(හර්ෂණ තුෂාර සිල්වා)
වසර 2018 මුල් මාස දහය අවසන් වනවිට රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් පිටතට ගිය සමුච්චිත ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 640ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
රජය වෙත ලැබුණු එක්සත් ජනපද ඩොලර් බිලියනක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ඔක්තෝබර් මාසයේදී මූල්‍ය ගිණුමට වෙත ලැබුණු ප්‍රධාන ලැබීම යැයි ද මහ බැංකුව පෙන්වාදෙයි.
කෙසේ නමුත් කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන සැලකිය යුතු ලෙස ඉවත් කරගැනීම නිසා ඔක්තෝබර් මාසයේදී මූල්‍ය ගිණුමෙන් විදේශීය ආයෝජන ඉවත් කරගැනීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මේ අනුව රාජ්‍ය සුරැකුමප්ත් වෙළෙඳපොළෙන් ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ආයෝජන ශුද්ධ වශයෙන් පිටතට ගලා ගොස් තිබේ.
ද්විතීයික හා ප්‍රාථමික වෙළෙඳපොළ විදේශ විනිමය ගනුදෙනු අන්තර්ගත කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 36ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇත.
මුල් මාස දහයේදී ප්‍රාථමික වෙළෙඳපොළට ඩොලර් මිලියන 77ක් ලැබුණු අතර ද්විතියීක වෙළෙඳපොළ ඩොලර් මිලියන 76ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
මේ අනුව මේ වසරේ මුල් මාස දහයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත සමුච්චිත ශුද්ධ ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියනයක් විය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ක ආයෝජන ඉවතට