(කටුනායක ටී.කේ.ජී.කපිල )
ඉන්දියානේ අභ්‍යන්තර ගුවන් සේවාවක් වන ‘ඉන්ඩිගෝ“ ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් ලෙසින් අද උදෑසන සිට ගමන්වාර ආරම්භ කළේය. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා දවසකට තුන් වරක් මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වෙයි.
අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙම "ඉන්ඩිගෝ ගුවන් සේවය " ක්‍රියාත්මක වීමට නියමිතය . මෙම ගුවන් සේවයේ ප්‍රථම ගමන්වාරය අද (20) උදෑසන 8.00 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ක්‍රියාත්මක විය. යානයේ නියමුවා ලෙස කපිතාන් අෂීම් මිත්‍රා මහතා කටයුතු කළේය.
මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුනි . නව ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස හේමාස් සමාගම කටයුතු කරයි .
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්ඩිගෝ ගුවන් සේවය කොළඹ ගමන් අරඹයි
indika Saturday, 20 January 2018 06:00 AM
හරිම සතුටු මෙවැනි ගුවන් සේවා ලංකාවට එන එක. මොකද ලංකාව හබ් එකක් කරන්නනම් මගීන් ගෙන්න ගන්න උවමනයි.
Perakum Saturday, 20 January 2018 09:28 AM
ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් සේවා ඉතාමත්ම දුර්වල හා භයානක තත්වයේ තියෙන්නේ. ප්‍රවේසම් වෙන්න.
Don Saturday, 20 January 2018 10:23 AM
ටිකට් එකක් කීයද?
kuma Sunday, 21 January 2018 09:36 AM
අපේ මිහින් ලංකා නවත්තලා සල්ලි පිටරටට දෙන්න.. එ්ක තමයි හොඳ.
waruna Tuesday, 23 January 2018 06:50 AM
කුමාර, ශ්‍රී ලන්කන් එයාර් ලයින් එක හරියට දුවාගන්න බැරුව කොහොමද මිහින් ලංකා නඩත්තු කරන්නේ
vajira Monday, 22 January 2018 03:30 AM
kuma මිහින් ලංකා, ලංකාවට ගේනවා වගේ තුන් ගුණයක් විතර පිටරට ඇරියා හොරකම් සහ නුසුදුසු පාලකයෝ පත් කරපු නිසා !
indika Monday, 22 January 2018 07:12 AM
මගේ කියමනට අකමැති අයවලුන් ඉන්නවා කියල හිතාගන්න මට අමරුයි. මොකද මම කිව්වේ රටට හොදක් වෙන දෙයක්. මේවගේ අකමැති අයවලුත් අපේ රටේ ඉන්නවා
bandara Monday, 22 January 2018 08:42 AM
මගේ දැනුමේ හැටියට ඉන්දියාවේ පවතින ප්‍රධාන ගුවන් සමාගම් අතරින් ලාබ ලබන එකම ගුවන් සමාගම වන්නේ IndiGo ගුවන් සමාගම පමණි සහ එහි සේවාව ඉතාමත් ඉහල මට්ටමක පවතී (සාපේක්ෂව). ලිපියෙහි සදහන් පරිදී මෙය ඉන්දියානු අභ්‍යන්තර ගුවන් සේවාවක් නොවේ. එය ලියුම්කරුගේ බොරුවකි හෝ ඔහුගේ නොදැනුවත්කමද විය හැක. මේ වනවිටත් IndiGo ගුවන් සේවය මැද පෙරදිග ඇතුළු ජාත්‍යන්තර ගුවන් සේවා කීපයක් ක්‍රියාත්මක කරමින් පවතී.
PerakumTuesday, 23 January 2018 04:54 AM
කරුණු පැහැදිලි කිරීම ගැන බණ්ඩාරට ස්තූතියි.
ravi Monday, 22 January 2018 10:56 AM
මෙය ඉන්දියාව තුළ ගමනාන්ත 41 ක් හා වෙනත් රටවලට ගමනාන්ත 7 ක් ක්‍රියාත්මක කරන ගුවන් සමාගමකි.............
Neelaka Monday, 22 January 2018 12:36 PM
මුළු රටේම සම්පත් සහ සේවාවන් වෙන රටවල් වලට විකුණන එක දැන් පුරුද්දට ගිහිල්ලා
indikaTuesday, 23 January 2018 06:13 AM
ඉන්දිගෝ ලංකාවට ආවා කියල සම්පත් විකුණනවා කියන්නේ කොහොමද. මෝඩ කතා කියන්න එපා. හොද දෙයක් හොදා කියල කියන්නේ නැතිව. මොන ලෝකෙද ඉන්නේ ඔබතුමා.
thilina Tuesday, 23 January 2018 05:40 PM
ඉන්දික සමග මම ද එකඟ වෙමි. මේ මගින් යම් පමණකට විදේශ විනිමයක්ද අපට නොලැබෙනවාම නොවේ. පැහැදිලිවම අපි මේ දුප්පත් මානසිකත්වයෙන් මිදී ඉදිරියට යායුතුමය. ආසියාවේ දෙවන විශාලතම අඩු පිරිවැය ගුවන් සේවය වන "ඉන්ඩිගෝ" ගුවන් සමාගම ඇමෙරිකාවේ වෙසෙන අනේවාසික ඉන්දීය ජාතිකයන් දෙදෙනකු වන රාහුල් භාතියා සහ රකේෂ් ග(න්) දෙදෙනා විසින් ආරම්භ කර ඇති මෙම ගුවන් සේවාව දිනපතා ගමන් වාර 679 ගමනාන්තයන් 40 ක් වෙත සිය පියාපත් දිග හරියි. මෙම ගුවන්යානාවල ඇත්තේ පිරිමැසුම් ( ඉකොනොමි ක්ලාස් ) පන්තිය පමණක් වන අතර එහි ගමන් කළ හැක්කේ මගීන් 180 ක් පමණි. මෙම ගුවන් සේවය 2006 මැද භාගයේදී ආරම්භ කර ඇත.