IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අලෙවි කළ නොහැකි වු මඤ්ඤොක්කා මිලට ගන්නැයි හදබිම අධිකාරියට උපදෙස්


 
(නිමල කොඩිතුවක්කු)
   
අලෙවි කර ගැනීමට නොහැකිව සිටින කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගොවීන් සතු මඤ්ඤොක්කා කිලෝ ග‍්‍රෑම් ලක්ෂයක තොගයක් වහාම මිලදී ගන්නා ලෙස කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.


අතරමැදියන් විසින් ගොවි නිෂ්පාදන කුණු කොල්ලයට මිලදී ගැනිම වැළැක්විම සඳහා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


එම මඤ්ඤොක්කා තෙගය සහන මිලක් යටතේ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ශ‍්‍රි ලංකා හදබිම අධිකාරිය වෙත උපදෙස් දෙනු ලැබීය. 
 



අදහස් (7)

අලෙවි කළ නොහැකි වු මඤ්ඤොක්කා මිලට ගන්නැයි හදබිම අධිකාරියට උපදෙස්

Bamunuarachchi Friday, 15 June 2018 12:06 AM

ගොවියාත් රජයත් කිසිම සැලැස්මක් නැතිව කටයුතු කරන බවයි පෙනෙන්නේ. අතරමැදියා වෙළඳාමේ අනුගත වුනු චරිතයක්. එම චරිතය නොමැතිව විශේෂයෙන් කුඩා පරිමානයේ ගොවි නිෂ්පාදන අලෙවි කරගත නොහැක. එසේම අතරමැදියාට නිෂ්පාදනවල ඉල්ලුම පිළිබඳව ගොවියාට වඩා දැනුමක් ඇත. ගොවියන්ට එකිනෙකා අතර සම්බන්දය එතරම්ම නැති උනත් අතරමැදියාට ගොවියා සහ වෙළෙන්දා සමග සම්බන්ද කම් ඇත. එමනිසා අතරමැදියා ගේ චරිතයට රජයට ආදේශ වන්නට බැරිය. රජය මේ මඤ්ඤොක්කා ගොවියාගෙන් මිලට ගෙන ගොවියා සනසනවා හැරෙන්නට වෙනකල හැකි දෙයක් නොමැත. පාඩුව රටේ ජනතාවටය. ඒ මේ මඤ්ඤොක්කා මිලට ගන්නේ ජනතාවගේ මුදලින් නිසාය.

:       23       3

De SilvaFriday, 15 June 2018 12:07 PM

බමුණුආරච්චි නොදන්න දෙයක් නැහැ. ඔයත් අතරමැදියෙක්ද?

:       1       8

BamunuarachchiSaturday, 16 June 2018 06:13 PM

නෑ මහත්මයෝ මම කීවේ මම ඇස්දෙකට දුටුදේය. මම මාවනැල්ලේ රාජකාරී කරන කාලයේ නිවෙස අසල තිබුණු කුඩා කඩයක සිටි පුද්ගලයා තම අත්ට්‍රක්ටරයෙන් ගම පුරාම ගොස් කරාබුනැටි ගම්බිරිස් සාදික්ක වැනිදේ දිනකට කිලෝ කීපයක් එකතුකරගෙන එන්නේය. සුමාන දෙකක් යනවිට ගෝනි දෙකතුනක් පිරෙන්න මොහු කුළුබඩු එකතුකර ගෙනය. නියමිත් වෙලාවට තොග වෙළෙන්දා මොහුගේ කඩයට පැමිණ තොග පිටින් කුළුබඩු රැගෙන යන්නේය. ගස් කීපයකින් ලැබෙන කරාබුනැටි වලින් ගොවියාට මොන පිහිටක්ද? පිහිට අත්රමදියාමය. ආර්ථික විද්‍යාවේ අතරමදියාට විශේෂ තැනක් හිමිවේ. නමුත් මේ මොට්ට ඇමතියන් අත්රමැදියා ඉවත් කිරීමට කතා කිරීම විහිළුවකි

:       0       0

BamunuarachchiSunday, 17 June 2018 09:56 AM

ඩී. සිල්වා මහතා රටේ මිනීමැරුම් ගැන කතා කරන්න මම මිනීමරුවෙක් වෙන්න ඕනෙද?

:       0       1

Sathya Monday, 18 June 2018 09:23 AM

අතරමැදියා ඉවත් කිරීම 100%ක් සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් රජයේ හෝ වෙනත් නියාමනය කළහැකි අංශයක් ඉදිරිපත් නොවුනොත් වෙළඳපොල පාලනයක් නැතිව යනවා. බොහොමයක් ග්‍රාමීය හා අර්ධ නාගරික වෙළඳ පොළවල උදේට ගියොත් දැකගන්න පුළුවන් අතරමැදියා කොහොමද වෙළඳපොල මිල ගැන දැනුමක් නැති මිනිස්සුන්ගේ ඵලදාව ගසා කන්නේ කියලා. රුපියල් 500ක් වටිනා ගොටුකොළ මිටි අරන් ගියොත් 200ක් විතර දීලා රවට්ටලා මගදීම ගන්නවා. දවල් වුනාම අනිත් පැත්තෙන් වෙළෙන්ඳන්ට යවනවා. වගා කටයුතු කිරීමේදී මොනවද වගා කරන්න ඕනෑ.. වෙළඳපල තත්වය ගැන මාර්ගෝපදේශනයක් ගොවීන්ට දෙන්න පුලුවන් නම් එ්කත් හොඳයි...

:       0       18

BamunuarachchiTuesday, 19 June 2018 05:29 AM

වෙළඳ ලෝකය ගැන ඔබ හිතන්නේ පාරිභෝගිකයෙක් හැටියට. ඊට වඩා පුළුල් විදිහට වෙළඳ ලෝකය දෙහා බලන්න. ඔබ කොපමණ කීවත් රජයට හෝ වෙළඳ ලෝකය නියාමනය කළහැකි අංශයක් ඇතිවෙන්නේ නැත. රජය කිරිපිට පාලනය කලාද? බස්ගාස්තු, ගෑස්, සහල් මිල පාලනය කලාද? ගොවියාද සහල් මහජනතාවට සහල් විකුණනේ? අතර මැදියා. මහා තර්ක වුවමනා නැත. ඔබ ඉන්නේ නුවර නම් කොළඹ තිබෙන භාණ්ඩයක් ගෙන්වා ගැනීමට තව කෙනෙකු යෙදෙව්වොත් ඔහු ඔබට භාණ්ඩය ගෙනත් දෙන්නේ ගමනේ සියලු වියදම් අල්ලාගෙන මහන්සියත් අල්ලාගෙනය. අන්න අතර මැදියා.

:       0       0

pathirana Tuesday, 19 June 2018 10:49 AM

මම දන්නා වෙළදාමක් නැහැ නමුත් සව්දියේ තියෙනවා ඉන්දියාවෙන් ගෙන්නන මඤ්ඤොක්කා කිලෝ එකක් රියාල් 7.50 විතර වෙනවා ඒ කියන්නේ ලංකාවේ මුදලින් රු 300 ක් විතර වෙනා මට හිතින්නේ කවුරු හරි මඤ්ඤොක්කා පිටරට පටවාන්න පුළුවන් නම් හොඳ මුදලක් හොයා ගන්න පුළුවන් වෙයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 87 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 50 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site