හර්ෂණ තුෂාර සිල්වා
ඊ.ටී.අයි සමාගම පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් කළ හැකි ආයෝජකයකු ඉදිරිපත් නොවූවහොත් එම සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (6) ප්‍රකාශ කළේය.
සිංගප්පූරුවේ සමාගමක් වන ‘බ්ලූ සමිට්’ සහ ශ්‍රී ලංකාවේ සමාගමක් වන ‘බෙන් හෝල්ඩින්ස්’ සමාගම මේ වනවිට ඊ.ටී.අයි සමාගමේ එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක ආයෝජනයක් කර ඇති බව කී මහ බැංකු අධිපතිවරයා එම මුදලින් ඩොලර් මිලියන 43ක් සමාගමට ලැබුණු බව ද පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (6) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු සඳහන් කළේය.
ලැබුණු පළමු වාරික මුදලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 32කින් තැන්පත්කරුවන්ගේ වගකීම්වලින් සියයට 10ක මුදලක් ගෙවූ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය. පළමු වාරිකයේ ඩොලර් මිලියන 11ක් සමාගමේ ගිණුමට ලැබී ඇති බව ද හෙතෙම පැවැසීය.
අදාළ ආයෝජනයේ දෙවැනි වාරිකය ජූනි මස අග ලැබීමට නියමිතව තිබුණත් එම මුදල මෙම මස අගදී ලැබෙන බවත් එම මුදල ලැබුණු පසු තැන්පත්කරුවන්ගේ වගකීම්වලින් සියයට 20ක් ගෙවීමට හැකි බවත් අධිපතිවරයා කීවේය.
ඉහත කී ආයෝජනය තැන්පතු වගකීම්වලින් නිදහස් වීමට සහ වත්කම් විකිණීමට බව කී මහ බැංකු අධිපතිවරයා සමාගම පවත්වාගෙන යෑමට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් අවශ්‍ය බව කීවේය.
එම මුදල නොලැබුණහොත් ශ්‍රී ලංකා මහ බැංකුවට සමාගම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආයෝජනයක් නොලැබුණොත් ඊටීඅයි ගැන තීරණයක් ගන්නවා - මහ බැංකු අධිපති
sanath Sunday, 08 July 2018 06:29 PM
මේකේ ආයෝජනය කරනවා කියන්නේ සියදිවි නසාගන්නවා වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.
d k de silva Monday, 09 July 2018 12:01 AM
මෙම සිද්ධිය සම්බන්දයෙන් රජයේ මැදිහත් වීම හැකි ඉක්කමනින සිදුවිය යුතු අතර , තැම්පත් කරුවන්ගේ මුදල් පොලිය සමග යලි ලබාදීමට රජයේ මැදිහත් වීම අනිවාර්ය වේ. නොඑසේනම් මෙරටේ සමස්ත පෞත්ගලික බැංකු පද්දතියම කඩා වැටීමට මෙය හේතු පාදකයක් විය හැකිය . මොකද රටේ ජනතාවගේ විශ්වාසය බිද වැටී ඔවුන් සියලු පෞද්ගලික මුල්‍ය සාමාගමවල තැම්පත් කරනලද මුදල් ආපසු ගැනීමට පෙලබුනහොත් මේරටේ සමස්ත බැංකු පද්දතියම අනතුරේ ................මෙය එක බැංකුවක් වෙත නොව ......මුළු රටේම ආර්ථිකයට බලපාන ප්රශ්නයකි ...........
Esala Monday, 09 July 2018 09:24 AM
මොලයක් කියලා දෙයක් නැත්නම් ආයෝජකයින් එයි.. මේ බාගෙට ගිලිලා තියන නැවට නගින්න. ඉතුරු ටිකත් ගිලෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.
imesh Thursday, 12 July 2018 04:20 AM
මේකට අත දැම්මේ නැත්තන් මේක අගේට දුවනවා. වෙලාවට සල්ලි ගෙව්වා කිසිම කරදරයක් නැතුව.