IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කජු මිල පහත වැටීමෙන් වනාතවිල්ලුවේ කජු කර්මාන්තය අර්බුදයක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව විජයපුර කජු අස්වනු මිල පහත වැටීම හේතුවෙන් ඒවා අලෙවි කරගැනීමට නොහැකිව තමන් දැඩි අර්බුදයකට පත්ව සිටින බව කජු කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවෝ පවසති

ශ්‍රී ලංකාවේ කජු අස්වැන්නෙන් වාර්ෂිකව විශාල අස්වැන්නක්  ලැබෙන්නේ වනාතවිල්ලුවෙන් බවත් එය අක්කර 15000ක කට ආසන්න භුමි ප්‍රමාණයකින් මෙටට්‍රික්ටොන් 3000 කට වැඩි බවත් ඔවුහු කියති.

පාස්කු ප්‍රහාරය හමුවේ කඩා වැටුන කර්මාන්ත අතරට කජු අස්වැන්නද එක්වී තිබේ.

වනාතවිල්ලුවට , විජයපුර පිහිටා ඇති සමෘද්ධි කජු ආදර්ශ ගම්මානයේ කාන්තාවෝ බැංකුවලට ණය වී ලබා ගත් මුදලවත් ගෙවා ගැනීමට නොහැකිව සිටිති.

තලා අවසන් කළ හා නොකළ කජු මද ලක්ෂ 50 ක ට ආසන්න තොගයක් නිසි මිලක් නොමැති වීම නිසාත් ඒ සඳහා ගැනුම්කරුවන් නොමැති වීම නිසාත් තවමත් ගබඩා වල තබා ඇතැයි ද ඔවුහු කියති.

වනාතවිල්ලුව විජයපුර බටහිර සමෘද්ධි කජු සැකසුම් ගම්මානයේ එස්.සසිලා සංජීවනී මහත්මිය මේ පිළිබඳව මෙසේ පැවැසුවාය.

     “වනාතවිල්ලුව ගත්තාම කජුවලට තමා ප්‍රසිද්ධ .මොකද ඒ තරමට අපේ කජු වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා . අපේ කජු ගෙඩිය පිටතට නොයන්න විජයපුර බටහිර ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් කජු සඳහාම  සමෘද්ධි ආදර්ශ ගම්මානයක් පිහිටවන්න කටයුතු කළා .එය ඉතා සාර්ථක වුණා .

අපේ කජු ගෙඩියෙන් පසුගිය කාලවලදී ලාභ ගත්තේ  පිට අය නිසා එය අපිට ලැබෙන ක්‍රමවේදයක් තමා සකසා තිබුණේ. ඒ වන විට මද කජු වලට හොඳ මිලක් තිබුනා නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මද අලෙය සම්පුර්ණයෙන් පහත වැටුණා .

මද කිලෝව ඉල්ලන්නේ රුපියල් 1600 , 1700  ට නමුත් අපිට යන වියදම් අනුව අඩුම තරමින් මද කිලෝවක් සඳහා රුපියල් 2000 ක් වත් ලැබුණොත් තමා අපේ වියදම් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ.

අපි බැංකු වලින් ලක්ෂ 10 ත් 15ත් අතර මුදලක් ණය අරන් තමා මේ දෙවල් කරන්නේ .අපි හොද නිෂ්පාදන දෙනවා නම් අපිට හොඳ මිලක් ලැබිය යුතුයි.

කජු ආදර්ශ ගම්මානය ආරම්භ කිරීමට කටයුතු කළ වනාතවිල්ලුව සමෘද්ධි  සංවර්ධන අංශයේ ව්‍යාපෘති සහකාර එස්.කේ .ඒ .නලින් සමන්ත මහතා මෙසේ පැවැසීය.

   “ ඇත්තටම කජු සංස්ථාවෙන් කරන්න උවමනා වැඩක් එයාල නොකරපු නිසා මම මේ කාන්තාවන් වෙනුවෙන් කරන්න කටයුතු කළා.

මොකද නමට විතරයි කජු සංස්ථාව තිබෙන්නේ එයාලා ලංකාව විතරක් නොවෙයි ලෝකයම දන්න වනාතවිල්ලුව කජු වගාකරුවන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම මට ගැටළුවක් වුණ නිසා මම මේ බව අපේ පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස්තුමා එක්ක කතා කරලා මේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කළා .

සමෘද්ධි අධිකාරියෙන් ලක්ෂ 70 ක උපකරණ ප්‍රධානයක් පවා සිදුව තිබෙනවා .මේ කජු ගම්මානයේ 26 දෙනෙකු මේ වන විට කජු සැකසුම් කරමින් සිටින තත්වයකයි මේ අලෙවිය සහ මිල කඩා වැටීම සිදුවුණේ.

අපි ව්‍යාපාරිකයින්ට ආරාධනා කරනවා ලෝකයේම රසම කජු ගන්න වනාතවිල්ලුවට එන්න කියලා .

 



අදහස් (12)

කජු මිල පහත වැටීමෙන් වනාතවිල්ලුවේ කජු කර්මාන්තය අර්බුදයක

de silva berlin Friday, 16 August 2019 03:03 PM

රුපියල් 200ට කජු ග්‍රෑම් 100ක් අරන් කන්න පුළුවන් ලංකාවේ ඉතාම සීමිත පිරිසකට පමණි. යුරෝපයේත් කජු කිලෝවක් රුපියල් 2000-3000ත් අතර මිලකට ගන්න පුළුවන්.. එමනිසා කජුවලට ඇති ඉල්ලුම අඩුවී ඇත. එමනිසා හොඳම විකල්පය කජු අනවශ්‍ය ලෙස බොරුවට රැස්කරගෙන ඉන්නේ නැතුව විකුණා දමන එක. බොරුවට ගොඩගහගෙන හිටියොත් කජු නරක් වී අහක දැමීමට සිදුවනු ඇත.

:       7       135

chandima Friday, 16 August 2019 06:47 PM

කජ්ජ දිහාම බලන් ඉන්නේ නැතුව අතුරු නිෂ්පාදන ගැනත් සිතුවානම් මෙහෙම වෙන්නේ නැහැ. වසර 25 කට පමණ පෙර මිනුවන්ගොඩ කොටුගොඩ ඉන්දියානු සමාගමක් කජු මිලදී අරන් කජු තෙලේ බැද ලෙල්ල ඉවත් කර මදය විකුණන බව මගේ මිතුරෙකු කිවා, ඉන් වසර ගණනාවකට පසුව තමයි දැනගත්තේ කජු ලෙල්ලේ ඇති කාඩනොල් නම් සංඝටකය එක්තරා උෂ්ණත්වයකදී ඒ තෙලේ දියවෙන බවත් එම තෙලෙන් නිස්සරණය කරනු ලැබූ කාඩනොල් ඉන්දියාවට ගෙනගොස් එමගින් ඉතා මිල අධික FRICTION DUST නම් වූ ද්‍රව්‍යය නිපදවා ඉන්දියාව ඒවා අපනයන කරන බවත්. ඒ ද්‍රව්‍යය යොදාගන්නේ ගුවන්යානා සහ මිල අධික වාහන වල බ්රේක් පතුරු වල ඝර්ෂණය පාලනය කිරීම සඳහායි. අදටත් ඉන්දියාව සෙනෙගාලයෙන් ඉතා අඩුමිලට කජු මිලදීගෙන ඉන්දියාවට ගෙනවිත් මේ කාඩනොල් නිස්සරණය කර දියුණු රටවලට අතුරු නිපැයුම් විකුනනවා. අපිත් මෙවැනි ව්‍යාපාර ගැන සිතා බැලුවා නම් කජ්ජේ මිල අඩුවීම ඒ තරම් ලොකුවට සිතන්නට වෙන්නේ නැහැ. එමෙන්ම අපේ කජු කර්මාන්තය රැකීමට කියා රටින් කජු ගෙන්වීම ගැන දුක් වන්නට වෙන්නෙත් නැහැ. දැන්වත් කජු ලොක්කෝ මෙවැනි අතුරු නිපැයුම් ගැන සිතුවොත්.....

:       1       310

ලසන්ත Saturday, 17 August 2019 06:26 AM

කජු වවන අනෙකුත් රටවල කිලෝවක සිල්ලර මිල ඇ.ඩො 10 ට වඩා අඩුයි. හැබැයි අපේ තරම් රස නෑ. යුරෝපීයයන් අපේ කජුවලට ඉතා කැමතියි.

:       3       32

Kumar (Gulf) Saturday, 17 August 2019 07:21 PM

බහරේන් වල ලංකා කජු කිලෝවක් රුපියල් 7,440/= මිල වැඩිම කජු ලංකාවෙන්, කව්ද අතරමැදියා කුට්ටිය ගිලින?

:       0       181

chandimaSunday, 18 August 2019 10:31 PM

කුමාර් මහතාණෙනි මා මුලින් කීවාක් මෙන් ඉන්දියාව කජු මදයට සලකන්නේ කජු වල අතුරු නිෂ්පාදනයක් ලෙසයි. ඔවුන්ට කජු වල ප්‍රධාන නිෂ්පාදනය වන්නේ කජු ලෙල්ලේ ඇති කාඩනොල් නමැති කජු පිනොලික් රසයනිකයයි. එම රසායනිකය උකහා ගත පසුව කජු මදය කීයට විකුණුවත් ඔවුන්ට කම් නැත .

:       0       19

de silva Tuesday, 20 August 2019 01:30 PM

රටේ ඉන්න මිනිස්සුන්ගෙන් ලොකු කොටසක් ඉන්නේ තුන් වේල කන්නේ කොහොමද කියල කල්පනකරමින් කජු කිලෝ එකක් රුපියල් 2000 දීලා කන්න පුළුවන් කාටද ?

:       12       21

rohana kumara mendis Saturday, 24 August 2019 09:08 AM

මොන 2000ද අනේ...රුපියල් 2800,3800,4800 වගේ ගණන් වලට තියෙන්නේ... මගේ අම්මෝ කනවා තියා බලන්නවත් බැහැ.

:       0       1

wik Sunday, 25 August 2019 12:12 PM

ඔය නිෂ්පාදන වියදම අඩු කලේ නැත්නම් ඔය ටික විකුණාගන්න ලබෙන්නේ නැහැ. ඩුබායිවලත් කජු තියනවා. කිලෝඑකක් 2000ට කන්න පුලුවන්. ඔයාලට 2000කට අරගෙන පිට විකුණන්න වෙන්නේ කීයටද?

:       0       1

maheshika Sunday, 25 August 2019 02:50 PM

එංගලන්තේ කජු කිලෝවක් ලංකාවේ මුදලින් රුපියල් 2150ක් වගේ. ලංකාවට වඩා ලාභයි. එන්නේ කොහෙන්ද දන්නේ නැහැ. බොහෝවිට ඉන්දියාවෙන්. නමුත් ලංකාවේ ඒවා වගේ රස නැහැ...

:       0       0

ana Monday, 26 August 2019 01:12 AM

මම ඉන්නේ එංගලන්තයේ . මෙහෙත් කජු කිලෝ එක ලංකා මුදලෙන් රුපියල් 1500 කට ගන්න පුළුවන්. එංගලන්තයේ කජු වවනවාද? පසුගිය 17 දා මම කජු කිලෝ 2 ගත්ත. ඒවා ලොකු , පාප්ප වලින් අලවපු කජු නොවෙයි .

:       0       0

lalithm Monday, 26 August 2019 03:36 AM

එංගලන්තේ නොවේ සිංගප්පුරුවෙත් කජු කිලෝවක් රුපියල් 1500ක් වෙන්නේ නැහැ. මෙහෙ නිෂ්පාදකයම 2000 මදි කියනවා. පොල් ගෙඩියකුත් තොග මිල වෙන්නේ රු. 22ක් විතර. ඔය ඉල්ලන මිල අනුව පොල් ගෙඩියට වඩා කජු මදයක් මිල වෙනවා. අන්තිමට වෙන්නේ මහා පරිමාණයෙන් පිටරටින් කජු ගෙන්නලා මෙහෙ අඩු ගානට දෙන එක. දැනුත් එහෙම තමා අපි කජු කන්නේ. කොයි දෙයත් රටේ ජීවන තත්වය අනුව මිනිසුන්ට ගන්න පුළුවන් මිලකට විකුනන්න ඕනේ. කජු නොකැවට කන්න තව ඕනෙතරම් දේවල් තියෙනවා. මාළු අල්ලන අයත් එහෙම තමා. සහනාධාර දීලත් අපි කන්නේ ඉන්දුනීසියාවේ අල්ලන ලින්නෝ. ලංකාවේ මිනිසුන් නිකම් ඉඳල නැතිනම් පොඩ්ඩක්වත් මහන්සි නොවී ජීවත් වෙන්න බලා ඉන්න ජාතියක්.

:       0       0

mp Monday, 26 August 2019 07:23 AM

ලංකාවේ මේ තරම් බහුලව හැදෙන කජු ලංකාවේම කලුකඩ මිලට විකිණීමේ විපාකය ඕක තමයි. ලංකාවේ මිනිහෙකුට ලංකාවේ හැදෙන කජු ගෙඩියක් ගන්න බැහැ. ඒ තරම් මිල අධිකයි. ඊට වඩා ලාභයි පිටරටකින් ගන්න එක. ඔහොම තමා වෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1706 1

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 638 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 130 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site