:28 PM

ගොඩක් හොඳයි. අපේ තරුණ අය වෙනුවෙන් ඒක දැනුම් දුන්නට ඉක්මනින්

:       0       7

P.g chminda Kumara bandara Thursday, 27 June 2019 01:50 PM

ලංකාවේ තරුණ අපට ගොඩක් වටිනවා

:       0       7

H.A.dhanushka chathuranga Sunday, 04 August 2019 11:36 AM

ඒ තීරණය ගොඩක් වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 25 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2013 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site