IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉන්දියාවේ තවත් නගර තුනකට ශ්‍රී ලන්කන් ගමන්

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම තම ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ නගර තුනකට ගුවන් වාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හයිද්‍රාබාද්, විශාකාපට්නම් සහ කොයිම්බතූර් යන නගරවලට ගුවන් ගමන් අරඹන අතර එම නගරත් සමඟ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ඉන්දියාවේ නගර 14ක් සමඟ සෘජු ගුවන් සේවා පවත්වමින් ඉන්දියාවට වැඩියෙන්ම පැමිණෙන විදේශීය ගුවන් සේවාව බවට පත්වී තිබේ. 

විශාකාපට්ටම් කරා ගමන් වාර ජූලි 8 වැනිදා සිටත් හයිද්‍රාබාද් කරා ගමන් ජූලි 12වැනිදා සිටත් කොයිම්බතූර් කරා ගමන් වාර ජූලි 16 වැනිදා සිටත්  ආරම්භ කෙරෙනු ඇත. 

චෙන්නායි, ත්‍රිචි, තිවේන්ද්‍රම්, මුම්බායි, නවදිල්ලිය, ගයා, මදුරායි, වරණාසි, කෝචි, බැංගලෝර් සහ කල්කාටව දක්වා  සතියකට ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් ගමන් 108 ක් ක්‍රියාත්මක වෙයි. 

(055)



අදහස් (21)

ඉන්දියාවේ තවත් නගර තුනකට ශ්‍රී ලන්කන් ගමන්

lalith Friday, 07 July 2017 02:04 PM

රොත්ත පිටින්ම මෙහෙ එයි වගේ. හෝටල් හදලා වැඩක් නැහැ. වැඩි වැඩියෙන් චපාති කඩ අරින්න වෙනවා.

:       124       76

මම1Sunday, 09 July 2017 08:35 AM

ශ්‍රී ලංකන් නොතිබ්බොත් ඒ අය නෑවිත් ඉන්නවද? අද ලංකාවට එන සංචාරකයන්ගෙන් විශාල ප්‍රමාණයක් ඉන්දියානුවන්. අනෙක ඉන්දියාවේ මධ්‍යම පන්තිය ඔවුන්ට වියදම් කල හැකි මුදලෙන් සහ ඔළු ගෙඩි ප්‍රමාණයෙන් ලංකාවේ එම පන්තිය වගේ සිය ගුණයක්. ඔවුනට විසා නොමැතිව ගමන් කල හැකි එක රටක් ලංකාව. ඉන්දියාවේ අයගෙන් සියයට 1ක් අවුරුද්දකට ලංකාවේ සංචාරය කොලොත් ඒක අද ලංකාවට පැමිනෙන සංචාරකයන් ගණන වගේ 10 ගුණයක්.

:       1       102

lalith Monday, 10 July 2017 12:38 PM

ඔය විස නැතුව යන්න පුළුවන් රටවල් වලට සංචාරය කරන්න බලාගෙන ඉන්න. පන්තිය කියන්නේ ඉන්දියාවේ ඉන්න මධ්‍යම සහ පහළ පන්තිය. ඒ පන්තිය මෙහෙ අාවා කියලා වැඩිම වුණොත් එක්කෙනෙක් රුපියල් දහක්වත් ලංකාවට අදායමක් ලැබුණොත් ලොකු දෙයක්. ඔබ කියන සියයට දහයක් වන ඉහළ අදායම් ඇති පන්තියට නිකන් විස අවශ්‍ය නැහැ. ලෝකේ ඕනෑම රටකට යන්න. ඔවුන් වැඩි දෙනෙක් තමන්ගේ අභිමානය සඳහාම නිවාඩු ගතකරන්න යන්නේ යුරෝපයට. අනික යුරෝපියන් මේ රටට එන්නේ රට බැලීමටම නොවෙයි. ඔවුන්ගේ සීත කාලය මගහැරීමටයි. සෑම වසරකම සීත කාලයක් එනවා. ඔවුන්ට තමන්ගේ රටේ තිබෙන සැප පහසුකම් ඇතුව තරමක් ලභදායිව මෙහෙ ඉන්නට පුළුවනි නම්, සෑම සිත කාලයකටම මෙහෙ එනවා. නමුත් අර පින වීසා වලට ලොල් වෙලා අපේ රටට එන ඉන්දියානු පන්තිය අවුරුදු පතා එන්නේ නැහැ. ආවත් යුරෝපියන් වගේ වියදම් කරන්නේ නැහැ. දුර දිග නොබැලුවොත් ලංකාව ඉන්දියානු පුරයක් වීම වළක්වන්නට බැහැ.

:       44       7

lalithMonday, 10 July 2017 02:57 PM

අනිත් භයානකම කාරණේ ඔය පිනා විසා වලට එන පිරිස එරටේ අපිටත් වැඩඅන්ත දුගී පිරිස් වෙන්නට පුළුවනි. ඒ පිරිසෙන් කොටසක් හරි සිංහල ඉගෙනගෙන මෙහෙ නතර වුණොත් ජාන පරික්ෂණයකින්වත් අල්ලලා යවන්න බැහැ. මොකද නොකිව්වට අපිත් ඒ අයගේම කට්ටිය නිසා. එකම වෙනස අපි අවුරුදු දහස් ගණනකට කලින් ආවා.

:       36       2

මම1Monday, 10 July 2017 10:12 PM

ඉන්දියන් කාරයො මෙහෙ ඇවිත් නැවතිල භාෂාව ඉගෙන ගෙන හොයන්න බැරිවෙන්න දැනට ඉඩක් තියෙනවා නම් ඒ ඉඩ ශ්‍රී ලංකන් කෙලින් සම්බන්ධතා නිසා වැඩිවන්නේ කොහොමද? අදටත් ශ්‍රීලංකන් මිල ගණන් වලට වඩා අඩු ගාස්තු යටතේ ක්‍රියාත්මක වන ඉන්දියානු අඩු වියදම් ගුවන් සේවා ලංකාවට එනවනෙ.

:       0       44

sanath Friday, 07 July 2017 03:38 PM

අැයි සවල්, උදලු, එහෙමත් බෙදන්න වෙනවා රේල්පාරවල් අයිනේ ඉන්න මිනිස්සුන්ට. නැතිනම් ලොකු පාරිසරික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා.

:       46       27

සාවිත්‍රි ඩයස් - පැරිසිය Friday, 07 July 2017 07:54 PM

මේ රටේ පාලකයින් හරිම මෝඩ වැඩ කරන්නේ. දැන් බලන්න... මේ රජය ආපුගමන්ම පැරිස් - කොළඹ ශ්‍රී ලන්කන් ගුවන් සේවය නවතා දැමුවා. ප්‍රංශය කියන්නේ ලෝකයේ වැඩිම සංචාරකයින් පැමිණෙන රට... එය වසරකට මිලියන 85 ක් පමණ වෙනවා. එවැනි රටක් හා ගුවන් ගමන් පැවැත්වීමෙන් අපේ රටට අත්වුණ වාසි අපමණයි. නමුත් අපේ අය සිදුකල දෙයින් අපිටවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයටවත් ලැබුණු දෙයක් නැත. නමුත් නැවත වතාවක් පැරිස් - කොළඹ සේවය ඇරඹීමට ප්‍රංශය එකඟවෙයි කියා සිතිය නොහැක. ඒ තමයි ප්‍රංශ ජාතිකයාගේ සදා නොනැසෙන ආඩම්බරය. ඔබට මා වරක් එපානම් මට ඔබව සිය වරක් එපා' යයි කියන්නාක් මෙනි.

:       70       54

KAMALTuesday, 11 July 2017 03:44 AM

ප්‍රංශයට සංචාරකයෝ කොච්චර ගියත් අපිට ලැබෙන වාසියක් නැ සැම ප්‍රංශය ගුවන් ගමනකින්ම ශ්‍රීලන්කන් ලැබුවේ අලාබයක් නොදන්නා අය පොඩ්ඩක් ශ්‍රීලන්කන් වාර්ෂික ගිනුම්වර්තාව කියවල බලන්න එකේ විස්තර තියනවා.එක ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන්

:       8       75

vannigama Friday, 07 July 2017 08:00 PM

මේ ඉන්දියන් කාරයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. ඉන්දියන් ක්‍රිකට් ටීම් එකෙන්ම ඒක පේනවනේ...

:       61       28

samanwaga Saturday, 08 July 2017 02:13 AM

මොන තරම් ගුවන් ගමන් දැම්මත් වැඩක් නැහැ. වැඩියෙන්ම ශ්‍රී ලාංකිකයෝ වන්දනාවේ යන නගරයට කෙලින්ම ගුවන් ගමන් පවත්වාගෙන යන්න යන්නේ ඉන්දියානු ගුවන් සේවයනේ. හොඳම කුට්ටිය එයාලා ගත්තට පස්සේ ඉතුරුවෙන හාල් කෑලි තමයි අපට දීලා තියෙන්නේ...

:       103       75

kamalTuesday, 11 July 2017 03:34 AM

කියන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න ශ්‍රීලන්කන් සැම සතිඅන්තයකම BUDDHAGAYA DIRECT ගුවන්ගමන් ආරම්බ කරනවා ජුලි 22 දින සිට

:       1       52

Rajen Saturday, 08 July 2017 04:22 PM

ප්‍රංශයට යන ගුවන් ගමන් නවත්තල ලංකාවේ ශ්‍රීලන්කන් පාලකයෝ අමු ගොන් හරක්

:       27       6

Ruwi Saturday, 08 July 2017 10:03 PM

මේක යට ගිය ECTA ගිවිසුමට තවත් උඩගෙඩි දීමක් .....

:       35       6

මම1Sunday, 09 July 2017 08:29 AM

ඇයි එට්කා අාවොත් ශ්‍රී ලංකන් නැත්නම් එන අය ඉන්නවා නම් නෑවිත් ඉන්න තිබුණද?

:       2       22

මම1 Sunday, 09 July 2017 08:26 AM

මෙල්බර්න් නගරයට දිනපතා සේවය සමඟ මෙම සම්බන්ධතා වඩාත් හොඳ වෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියානුවන්ට ශ්‍රීලන්කන් භාවිතා කිරීම පහසු වෙනවා. ඉන්දියන් ගුවන් සේවය ගැන එතරම් හොඳක් නොදකින ඔවුන්ට මෙය හොඳ ගමන්මාර්ගයක් වේවි.

:       0       22

saman Sunday, 09 July 2017 10:02 AM

ලලිත්.., මෝඩ වෙන්න එපා. ලංකාවේ ඉන්න බොහොමයක් පත්තරේ කියවනවා.

:       1       1

lalith Monday, 10 July 2017 08:24 PM

දැන් එයාල පත්තර බලන්නේ නැහැ. රනිල් දුන්නු ටැබ්ලට් වලින් හන්දිගානේ තියෙන වයි ෆයි කලාපවල ඉඳන් ඔන්ලයින් නිවුස් බලන්නේ.

:       1       3

ranjan Sunday, 09 July 2017 10:59 AM

ජර්මනියට සහ ඉතාලියට වගේම ප්‍රංශයට ගුවන් ගමන් නතර කිරීමෙන් ලාංකිකයන්ට දැන් මාරුවෙවී ලංකාවට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසාම ලංකාව අැරුණු විට නොනවත්වා ගුවන් ගමන් තියෙන සියගණනක් වූ අනික් රටවල් වලට සංචාරකයන්ගේ ගමන් වැඩිවෙලා තියෙනවා. තායිලන්තයට, මැලේසියාවට කොහේ ගියත් ඉන්දියන් සාගරය. ගුවන් ගමන් කාලයේ වෙනසක් නැහැ.

:       0       6

kumar (galf) Sunday, 09 July 2017 11:55 AM

එයාර්ලංකා වැඩි දුරගමන් යන්නේ නැති එක හොඳයි, කොයි වෙලේ කඩාවැටෙයිද දන්නේ නෑ. දැන් එයාර් ලංකා නඩත්තු ගැන අන්තර්ජාතික තත්ව කමිටුව පරීක්ෂාවෙන් ඉන්නේ...

:       1       39

HEWAWITHARANA Sunday, 09 July 2017 07:26 PM

ඩෙංගු මදිවට ඉන්දියාවේ තිබෙන මාරාන්තික රෝගත් ඉක්මනින්ම ලංකාවට ලෑන්ඩ්

:       68       22

amila singa Sunday, 16 July 2017 11:11 AM

තව රොඩු ටිකක් රටට එකතුවෙන වැඩක් වගේ.

:       24       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 85 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 48 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site