IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කන්නෙලිය වනාන්තරය ආශ්‍රිත නිවාසවල සංචාරකයින්ට නවාතැන්

(ඩි.ජී.සුගතපාල)

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කන්නෙලිය වනාන්තරය ආශ්‍රිත නිවාසවලට සංචාරකයින් නතරකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි ගාලු දිසා වන නිලධාරි මොහාන් හිනටිගල මහතා පැවසීය.

ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් නිවාසවලට සංචාරකයින්ට නවාතැන්දීම සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාදීම, නාන කාමර අලුත්වැඩියා කරදීම,ගෙවත්ත සකස් කිරීම ආදිය සිදුකර දෙන බව ඒ මහතා කීය.

ගෙවත්තේ වැවෙන එළවලු සහ පලතුරු ආහාරයට ගනිමින් වනාන්තරයේ ඇවිද ඇළදොළවලින් දිය නා ගෙවත්තේ නිදහසේ  සිටින මෙම “හෝම් ස්ටේ“ ක්‍රමයට විදේශීය සංචාරකයින්  බොහෝ කැමැත්තක් දක්වන බවත් ඒ නිසා දිවයින පුරා වනාන්තර ආශ්‍රීතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

දැනටමත් කන්නෙලිය ආශ්‍රිත නිවාස දහයකට මෙම පහසුකම් සපයා ඇති අතර මෙම වසර අවසානයට පෙර තවත් නිවාස හතරකට පහසුකම් සපයා දෙන බවත් මේ තුළින් ප්‍රජාවගේ ආදායම ඉහළ නැංවෙනවා මෙන්ම වන සංරක්ෂණයට ප්‍රජාවගේ දායකත්වය ලැබෙන බවත් ඒ මහතා කියා සිටියේය.



අදහස් (7)

කන්නෙලිය වනාන්තරය ආශ්‍රිත නිවාසවල සංචාරකයින්ට නවාතැන්

shan Sunday, 21 July 2019 11:13 AM

එහෙනම් ඒ වනාන්තරෙත් ඉවරයි.......... ලෝකේ උන්ට පෙන්නන කියල ඕකට රිංගන්න ගතට පස්සේ ඉතුරුවෙන්නේ කාන්තාරයක් කරලා තමයි

:       316       304

රාලහාමි Sunday, 21 July 2019 03:59 PM

නැවතුනාට කමක් නැහැ හැබැයි. අපේ රටේ වනාන්තරවල පැලැටි, කුඩා කෘමින් ආදිය හොරෙන් අරගෙන යන්න හැදුවොත්

:       108       165

saman Monday, 22 July 2019 10:30 PM

ඉතාම හොඳ ප්‍රවනතාවක්. අද ලංකාවට පැමිණ දින කිහිපයක් ගතකරන සංචාරකයින් විශාල හෝටල් වල සිටිනවාට වඩා, මෙවැනි තැන්වල නිදහසේ ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.

:       52       80

himal Tuesday, 23 July 2019 10:03 AM

මේ විය යුත්තක්. පාරිසරික සංචාරක ව්‍යාපාරය නංවන ගමන්ම එහි ප්‍රතිලාභ බිම් මට්ටමේ ජනතාවටයි ලැබෙන්නේ. අනෙක් අතට ඒ පරිසරය නිසා සංචාරකයො එන බව දැන ගත්තාම ඒ ප්‍රජාවත් පරිසරයට හානි කරන්න පෙළඹෙන්නේ නෑ.

:       62       93

chinthaka Tuesday, 23 July 2019 10:27 AM

ඔන්න මම ගොඩක් අය නොදන්නා දෙයක් කියන්නම්, අපේ රටට සම්පතක් වූ, දේශීය වෙදකමට නැතුවම බැරි "බිං කොහොඹ" පැලෑටිය දන්නවද? අන්න ඒ අපේ පැලටියටත් "පේටන් බලපත්‍රය" තියෙන්නේ ඇමෙරිකාවට, අපිට නෙමෙයි, අපිට ඇමෙරිකාවෙන් අවසර නොගෙන අපේ පැලෑටියෙන් කිසිම බෙහෙතක් හදන්න, විකුණන්න, පර්යේෂණ කරන්න බැහැ. කොහොමද ඇමෙරිකාව රෙද්දේ දාගෙන අපිට ලැබිලා තියන දේවල්?

:       3       60

Kaveen Thursday, 25 July 2019 03:14 PM

තියෙන්නෙ එච්චරයි ඒකත් කාලා දානකන් ඉවසිල්ලක් නැහැ

:       2       2

SL Sunday, 28 July 2019 03:25 AM

විල්පත්තුව ඉවරයි, නකල්ස් වල කොටසක් සුද්ද කළා .. දැන් කන්නෙලිය...යන අය ගිහින් බලල ආපු දෙන..ලගින්න දෙන්න උවමනාවක් නැහැ .කලේ ඉන්න දෙනවා කියන්නේ එතන නවාතැන් හදන්න ඕනේ, ලයිට් ,වතුර සියලු පහසු කම් දෙන්න ඕනේ ඉතින් කැලේ විනාශ වෙනවා කියන්න ඕනේ නැහැ නේ... මෙතරම් කල් නිදහසේ අපිට හුස්ම ගන්න ඔක්සිජන් දීලා ,පිරිසිදු වතුර ටික දීලා ,සත්තුයි රටයි අපෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැතිවම බලාගත්තු එකට මේ රටේ වන පද්ධතිය ට පින් දෙන්න ඕනේ.

:       0       11

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 594 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 118 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 132 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 133 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 103 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site