(අජිත්ලාල් ශාන්තඋදය)
ඕසෝන් ස්ථරයට දැඩි හානි ගෙනෙන හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් (HCFC) වායුව සහිත උපකරණ 2018 ජනවාරි සිට ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් බව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකර සහ ජාතික ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන මහතා පවසයි.
ශීතකරණ සහ වායු සමීකරණ යන්ත‍්‍ර සඳහා හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් වායුව භාවිතා කරනු ලබයි. ලෝකයේ දියුණු රටවල් මෙම වායුව සහිත ශිතකරණ සහ වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතය 2018 වසරේ දී 40%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
ඒ රටවලින් ඉවත් කරන හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් වායුව සහිත උපකරණ තුන්වන ලෝකයේ ශ‍්‍රී ලංකාව වැනි රටවලට එවිමට බොහෝ සෙයින් ඉඩ ඇති බව කී වායු සම්පත් කළමනාකාර සහ ජාතික ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන මහතා මෙවැනි තීරණයක් ගනු ලැබුවේ ඒ උපකරණ රටට ඇතුළුවීම වැළැක්වීමට බව ද කීවේ ය.
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එච්සීඑෆ්සී වායුව සහිත උපකරණ ගෙන්වීම ජනවාරියේ සිට තහනම්
Perakum Tuesday, 19 December 2017 04:13 PM
අපොයි තවම තහනම් කරලා නැද්ද? දැන්වත් ඉතින් මේක නොවරදවාම හරියට ක්‍රියාත්මක කරන්න. වෙන රටවල් අපිට වඩා හුඟක් ඉදිරියෙන්. අපි මෙච්චරකල් කතා කළා විතරද?
කුරුමිනියා Friday, 22 December 2017 04:17 AM
මට නම් පුලුවන් ඔය තහනමත් ඉවත් කරල දෙන්න..........
රාජුන් Friday, 22 December 2017 11:09 AM
කුරුමිණියාට ජයවෙවා! කුරුමිණි මැතිතුමනි ඔබට රට බාරයි.
Perakum Friday, 22 December 2017 11:54 AM
රුසියාවට ලංකාවෙන් ඇරපු තේ වලට හොරෙන් රිංගපු කුරුමිණියා ඔයා නේද...?
අචලා Tuesday, 26 December 2017 01:06 PM
අපොයි. දැන් තව කවුරු හරි කෙනෙක් රිංගයි ඕවා ගෙන්වන රටට අපනයනය කරන කෑම වලටත්, ඊට පස්සේ ඒවා ඒ රටවලින් තහනම් කරාම, මේ වායු තහනමත් මේ ගමන්ම ඉවත් කරයි ෂේප් එකෙන්.