IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අස්වැන්න සරු වුණත් නවගත්තේගම පැණි දොඩම් වලට මිලක් නෑ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම පැණි දොඩම් අස්වැන්න මෙවර සරුවී තිබුණද ඒ සඳහා සාධාරණ මිලක් නොමැති බව දොඩම් වගාවේ නිරත නවගත්තේගම කාන්තාවන් පිරිසක් මැසිවිලි නගති.

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම පැණි දොඩම් වගාකරුවන් පිරිසක්  සිටින ප්‍රදේශයක් ලෙස නවගත්තේගම මහ අන්දරවැව ප්‍රසිද්ධියක් උසුලයි.

මෙම ප්‍රදේශයේ ගම්මාන කිපයක් කේන්ද්‍ර කර ගනිමින් අක්කර 100 කට ආසන්න බිම් ප්‍රමාණයක දොඩම් වගාකරන බව වගාවේ නිරත කාන්තාවන් කියති.

නවගත්තේගම දොඩම් අස්වැන්න බහුලව පවතින මේ සමයේ මිල නොසිතු අයුරින් පහත වැටීමෙන්  තම අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බව මෙම කාන්තාවන් පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ නවගත්තේගම මහ අන්දර වැව පදිංචි ප්‍රියංකා අධිකාරි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

      “නවගත්තේගම පැණි දොඩම් වගාව පවත්වාගෙන යන්නේ කාන්තාවන්. මොකද නිවෙස් වල රැඳිලා කරන්න පුළුවන් මේ පරිසරයට ගැලපෙන වගාවක් නිසා. අනික් කරුණ තමා මේ පළාතේ වල් අලින්ගෙන් සිදුවන හානි මේ දොඩම් වගාවන්ට එල්ල වීමක් සිදු වන්නේ නැති නිසාත් කාන්තාවන් වැඩි පිරිසක් තමන්ට තිබෙන බිම් කොටසේ දොඩම් වගා කරන්න පුරුදු වෙලා සිටිනවා‘‘ යැයි ඇය පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ  එච්.එම්.නිලුකා කුමාරි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

   “ අපේ දොඩම් ගස් කිසිම නියගයකට මැරි නොයන ආකාරයට අපි සකස් කරලා තමයි වගා කරන්නේ. ඒ දිවුල් ඇට පැල කරලා වසර දෙකකින් විතර දිවුල් ගහ කපලා එයට දොඩම් බද්ද කරනවා.මෙහි විශේෂත්වය තමා දොඩම් ගස් විශාල නොවි පදුරු ගස්සවා ගෙන හොඳ අස්වැන්නක් ලබා ගන්න.

ඇත්තමට අපේ දොඩම් රසයි. හොඳ ඉල්ලුමක් තිබුණත් නිසි මිලක් නැති කම තමයි ගැටළුව. දොඩම් හැදිගෙන එද්දි පළමු මුරයේ ගෙඩි රුපියල් 20 ත් 15 අතර මිලකට යනවා, ඉන් පස්සේ රුපියල් 5, 10 ටවත් ලබාදෙන්න බැහැ පස්සේ මිල නැතුව අපි අසරණ වෙනවා‘‘ යැයි ඇය පැවසුවාය.

 

 



අදහස් (21)

අස්වැන්න සරු වුණත් නවගත්තේගම පැණි දොඩම් වලට මිලක් නෑ

Raveendra Thursday, 05 September 2019 02:06 AM

හරිම කණගාටුයි, ඔබලාගේ වෙහෙස මහන්සියට නිසි ඇගයීමක් මෙන්ම අස්වැන්නට නිසි මිලක් ලබාගැනීමට නොහැකිවීම. ඇත්තටම "මහජන නියෝජිතයන් යයි කියාගන්නා බූරුවන්ට "මෙම අහිංසක පුරවැසියන්ගේ අපහසුතාවයන් නොතේරීම හෝ හිතාමතාම මගහැරීම අවාසනාවකි. බලයට පැමිණෙන රජයන් කළයුත්තේ දේශීය ගොවියන් ආරක්ෂා කරමින් එම ගොවියන් තව තවත් දිරිගන්වීමක්ය. නමුත් සිදුවන්නේ කිසිඳු රජයක් එම " වැදගත් මිනිසුන්ගේ වටිනාකම" අමතක කර තමන්ගේ බඩවියත වෙනුවෙන් කොමිස් මුදල් දෙස කට ඇරගෙන විදේශයන්වලින් අදාළ දේවල් ගෙනඒමය. කෘෂි නිෂ්පාදන වලට අදාළ "ඇමතියාට හෝ නියෝජ්‍ය ඇමතියාට " හෝ එයට අදාළ අංශවල පුටු රත්කරමින් වහසිබස් දොඩවමින් මහජන මුදල් කාබාසිනියා කරන නිලධාරීන්ට අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!

:       214       537

chitra Thursday, 05 September 2019 02:08 AM

පිටරට වලට යවන ක්‍රියා මාර්ගයක් ඇති කරන්න. මම දන්නා තරමින් කොළ පාට දොඩම් හැදෙන්නේ ලංකාවේ. මේ බව දන්නා අපේ අය මුදල ගැන හිතන්නේ නැහැ..

:       0       13

දිලුම් Thursday, 05 September 2019 03:39 AM

මේ රටේ කෘෂිකාර්මික අංශයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන හා ක්ෂේත්‍රෙය් වැඩකරන නිලධාරින් කියා ගන්නා හෝතබුවන් නිදිද. මේ පළාත්වල තිබෙන වස විස නැති මෙවැනි දේශීය පළතුරු හැමදාම වස බුදිමින් සිටින කෝළඹ වැනි ප්‍රෙද්ශවල ජීවත්වන මිනිසුන්ට දකින්නටවත් නෑ. උන්ට කන්න තියෙන්නේ වෙනරටවලින් බෙහෙත් නාවා මෙරටට ගෙන්වන කහ දොඩම්. ඇයි අපේ රටේ ඉන්න මේ නිලධාරි අපතයන්ට මේවා නිසි මිලත් යටතේ රට පුරා බෙදා හැරීමේ ක්‍රමවේදයක් හදන්න. කොමිස් කකා රටම ලෙඩ ඇදට ඇද දමමින් ඉන්නේ නැතුව. ගොඩක් ප්‍රෙද්ශවල නිකම් කකා ඉන්න මිනිසුන්ට වඩා මේ ගැහැනුන් මොන තරම් ධෛර්යවන්තද. ඇයි අපේ උන්ට මේ මිනිස්සුන්ගේ දහඩියට නිසි මිලක් ගෙවන්න වැඩපිලිවෙලක් හදන්න් බැරි.

:       147       797

vernonThursday, 05 September 2019 08:40 AM

දැන් රජයට දොඩම් මිලට අරගෙන පාරිභෝගිකයට විකුණන්න කියලද කියන්නේ? ඒක රජයකට දීර්ඝ කාලීනව කරන්න බෑ. එහෙම වුනොත් සංචාරකයින්ගෙන් කෑම ඉල්ලන අලි ගානට ගොවියො යනවා. අනෙක් අතට රජයේ නීති රීති රෙගුලාසි එක්ක දොඩම් මිලට ගන්නයි, ඒවා ගබඩා කරන්නයි, ලාභයක් තියාගෙන විකුණන්නයි බෑ දොඩම් කුණු වෙන්න කලින්. මේ වගේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට ඉදිරි මිල ගිවිසුම් ක්‍රමයක් ඉස්සර යෝජනා වුනා ලූනු ගොවීන්ට. ඒත් ගොවියොම ඒක කඩාකප්පල් කරා.

:       3       105

janahitha Sunday, 15 September 2019 04:13 AM

පළමුවෙන්ම වාහන ගෙන්නන්න ඕනෑ ඩියුටි ෆ්‍රී ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට තියෙන ගොඩනැගිල්ලට මසකට ලක්ෂ 21ක් මදි.. ඒක 42 කරන්න ඕනෑ. දොඩම් ගබඩා කරන්න.. වර්නෝ මහත්තයට තමයි මේක තේරෙන්නේ...

:       0       0

RaveendraThursday, 05 September 2019 10:41 AM

දිලුම් මයා වෙත, ඔබගේ වටිනා අදහස් අප 100% නිවැරදිය.කෘෂිකර්මාන්තය රටක වැදගත්ම අංශයක් උවත් අප රටේ නම් ඉතාම පහත තත්වයක සැලකිල්ලක් ලබාදිතින්නේ. එය හිතාමතා නිවට දේශපාලුවන් මෙන් නිලදාරීන් ි කියන පින්ගුත්තරයන් කර ඇත්තේ යයි අපගේ හැගීමයි. ඔබ සදහන් කල පරිදි මෙම කාන්තාවන් පිරිමින්ටත් හොද ආදර්ශයක්.මෙයා අදාල ඇමතියාට හා අදාළ නිලදාරීන් යයි කියන සීත කාමරවල ඉදගෙන සියලු සැප විදින උගත් යයි කියන නුගතුන්ට ඔබගේ අදහස් කියවීමට හැකි වේවා !!!!මේ අපේ අහිංසක පුරවැසියන්ට ඔවුනගේ බලාපොරොත්තු ඉටුවේවා !!

:       0       2

PerakumFriday, 06 September 2019 06:51 AM

දිලුම් - මේ රටේ කෘෂිකර්ම සංවර්ධනයට අයවැයෙන් වෙන්කරන අතිමහත් වූ අපේ බදු මුදල් සම්භාරය ගිලදමන බහිරවයන් රැලක් ඉන්න ආයතන කීයක් නම් ඇත්ද? ඒ එක බහිරවයෙකුටවත් ගොවියාගේ දුක නොපෙනීම අපේම අවාසනාව මිස වෙන මොකක්ද?

:       0       148

himal Thursday, 05 September 2019 06:12 AM

ඔය දොඩම් ටික කට්ටිය එකතු වෙලා නගරයේ පාසැලක්, රෝහලක් ගාවට අරගෙන ආවා නම් හොඳ මිලකට විකුණ ගන්න තිබ්බා. එහෙම නැතුව අතරමැදියටම විකුණනවා නම් ගමේම අය එකඟ වෙන්න ඕන මෙන්න මේකයි මිල, මේකට අඩුවෙන් දෙන්නේ නෑ කියලා. සැපයුම වැඩි වෙනකොට සැපයුම්කරුවන් එකඟතාවකට ආවේ නැත්නම් මිල පහළ යනවා.

:       1       97

SL Thursday, 05 September 2019 09:00 AM

කට්ටියම එකතු වෙලා ,බස් එක්ක පටවන් කොළඹට(නගරෙට) අරන් එන්න , මෙහෙ දොඩන් බීම එකක් 150-200-250 ගණන් වලට යන්නේ

:       0       17

Perakum Thursday, 05 September 2019 11:09 AM

කෘෂිකර්ම සංවර්ධනයට රාජ්‍ය ආයතන කීයක්නම් ඇත්ද? ඒ අය කරන්නේ රට සවාරි යන එකයි, තම තමන්ගේ සුඛ විහරණය සංවර්ධනය කරගන්න එකයි පමණයි. ගොවියා ඉන්නවද නැද්ද කියලවත් බලන්නේ නෑ.

:       0       15

rw Monday, 09 September 2019 01:14 PM

ඉඟුරු හා ඇඹුල් දොඩම්වලින් අගනා ජෑම් සෑදිය හැකිය.

:       0       76

ali raja Wednesday, 18 September 2019 10:38 AM

ඇයි අලි බෙටි වලිනුත් ජෑම් හදන්න පුළුවන් කියලා කියලා තිබුණා නොවැ.. ගස් අතු, කොළවලින් පෝෂණය වූ නිසා කිසිම අගුණයක් නැහැලු.. උත්සාහ කරලා බලන්න කවදාවත් ඇස් කණ්ණාඩි දාන්න ඕනෑ වෙන්නෙත් නැහැලු එහෙමකට ගඳකුත් නැහැලු...

:       0       0

Kumar Monday, 09 September 2019 05:00 PM

ලංකාවේ දොඩම් එතරම් පැනිරසයි කියල සිතන්න අපහසුයි. දොඩම් පැණිරස වෙන්න සිතල දේශගුණය අවශ්‍යලු. මම ඉන්න කැලිෆෝනියාවේ වේ දොඩම් අක්කර දහස් ගණනක් වවනවා. එම දොඩම් ගැට කාලෙ කොළ පාටත් පසුව තැබිලි පාටත් වෙනවා. පාට වෙනස් වෙන කාලෙට තද සිතල නොලැබුනොත් දොඩම් පැණිරස නොවෙන වග ගොවියෝ පවසනවා.

:       21       0

Kalanak Goonawarna Wednesday, 11 September 2019 02:43 AM

ශ්‍රී ලංකාවේ විවිධ වර්ගයේ දොඩම් තිබෙනවා .සමහර ඒවා ඇඹුල්. සමහර ඒවා පැණි රසයි. කාලයකට පෙර වවුල්පනේ පැණි දොඩම් වලට ප්‍රසිද් වුණා. නමුත් මම අවසාන වාරයේ එහෙ යන විට දොඩම් වගා කරලා තිබුනේ නෑ.

:       0       1

KumarThursday, 12 September 2019 04:50 PM

ලංකාවේ අපේ ගෙවත්තේ දොඩම් වර්ග කිහිපයක් තිබුණා. කොළඹ තුරඟ තරග පිටියේ තිබුණා පැල අලෙවි සැලෙන් ලබාගත් මද පෙරදිග වවන දොඩම් වර්ගයකුත් වවා තිබුණා. ගස හැදුණාට ඵලදාවක් ලැබුනේ නැහැ. අපි දැන් ඉන්න ප්‍රාන්තේ වවන්නේ "නාවෙල්" දොඩම්. ෆ්ලොරිඩාවේ වවන්නේ යුෂ ගන්න වැලෙන්සියා වර්ගයේ දොඩම්. කොලපාට දොඩම් වවන්නෙ ඉතා සුළු වශයෙන්.

:       0       0

janahitha Sunday, 15 September 2019 03:54 AM

වවන මිනිස්සුන්ගේ හැටියට තමයි ඵලදාව...

:       0       0

Kola Duminda Sunday, 15 September 2019 03:53 AM

කෘෂි කර්මාන්තය නැංවීමට අපි මසකට ලක්ෂ 21ක් ගෙවා නව කාර්යාලයක් විවෘත කළා. මේ රටේ මාස ගණනක් වහලා තිබුණු මිනිස්සු දොඩම් ගෙඩි ඉක්මණින් වවන්නේ නැති නිසා ජනතාව උනන්දු මදි.. බොහොම හිමින් තමයි ගෙඩි වවන්නේ...

:       0       0

janahitha Sunday, 15 September 2019 04:09 AM

අපි අත දෙනවා යු.ඒ.ඊ. වල ලංකාවේ ගස්ලබු, මඤ්ඤොක්කාවලට ඉල්ලුමක් තියෙනවා. එක්ස්පෝර්ට් ඩිවෙලොප්මන්ට් කියලා එකකුත් ලංකාවේ තියෙනවා. ඔය කැබිනට් ඇමතිවරුන් එකිනෙකට මඩ ගහගන්නවා ඇරෙන්න කරන මගුලක් නැහැ. වාහන ගෙන්නන්න ඩියුටි ෆ්‍රී... ඔන්න ඕවාතමයි අවශ්‍යතා...

:       0       107

appuva Sunday, 15 September 2019 08:53 AM

අම්මපා.., මේ ගැහැණු ළමයින්ට තොප්පියක්වත් ආණ්ඩුව ගානේ අරගෙන දෙන්න බැරිද? අව්වේ වේලෙනවා..

:       0       83

sam Monday, 16 September 2019 11:11 AM

පැණි දොඩම් කියලා ඇඹුල් දොඩම් අරන් යන අය ගැනත් හිතන්න ඕනේ ... රැවටිල්ල නැත්නම් හොද මිලක් අනිවාර්යයි.

:       0       0

KumarWednesday, 18 September 2019 02:30 AM

1980 විතර අපට පිටකොටුවේ බස් නැවතුම් පොලේදී දොඩම් ගැට විකුණලා තිබුණා. අපි නිවෙසට ගොස් කපා රසවිදින්න බැලුවිට ඒවා දොඩම් ගැට බව පෙනුණා. මෙවැනි දේ නිසා ලංකාවේ පොළකින් පලතුරු ගන්නවා මිස පිටකොටුවෙන් කිසිම පළතුරක් ගන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 93 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 67 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site